December 19, 2014

නවතම Windows 10 මෙහෙයුම් පද්ධතිය

Microsoft සමාගම හි නවතම මෙහෙයුම් පද්ධති මෘද්‍රකාංගය   වන Windows 10 මෙහෙයුම් පද්දති 2014 ‍දෙසැම්බර් 17 වන විට මිලියන 1.5 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී Windows 10 මෙහෙයුම් පද්දතිය පරීක්ෂා කරමින් සිටින බව Microsoft  නිලධාරීන් පවසති. ඔවුන් පවසන පරිදි Windows 10 පරීක්ෂකයින් Windows 7, 8, හෝ 8.1 සඳහා වු බීටා වැඩසටහන් වලදී සහභාගිවන්නන්ට වඩා කාර්යක්ෂම බවය. Microsoft ආයතනය මගින් Windows 10 මෙහෙයුම් පද්දතියේ පරීක්ෂකයින් විසින් හඳුනාගත් දෝෂ 1300 කට ආසන්න ප්‍රමාණයක් ස්ථාවර කර ඇත. පසුගිය ඔක්තෝම්බර් මස මැද භාගයේදී Microsoft ආයතනය විසින් ප්‍රථම වරට මහජනතාව වෙත ගොඩනගන ලද Windows 10 තාක්ෂණික පෙර දැක්ම ඉදිරිපත් කරන ලදි. Microsoft ආයතනය පවසන පරිදි ඔවුන් සමග මිලියන 01 ක ජනතාවක්  Windows 10 පරීක්ෂා කිරීම සදහා අත්සන්  කර තිබු බවය.

ඔවුන් නොවැම්බර් මාසයේදී යාවත්කාලීන කරන ලද වින්ඩෝස් 10 තාක්ෂණික පෙරදැක්මේ දෙවැනි පෙර දසුන නිකුත් කරන විට Microsoft execs පැවසුවේ 2015 වර්ෂයේ මුල වන විට නිල වශයෙන් අනුමත යාවත්කාලින කරන ලද Windows 10 නිකුත් කල හැකි බවයි.

Microsoft ආයතනය විසින් වඩා වැඩි පාරිභෝගික ලක්ෂණයන් අරමුණු කරගත් මිලග Windows 10 තාක්ෂණික පෙරදැක්ම 2015 ජනවාරි 21 වන විට නිදහස් කිරීමට බලාපොරොත්තු වේ.එම අවස්ථාවේදීම Microsoft විසින් Intel හෝ ARM පදනම් සහිත ටැබ් හෝ ජංගම දුරකථන සදහා වු Windows 10 ජංගම දුරකථන මෙහෙයුම් පද්දතියේ පෙර දසුන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය. ක්ෂේත්‍රයේ ආරංචිමාර්ගයන් පවසන පරිදි Microsoft මෙහෙයුම් පද්දති කන්ඩායම ජනවාරි 21 හෝ ඉන් ටික කලකට පසුව තත්ව පාලකයින් සඳහා Windows 10 ජංගම දුරකථන පෙර දසුන් ලබා දෙනු ඇති බවයි.


Reference:


0 comments:

Post a Comment