December 31, 2014

අජිනොමොටො..


අජි නෝ මොටෝ නම් රසකාරකය මේ වන විට දරුණු ස්නායු රෝග වන ඇල්මයිසර් (Alzheimer’s) හා පාකින්සන් (Parkinson’s) වැනි රෝගවලට හේතු වන බව ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය Russell Blaylock  විසින් පහදා දී ඇත.
ඊට අමතරව සායනික වාර්තා මගින් සහ මීයන් ආශ‍්‍රිතව කරනු ලැබූ පර්යේෂණ මගින් ඔප්පු වී ඇත්තේ අජි නෝ මොටෝ හෙවත් මොනෝ සෝඩියම් ග්ලූටමේට්(MSG) දිගු කලක් භාවිතය මගින් අධික තරබාරුව මෙන්ම දියවැඩියා රෝගී තත්ත්වයන්ද ඇති කරවන බවයි.
වසර දහස් ගණනක් තිස්සේ ශ‍්‍රී ලාංකිකයන් වන අපි භාවිතා කළ තුන පහ, රම්පෙ, කරපිංචා ඇතුළු ශාකමය රසකාරක සමග අජි නෝ මොටෝ භාවිතය ඉහළ ගොස් ඇත්තේ වාර්ෂික ඒක පුද්ගල අජි නෝ මොටෝ පරිභෝජනය ග‍්‍රෑම් 110ක් තරම් විශාල ප‍්‍රමාණයකට ළගා වෙමිනි.
මෙහි ඇති අනෙක් භයානක කාරණය වන්නේ  ඕනෑම සැකසූ ආහාරයක් කල් තබා ගත හැකි උපරිම කාල සීමාව සාමාන්‍යයෙන් එක් වර්ෂයකට පමණක් සීමා වෙද්දී අජි නෝ මොටෝ කල්තබා ගත හැකි කාල සීමාව වසර 10ක් වැනි දිගු කාල පරාසයක් පුරා පැවතීමයි.
මිනිසා නැසීමට භාවිතා කරන බෝම්බ, වෙඩි උණ්ඩ වැනි දේ පවා වසර 10ක කාලයක් කල්තබා ගැනීමට අසීරුය. එසේම අජි නෝ මොටෝ ලංකාවට රැගෙන ඒමට භාවිතා කළ කන්ටේනරයද, ග‍්‍රෑම් 18ක බරකින් අජි නෝ මොටෝ අසුරා ඇති පොලිතීන් කවරයද වසර 2ක තුනකින් දිරාපත් වෙද්දී අජි නෝ මොටෝ වසර 10ක් කල් පවතිනවා යැයි නිෂ්පාදකයන් පැවසීම හාස්‍යයට කරුණක් නොවේද?
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
සැකසුම:- විද්‍යා හා තාක්ෂණ නිළධාරි - මාවනැල්ල

0 comments:

Post a Comment