December 24, 2014

ට්‍රාන්ස් ෆැට්

අහාර වල අන්තර්ගත ට්‍රාන්ස් ෆැට් ස්වභාවිකවම ඇතිවන ට්‍රාන්ස් ෆැට් සහ කෘතිමව නිපදවෙන ට්‍රාන්ස් ෆැට් වශයෙන් ආකාර දෙකකි. ස්වභාවික ට්‍රාන්ස් ෆැට් නිෂ්පාදනය වන්නේ සමහර සතුන්ගේ බඩවැල් සහ සතුන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන කිරි සහ මස් වැනි ආහාර වලිනි. මේවායේ අන්තර්ගත වන්නේ ට්‍රාන්ස් ෆැට් සුළු ප්‍රමාණයකි. කර්මාන්තමය වශයෙන් දියරමය එළවලු තෙල් ඝනීභවනය කිරීම සදහා ඒවාට හයිඩ්‍රජන් එකතු කිරීම නිසා කෘතිම ට්‍රාන්ස් ෆැට් නිෂ්පාදනය වේ.
ට්‍රාන්ස් ෆැට් භාවිතය පහසුය. නිෂ්පාදන වියදම අඩුය. මේවා මගින් ආහාරයට ප්‍රිය උපදවන රසයක් සහ හොද සුවදක් ලබාදෙයි. මේ නිසා බෙහොමයක් ආපනශාලා සහ අනෙකුත් ක්ෂණික ආහාර නිපදවන ආයතන ආහාර ගැඹුරු තෙලෙහි බැදීම සදහා ට්‍රාන්ස් ෆැට් සහිත තෙල් යොදා ගන්නේ වානිජ වශයෙන් ඒවා නැවත නැවත භාවිතා කල හැකි බැවිනි. නමුත් ඩෙන්මාර්කය ස්විස්ටර්ලන්තය සහ කැනඩාව කැලිෂෝනියාව වැනි රටවල් සහ නිව්යෝක් නගරය මෙම ට්‍රාන්ස් ෆැට් සහිත ආහාර භාවිතය සීමාකර හෝ අඩුකර ඇත.
ට්‍රාන්ස් ෆැට් මගින් ශරීරයට අහිතකර කලොස්ටරෝල් ප්‍රමාණය වැඩිකරන අතර හිතකර කලොස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි. ට්‍රාන්ස් ෆැට් සහිත ආහාර භාවිතය නිසා හදවත් රෝග සහ හදිසි හෘදයාබාදයක් වැලදීමේ ප්‍රවනතාවයක් ඇත. තවද දියවැඩියාවේ දෙවන ආකාරය වැළදීමටද ප්‍රවනතාවක් ඇත.

1990 ට පෙර ට්‍රාන්ස් ෆැට් ශරීරයට අහිතකර බව දැනසිටියේ ඉතා සුළු පිරිසකි. 1990 වර්ෂයේදී කරන ලද පරීක්ෂණ වලට අනුව ට්‍රාන්ස් ෆැට් ශරීරයට අහිතකර බව සොයා ගන්නා ලදී. Food and Drug Administration(FAD) ආයතනයේ ලේබල් රෙගුලාසි වලට අනුව ට්‍රාන්ස් ෆැට් පරිභෝජනය අඩුකර ඇත.
ට්‍රාන්ස් ෆැට් බහුලව ඇත්තේ ඩෝනට් වැනි බදිනලද ආහාර කේක් ඇතුළු බේක් කරන ලද ආහාර බිස්කට් ශීත කරන ලද පීසා කුකීස් ක්‍රැකර්ස් සහ මාගරින් තවරන ලද ආහාර වර්ගයන්හීය. ආහාර ඇසුරැම් කර ඇති ඇසුරුම පරීක්ෂා කිරීමෙන් අන්තර්ගත ට්‍රාන්ස් ෆැට් ප්‍රමාණය පිළිබදව අවබෝධයක් ලබාගත හැක. නිෂ්පාදනයේ අන්තර්ගත ට්‍රාන්ස් ෆැට් ප්‍රමාණය ග්රැම් 0 නම් එහි අන්තර්ගත ට්‍රාන්ස් ෆැට් ප්‍රමාණය ග්රෑම් 0 හෝ ග්රෑම් 0.5ක් විය හැක. ආහාරයක් මිලදී ගැනීමට පෙර එම ආහාරය පිළියෙල කිරීමට යොදා ගන්නා ලද තෙල් වර්ගය පිළිබදව සැලකිලිමත් වන්න. ට්‍රාන්ස් ෆැට් වෙනුවට ඒක සංතෘප්ත මේදය හෝ බහුල සංතෘප්ත මේදය ආහාරය සදහා එකතුකර ගන්න.

හරක් මස් හා බැටළු වැනි සමහර මස් වර්ග සහ බටර් වැනි කිරි ආශ්‍රිත නිෂ්පාදන වල ස්වභාවිකව ඇතිවන ට්‍රාන්ස් ෆැට් ඉතා සුළු ප්‍රමාණයක් ඇත. නමුත් මෙසේ ස්වභාවිකව ඇතිවන ට්‍රාන්ස් ෆැට් අහිතකර කලොස්ටරෝල් මට්ටම කෙරෙහි කොතරම් දුරට බලපාන්නේද යන්න සම්බන්ධව ප්‍රමාණවත් අධ්‍යනයන් මගින් සොයා ගෙන නැත.

මද වශයෙන් හයිඩ්‍රජනීකරනය කරන ලද එළවලු තෙල් අඩංගු ආහාර පිසීමට පෙර කපා තැබිමෙන් සහ තෙල් නැති මස් භාවිතය සුදුසු බව American Heart Association අනුමතකර ඇත.
1.      බහුල වශයෙන්  පළතුරු එළවලු ධාන්‍ය මේදය අඩු කිරි ආශ්‍රිත නිෂ්පාදන මාළු කුකුල් මස් සහ ඇට වර්ග ආහාරය සදහා එකතුකර ගන්නා ලෙසත් මස් සීනිමය ආහාර සහ සීනි සහිත පාන් වර්ග අඩු කරන ලෙසත් අවධාරණය කර ඇත.
2.      හයිඩ්‍රජනීකරනය නොකරන ලද එළවලු තෙල්(canola, sunflower, olive oil) නිතර භාවිතය.
3.      සකස්කරන ලද ආහාරය පිළයෙල කරන ලද්දේ හයිඩ්‍රජනීකරණය කරන ලද මේදය භාවිතයෙන්ද සුළු වශයෙන් හයිඩ්‍රජනීකරණය කරන ලද තෙල් භාවිතයෙන්ද එසේත් නැති නම් හයිඩ්‍රජනීකරණය කරන ලද තෙල් භාවිතයෙන්ද හෝ සංතෘප්ත මේදයෙන්ද යන්න පිළිබදව සැලකිලි මත් වන්න.

උපුටා ගැනීම - www.heart.org

0 comments:

Post a Comment