December 24, 2014

ග්ලැයිසිමික් දර්ශකය (Glycemic Index)

ග්ලයිසිමික් දර්ශකය යනු රුධිරයේ ග්ලූකෝස් මට්මට කෙරෙහි කාබෝහයිඩ්‍රේට සහිත ආහාර දක්වන බලපෑම ග්ලූකෝස්වල බලපෑමට සාපේක්ෂව මැනීමයි. එනම්  නීරෝගී පුද්ගලයෙකු කිසියම් ආහාරයක අඩංගු කාබෝහයිඩ්‍රෙට ග්‍රෑම් 50 සහිත ආහාර ප්‍රමාණයක් අනුභව කිරීමෙන් පැය 2 ක කාලයක් ඇතුලත රුධිරයේ ග්ලූකෝස් මට්ටම වෙනස් වීම, ග්ලූකෝස් ග්‍රෑම් 50 පරිභෝජනය කර වෙනස් වන ග්‍ලූකෝස් මට්ටම හා සැසඳීමෙන් මෙම අගය මනිනු ලැබේ. ග්ලූකෝස් සහා මෙම අගය 100 ක් වේ. විවිධ ආහාර සහා මෙම අගයන් ගණනය කර ඇත.

අප පරිභෝජනය කරන ආහාර වල ග්ලයිසිමික් අගය දැන ගැනීමේ වැදගත්කම වන්නේ මිනිස් ජීවිත කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන රෝගයක් වන දියවැඩියා රෝගය මෙන්ම  බෝ නොවන රෝග පාලනය සහා ආහාර පාලනයේදී පරිභෝජනය කළ යුතු ආහාර තෝරා ගැනීම සහා රුකුලක් වීමයි. 

කාබෝහයිඩ්‍රේට සහිත ආහාර ග්ලයිසිමික් දර්ශකය අනුව ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා වෙන් කර ඇත.
  • අඩු ග්ලයිසිමික් දර්ශකයක් සහිත අාහාර (<55) 
  • මධ්‍යම ග්ලයිසිමික් දර්ශකයක් සහිත අහාර (56 - 69 ) 
  • වැඩි ග්ලයිසිමික් දර්ශකයක් සහිත අහාර (>70) වශයෙනි. 

මෙහිදී අඩු ග්ලයිසිමික් දර්ශකයක් සහිත ආහාර දියවැඩියාව පාලනය කිරීමට හා රුධිර කොලෙස්ටරෝල් තත්වය අඩු කිරීමට හේතු වන බැවින් මෙම රෝග අවධානම ඇති පුද්ගලයින් අඩු ග්ලයිසිමික් දර්ශකයක් ආහාරයට ගැනීමට උනන්දු වීම වැදගත් වේ. එනම් තන්තු සහිත ධාන්‍ය වර්ග, කව්පි, මුංඇට, සහල් වර්ග, කෙඳි බහුල ආහාර, එළවළු වර්ග උදාහරණයන් ලෙස ගත හැක.
ආහාර වර්ග කිහිපයක ග්ලයිසිමික් අගයන් පහත දැක්වේ.


කාර්ය බහුල දිවියක් ගත කරන බොහෝ ජනතාව තම ආහාර රටාව පිළිබව වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, වැනි බෝ නොවන රෝග වලට ගොදුරු වීම ඉතා බහුලව අද සමාජය තුළ දක්නට ලැබේ. සෞඛ්‍ය සම්පන්න නීරෝගී ජීවිතයක් ගත කිරීම සහා සමබල ආහාර වේලක් ගැනීම පිළිබව වඩා අවධානය යොමු කළ යුතුවේ. තමන් ආහාරයට ගන්නා ආහාර වල ග්ලයිසිමික් අගය පිළිබව දැනුවත්ව සිටීම බෝ නොවන රෝග අවධානම ඇති පුද්ගලයින්ට එම රෝග පාලනය සහා වැදගත් වන්නා සේම සෞඛ්‍ය සම්පන්න නීරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ආහාර තෝරා ගැනීමටද රුකුලක් වනු ඇත.

උපුටා ගැනීම්  
http://well.org/benefits_of_broccoli/ 


0 comments:

Post a Comment