December 26, 2014

මිල අධික සූර්ය පැනල වෙනුවට වහලය මත ආලේප කරන තීන්ත මඟින් විදුලිය



ආකර්ෂණීය වර්ණයකින් හෙබි තීන්ත ආලේපිත වහලයක් මඟින් ඔබේ නිවසේ,කාර්යාලයේ විදුලි අවශ්‍යතාවය පිරිමැසේ නම් එය කෙතරම් අගනේද ?   
මෙම  විප්ලවීය සොයාගැනීම, ඉදිරි වසර 2-5 තුලදී  වෙළඳ පොළ අතික්‍රමණය කරනු ඇතැයි,  ඒ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Notre Dame සරසවියේ රසායනික අංශයේ මහාචාර්ය ප්‍ර%ශාන්ත් කමත් ඇතුඵ පර්යේෂකයින් කණ්ඩායම පවසයි. එසේම මෙය අනාගත බලශක්ති අර්බුදය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරාවි යන්න පර්යේෂකයින්ගේ අදහසයි.                                                                                   "Sun -Believable" ලෙස නම් කල මෙම වි‍ශේෂිත තීන්ත වර්ගයේ ආශ්චර්යවත් කාර්යය ඉටුකරනු ලබන්නේ “ක්වොන්ටම් ඩොට්” නමින් හඳුන්වන අර්ධ සන්නායක නිනිති අංශු මඟිනි.නැනෝ මීටර් 2-10ක් අතර වූ කුඩා අංශු ලෙස පවතින මේ විශේෂිත සංයෝගය, කැඩ්මියම් සෙලනයිඩ්(CdSe) හෝ කැඩ්මියම් සල්ෆයිඩ්(CdS) අාලේපිත(Coated) ටයිටේනියම් ඩයොක්සයිඩ්(TiO2) මඟින් සැකසී ඇත. තවද ජලය සහ ඇල්කොහොල්  මිශ්‍රණයද මෙම % තීන්ත/ආලේපය නිෂ්පාදනයට යොදාගනී. "ක්වොන්ටම් ඩොට්"හි කාර්යක්ෂමතාවය රඳාපවතින්නේ එය විසින් එක් ආලෝක ශක්ති ෆෝටෝනයකට/පොදියකට අදාලව නිකුත්කරන ඉලෙක්ටෝන සංඛ්‍යාව මතය.සාමාන්‍ය සූර්ය කෝෂයක් මත එක් ශක්ති ෆෝටෝනයක් /පොදියක්  පතිත වන විට නිකුත් වන්නේ එක් ඉලෙක්ටෝනයක් පමණක් වන මුත්,  "ක්වොන්ටම් ඩොට්" නිනිති අංශු මඟින් එක් ශක්ති ෆෝටෝනයකට අදාලව, ඉලෙක්ටෝන 2ක්  හෝ කිහිපයක් නිකුත් කරයි.
මෙම සුවිශේෂ  තීන්ත වර්ගයට තවමත් හැකියාව ඇත්තේ එය මත පතිත වන සූර්ය ශක්තියෙන් 1-2% ක් වැනි සුඵ ප්‍ර%මාණයක් විදුලිය බවට පරිවර්තනය කිරීමට බැවින් මේ විප්ලවීය සොයාගැනීම තවදුරටත් වර්ධනය කල යුතු, වර්ධනය කල හැකි  බවට විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.මෙම තීන්ත ආලේප කිරීම සඳහා විශේෂිත උපකරණ අවශ්‍ය නොවීමත්, සාමාන්‍ය තීන්ත බුරුසුවකින්/රෙදි කැබැල්ලකින් එය කල හැකිවීමත්, සුවිශේෂී  කරුණකි.මෙය ඕනෑම සන්නායක පෘෂ්ඨයක් මත ආලේපකර මිනිත්තු
කිහිපයකට පසුව සූර්ය පැනලයක් මෙන් විදුලිය නිකුත් කිරීමට පටන් ගනියි.

මිල අධික සූර්ය පැනල,අවලස්සන විදුලි රැහැන් පද්ධති, වෙනුවට ආකර්ෂණීය වර්ණයකින් හෙබි තීන්ත ආලේපිත වහලයක් මඟින්,  නිවසේ/කාර්යාලයේ  දෛනික විදුලි අවශ්‍යතාව සපුරනු ලබන දිනය පිළිබදව අප සුබ සිහින දකිමු.                                                                              


 උපුටා ගැනීම :- 

http://news.discovery.com/tech/alternative-power-sources/paint-your-house-get-solar-power-111223.htm <!--[if gte mso 10]>

0 comments:

Post a Comment