ශ්‍රී ලංකාවේ වැවෙන
බොහෝ පලතුරුවලට ආවේණික උසස් රසයක්,සුවදක් සහ වර්ණයක් පවතී. නමුත් නිසි අවස්ථාවේදී
පලතුරුවල අස්වනු නෙලා නොගැනීමත් අස්වනු නෙලීමෙන් පසු දක්වන නොසැලකිල්ලත් නිසා මෙම ආවේණික උසස් රස,සුවද සහ වර්ණය පාරිභෝගිකයාට දැන
ගැනීමට නොලැබේ.
පලතුරු ප්‍රධාන වශයෙන්
ක්ලයිමැක්ටෙරික් (climacteric) ඛාණ්ඩය සහ ක්ලයිමැක්ටෙරික් නොවන (non-climacteric) ඛාණ්ඩය ලෙස වර්ග
දෙකකට බෙදා වෙන් කළ හැකිය. එම ඛාණ්ඩ දෙක
අතර වෙනස්කම් පහත සදහන් පරිදි වේ.
ක්ලයිමැක්ටෙරික් ඛාණ්ඩය
|
ක්ලයිමැක්ටෙරික් නොවන ඛාණ්ඩය
|
කැඩූ පලතුරුවල ස්වසන වේගය ඉහළ යයි.
|
ස්වසන වේගය දිගටම අඩු වේ.
|
එතිලින් වායුව වැඩි වශයෙන් නිපදවයි.
|
එතිලින් වායුව අල්ප වශයෙන් නිපදවයි.
|
එතිලින් වායුව කෘතිමව සැපයීමෙන් එතිලින්
නිෂ්පාදනය වැඩි වී ඉදීම උත්තේඡනය වේ.
|
එතිලින් වායුව කෘතිමව සැපයීමෙන් එතිලින්
නිෂ්පාදනය වැඩි කල නොහැක.
|
නෙලීමෙන් පසුවද ඉදීම සිදු වේ.
|
නෙලීමෙන් පසුවද ඉදීම සිදු නෙවේ.
|
ඒ අනුව
ක්ලයිමැක්ටෙරික් නොවන ඛාණ්ඩයේ පලතුරු
අස්වැන්න නෙලීම කළ යුත්තේ ගසේදීම උපරිම තත්ත්වයට මේරු පසුවයි. නමුත් සෑම පලතුරක්ම
උචිත අවස්ථාවට මේරු පසු අස්වනු නෙලීම
වැදගත් වේ.
ක්ලයිමැක්ටෙරික් ඛාණ්ඩයේ පලතුරු
|
ක්ලයිමැක්ටෙරික් නොවන ඛාණ්ඩයේ පලතුරු
|
කෙසෙල්, අඹ,අලිපේර,
දූරියන්,අනෝදා,කොස්,පැපොල්
|
අන්නාසි,රඹුටන්,මැංගුස්ටීන්,දොඩම්,නාරං,දෙහි,ලෙමන්,පේර,උගුරැස්ස,මිදි
|
මේ අනුව
ක්ලයිමැක්ටෙරික් නොවන ඛාණ්ඩයේ පලතුරුවල
නොමේරු අවස්ථාවේදී අස්වනු නෙලීම නිසා ගුණාත්මය දුර්වල මට්ටමක පවතී. කෙසේ වෙතත් පලතුරුවල
නියම රසය, සුවද, පැහැය ලබා ගැනීම සදහා සුදුසු තත්ත්වයට ගසේදිම මේරීම සිදු විය
යුතුයි.
පලතුරු අස්වනු නෙලූ
පසුද ඡීවී තත්වයේ පවතින බැවින්ස්වසනය සදහා අවශ්‍ය ඔක්සිඡන් වායුව නොඅඩුව සැපයීමත්
කාබන්ඩයොක්සයිඩ් වායුව ඉහළ යාමට නොදී ඉවත් කිරීමත් සිදු විය යුතුය.එසේ නොවුනහොත්
නිර්වායු ස්වසනය සිදුවීමෙන් පලතුරෙහි රසයට අහිතකර බලපෑමක් සිදුවිය හැකි අතර ස්වසන
වේගය ඉහල යෑමෙන් පලතුරෙහි ගබඩාකර තිබු ආහාර ප්‍රමණය අඩු විමක්ද සිදු වේ.
එමෙන්ම පලතුරු නෙලූ
පසු ජලය අධික ලෙස ඉවත්වුවහොත් පලතුරේ මතුපිට පෘෂ්ඨයෙහි රැලි වැටිමක් සිදුවේ. රසයද
අඩුවේ. ක්ලයිමැක්ටෙරික් ඛාණ්ඩයේ පලතුරු නෙලූ පසු ඉදීම සිදුවී පසුව පරිහාණිය කරා
පත් වේ. ක්ලයිමැක්ටෙරික් නොවන ඛාණ්ඩයේ
පලතුරු කැඩූ අවස්ථාවේ සිට පරිහාණියට පත්වීම සිදුවේ.
සැකසුම: විද්‍යා හා
තාක්ෂණ නිලධාරි - මාතලේ
0 comments:
Post a Comment