December 26, 2014

ඔබගේ ඡංගම දුරකථනයේ GPS තිබෙනවාද?

GPS හෙවත් Global Positioning System ලෙස හදුන්වන ගෝලිය ස්ථානිය පද්දතිය යනු චන්ද්‍රිකාවක් මත පදනම් චු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් කක්ෂය මත චන්ද්‍රිකා 24 ක ඡාලයක් සෑදිම මඟින් සකස් කල Navigation System එකකි. පලමු  GPS චන්ද්‍රිකා 1978 දී ආරම්භ කරන ලදී. GPS ආරක්ෂක යෙදවුම් සඳහා පමණක් යොදා ගැනිමට බලාපොරොත්තු වුචත් 1980 දශකයේදි ඇමරිකානු රඡය විසින් සිවිල් වැසියන් සඳහා එය භාවිතා කිරිමට ඉඩ හරින ලදි. මෙම ගෝලිය ස්ථානිය පද්දතිය (GPS) ලෝකයේ ඕනෑම තැනක ඕනෑම කාලගුණ තත්වයක් තුල පැය 24  පුරා ක්‍රියා කරනු ලබයි. GPS උපකරණ භාවිතා කිරිම වෙනුවෙන් ග්‍රාහක ගාස්තු හෝ GPS පිහිටුවීම් ගාස්තුවක් අය කරනු නොලබන අතර එය නොමිලේ ලබා ගත හැකි සේවාවකි.

GPS චන්ද්‍රිකා ඉතා නිවරදි කක්ෂය තුල දිනකට දෙවරක් පෘතුවිය  වටා භ්‍රමණය වෙමින් පෘතුවියට  සංඥා තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබයි. GPS ප්‍රතිග්‍රාහක මෙම තොරතුරු ලබා ගෙන පරිශිලකයාගේ ස්ථිර ස්ථානය ගණනය කරනු ලබයි. ප්‍රධාන වශයෙන් GPS ලබා ගන්නා  සංඥවක් එය ලැබුනු කාලය සමඟ චන්ද්‍රිකාවක් මඟින් සංඥවක් සම්ප්‍රේෂණය කල කාලය හා සසදයි. මෙම GPS ප්‍රතිග්‍රාහකය චන්ද්‍රිකාවෙන් කොතරම් දුර යන්න මෙම කාලයේ වෙනසින්  පවසයි. වර්ථමානයේ පරිශිලකයාගේ ස්ථිර ස්ථානය ලබා ගැනිමට චන්ද්‍රිකා කිහිපයක සංඥා දුර මිනුම්  ලබා ගැනිමේන් තිරණය කිරිමේ හැකියාවක් ඇති අතර එය ඉලෙක්ට්‍රොනික සිතියම මත පෙන්වනු ලබයි.

GPS රිසිවරයන් 2D (අක්ෂාංශ, දේශංශ ) පිහිටිමක් ලබා ගැනිමට අවම වශයෙන් චන්ද්‍රිකා 3ක සංඥා ලබා ගැනිමට  ඒවා  Lock කර ගත යුතුය. චන්ද්‍රිකා 4ක් හෝ ඊට වැඩි ගණනක් සමඟ පරිශිලකයාගේ 3D ( අක්ෂාංශ, දේශංශ, උස ) පිහිටිම  තිරණය කල හැකිය. පරිශිලකයාගේ ස්ථාවරය  තිරණය  කර ඇති විට GPS ඒකකයට වෙනත් තොරතුරු ගණනය කල හැකිය.  උදාහරණයක් ලෙස වේගය,දරණ මාර්ගය,ගමනක දුර,ගමනාන්තය දක්වා දුර,හිරු නැගිම සහ බැසිමේ කාලය වැනි බොහෝ දේ කල හැකිය.


Parallel  Multi Channel  නිර්මානයට  ස්තුති වන්න අද වන විට GPS ප්‍රතිග්‍රාහකයන් අතිශය  නිවරදි  තත්වයට පත්ව ඇත.  පලමු විවෘත කිරිමේදි   Garmin’s  12   Parallel  Channel ප්‍රතිග්‍රාහකයන් ක්ෂනිකව චන්ද්‍රිකාවන් Lock කර ගැනිමක් කරන අතර එය ශක්තිමත්  Lock  කිරීමක් ලෙස පවත්වා ගෙන යනු ලබයි. ඇතම් වායුගෝල සාධක හා දෝෂ සහ වෙනත් මුලාශවලින් සිදුවන දෝෂ GPS ප්‍රතිග්‍රාහකවල නිවරදිතාවයට බලපෑ හැකිය. සාමාන්‍යයේ  Garmin® GPS ප්‍රතිගහකයන් 15m  තුලට  නිවරදි වේ. නවතම WAAS  ( wide Area Augmentation System ) සමඟ වන Garmin  GPS ප්‍රතිගහකයන්ගේ නිවරදිතාව 3mකට නොඅඩුව වැඩි දියුණු කල හැකිය.
References:


0 comments:

Post a Comment