December 19, 2014

අච්චු ගැසූ කෘතීම පාද ආධාරයෙන් දුවන ආබාධීත බල්ලා

ඩර්බි නම් ආබාධිත බල්ලාට ප්‍රථම වතාවට නිදහසේ වීදි පුරා දිවීමේ හැකියාව ත්‍රිමාණ මුද්‍රණය විසින් ලබා දී තිබේ යැයි Globe Newswire පුවත්පත වාර්තා කරයි. ඩර්බි ගේ උපතින්ම විකෘති වූ පාද නිසා ඌට දිවීම අපහසු විය. ඉතා සුහදශීලි හා විනෝදශීලී වූ මෙම බල්ලාගේ යටිබාහු කුඩාවිම සහ ඉදිරි අත් (Paws) නොමැති වීම නිසා ඌ මෘදු මතුපිට වල පමණක් ඇවිදින ලදී. රළු මතුපිටවල ගමන් කිරීමෙන් උගේ කකුල් කෙරවල් දෑඩි ලෙස සීරීම් වලට භාජනය විය.

හිල්ස්බොරෝ (Hillsborough) හි බල්ලන් ආරක්ෂා කරන Peace Paws නම් කණ්ඩායමෙන් ඩර්බි රැකබලා ගැනීම සඳහා භාරගන්නා ලද්දේ ත්‍රිමාණ මුද්‍රණ ක්ෂේත්‍රෙය් සේවිකාවක වූ ටාරා ඇන්ඩර්සන් විසිනි. නිර්මාණශීලී නිදහස, ක්‍රියාත්මකව හා වේගවත්ව ලබා දීමට ත්‍රිමාණ මුද්‍රණයට ඇති හැකියාව ඇය හොඳින් දැන සිටියාය. ඒ නිසා ඩර්බි බල්ලාට දිවීමට හැකියාව ලැබෙන කෘතීම ආධාරක ත්‍රිමාණව අච්චු ගැසීමට ඇය උත්සුක වූවාය.

චාන්ටිලි (Chantilly) හී සත්ත්ව ආරක්ෂක මධ්‍යස්ථානයේ සහතිකලත් විකලාංග විශේෂඥයෙක් වූ ඩෙරෙක් කම්පනා මේ සඳහා ඇයට සහය විය. ඩර්බි යටි බාහුවල ත්‍රිමාණ රූප අනුව කෘතිම ආධාරක නිර්මාණයට කෙවින් අට්නිග්ස් සහ ඩේව් ඩිවින්මෝ ඉදිරිපත් විය. ත්‍රිමාණ ඩිජිටල් මුද්‍රණයේ මූර්ති ශිල්පීය කටයුතු සඳහා ඇති පහසුකම් ප්‍රයෝජනය ගැනීම මගින් ඩර්බිගේ කකුල් සඳහාම සුවිශේෂ වූ ආකෘති නිර්මාණය කරන ලදී.

එපමණක් නොව විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කර මුද්‍රණ (අච්චු ගැසීමේ) හැකියාව ලබා දුන් Project 5500X මෙම කාර්යයට ඉතාමත් ප්‍රයෝජනයත් විය. එහිදී රබර් හා දෘඩ කම්බි පාදක කර විවිධ ආකෘති නිර්මාණය කරන ලද අතර ඒවා ඩර්බිට කොතරම් දුරට ගැලපේදැයි පරීක්ෂා කරන ලදී. ආකෘතියේ නිතර කළ යුතු වූ වෙනස්වීම් සඳහා ගතවූයේ කෙටි කාලයකි. එයට හේතුව අධික වියදම හා කාලය ගතවන පාරම්පරික නිෂ්පාදන ක්‍රමවේද වෙනුවට සරලව නව ආකෘති ත්‍රිමාණ  මුද්‍රණය කර ගත හැකි වීමයි.
මේ ලෙස ඩර්බි බල්ලා සඳහා සැකසූ කෘතීම ආධාරක භාවිතයෙන් ඌ වීදි පුරා දුවයන අයුරු දැකීම සිත් කාවදින සතුටුදායක දසුනක් බව ඌගේ නව හිමිකරුවන් වන ෂෙරී සහ දොමි ෂෝටහෝවා පවසති. සෑම දිනක ඩර්බි ඔවුන් සමග අවම වශයෙන් සැතපුම් 2-3 ක් දිවයන බව ද ඩර්බි වේගයෙන් දිවීම දැකීම පුදුම සහගත බව ද ඔව්හු තවදුරටත් පවසතී.
 
උපුටාගැනීම:

Derby the dog run with 3D printed custom prosthetics
 https://www.youtube.com/watch?v=uRmoowIN8aY

0 comments:

Post a Comment