December 22, 2014

කොස් වල ඇති ඖෂධීය වටිනාකම

පේ ප්‍රධාන ආහාරය වන බත හැරුනම දෙවෙනි බත ලෙස “කොස්හැඳින්විය හැකිය. ඒ තරමටම කොස් ගස සමඟ අපේ මිනිසුන් සමීපයි. ඒ නිසාම කොස් ගසට “බත් ගස ලෙස ගමියන් අතර ව්‍යවහාර වේ. පෝෂණ අවස්ථා රාශීයක් සපුරන කොස් කාර්යක්ෂම නීරෝගි දිවියකට ඉතාම හොඳ ආහාරයක්. “හෙරලිලෙසද හඳුන්වන කොස් සංස්කෘත භාෂාවේදී “පනාස, වෘහත්ඵල(විශාල ගෙඩි)යන නම් වලින් හැඳින්වේ. 

දකුණු ආසියාතික කලාපයේ රටවල් වල බොහෝ ලෙස කොස් දක්නට ලැබේ. Artocarpus heterophullus යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර Moraceae කුලයට අයත්ය. විටමින් A,B,C,D,E,K යන පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ඛනිජ ලවණ, පොටෑසියම්, මැග්නීසීයම් ආදියෙන් සමන්විතය. පෝෂදායි ආහාරයක් මෙන්ම දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඉතා වටිනා දේශීය ඖෂධයකි.
කොස් ගෙඩියේ විවිධ අවස්ථා ලෙස පොළොස් , පැසුණු ගෙඩි, වැල වරකා ලෙස වෙනස් වේ. විවිධ
අවස්ථා වලදී ඒ ඒ කාල පරාසය අනුව විවිධ ඔසු සාදා ගන්නට පුළුවන. කොස් ඇට, සිබිඩි, කොහල්ල, කොස් කොළ, පොතු, මුල් ආදි කොටස් ඖෂධ සඳහා යොදාගනී.
කොස් ආහාරයක් ලෙස ගත් කළ මැල්ලුම, වෑංජන,තැම්බුම්, අග්ගලා, කට්ලට් වරකා වැල බීම,ජෑම් ආදි විවිධාකාර ආහාර සංස්කරණය සඳහා යොදා ගැනීමට පුළුවන. 

විවිධ රෝග නැසීමට කොස් ගස යොදා ගන්නා ආකාරය
පොළොස් ගැට වැංජනයක් ලෙස හෝ තම්බා ලුණු දමා ආහාරයට ගැනීමෙන් නීරෝගි දරුවකු බිහි කිරිමට ගර්භනී මවුවරුන්ට හොඳ ශක්තිමත් ආහාරයකි. කිරි දෙන මවුවරුන්ට කිරි වර්ධනය කර ගැනීමට ඔසුවකි. ආහාර රුචිය වර්ධනයට හොඳ ආහාරයකි.
ඇතැම් අයගේ අන්ත්‍රවල චලනය වැඩිවීම නිසා ද්‍රව ලෙස මළ පිටවන අවස්ථා වලදී කොස් තැම්බුමක් හෝ පොළොස් ගැට වැංජනයක් සමඟ බත් ආහාරයට ගත්තොත් සාමාන්‍ය පරිදි මළ පිටවීම සිදුවෙනවා.
පැසුණු කොස් පෝෂ්‍ය පදාර්ථ විටමින් රැසකින් අනුනය. කොස් වල ඛනිජ ලවණ බහුල වශයෙන්ඇති නිසා අක්ෂී රෝග සුව කිරිමටත් පෙනීම වර්ධනයටත් ගුණදායක වේ. එසේම ප්‍රතිඔක්සිකාරක ගුණය සපිරි ඖෂධීය ආහාරයකි.
එදිනෙදා ජිවිතයේ දි ගන්නා ආහාර වල රසායනික විෂ ශරීරගත වීම නිසා මුක්තඛණ්ඩ තැන්පත් වේ. ඒවා පසු කාලයේ දී පිළිකා බවට හැරේ. කොස් ආහාරයට ගැනීමේ දී එහි පෝෂණ ගුණය නිසා මුක්තඛණ්ඩ ඉවත් කෙරේ. ඒ නිසා මුඛ පිළිකා ,අන්ත්‍රා බඩ වැල් ආශ්‍රීත පිළිකා ආදිය හට ගැනීමේ අවදානම අවම වේ.
කොස් වල ඇති පිෂ්ඨය නිසා තැම්බුණ පසු ඇලෙන සුළු ආහාරයක් බවට පත්වේ. ආමාශයේ තුවාල ඇති අයට ඉතාම ගුණදායී ආහාරයකි. නමුත් කොස් යනු දිරවන්න තරමක් අපහසු බර ආහාරයකි. නිතර නිතර ආහාර අජීර්ණ ඇති අයට දෛනිකව ආහාරයට ගැනීම එතරම් සුදුසු නැත. දරුවන් බිහි විමට ආසන්න කාලයේ මවුවරුන්ට කොස් තම්බා හෝ කිරි කොස් දෛනිකව ආහාරයට ගැනීම තරමක් අහිතකරය.
ශ්වසන රෝග මඟ හරවා ගැනීමට, කොස් මුලේ පොතු වලින් කෂායක් සකසා පානය කිරිමෙන් සුව කර ගත හැක.
කොස් කිරි යනු ඉතාම වටිනා ප්‍රදාහ නාශක ද්‍රවයක්.ඉදීමීම,රත් පැහැති ලප, හන්දි චලන අක්‍රමිතා දුරු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම බැක්ටීරීයා දිලීර වලට එරෙහිව ක්‍රියා කිරිමේ විශේෂ ගුණයක් කොහැල්ලා සතුව පවතිනවා. මෙවැනි ශාරීරික රෝග මතු වු විට කොහැල්ලා බඳුනකට දමා ළිපේ රත්කර නිවා රෙදි කැබැල්ලක දමා ශරිරයේ වේදනා සහිත ස්ථානයන් හි අතුරන්න. ඉක්මණින් වේදනා ඉදිමුම් සුවවේ.
රුධීරයේ සිනි මට්ටම වැඩි රෝගින්ගේ එම තත්වය සාමාන්‍ය තත්වයට පත්කර ගැනීමට ඉඳුණු කොස් කොළ පිරිසිදු කර තම්බා පානය කිරීම ඉතාම ගුණදායකය. එසේම ඉඳුණුකොස් කොළ වියළා කුඩු කර (කෝපි ලෙස) සිනී රහිතව බීමෙන් ගුණයි. ඉඳුණුකොස් කොළ අඹරා තල තෙලෙන් තෙම්පරාදු කර කෝපි ගෙඩි ප්‍රමාණය ගුළි සාදා උදෑසන පානය කිරීමෙන් රුධීරයේ සිනි මට්ටම පාලනය කර ගත හැක.


ආයූර්වේද උපදෙස් මත කැඩුම් බිඳුම් සඳහා කොස් ගහේ පොතු යොදා පත්තු,මැල්ලුම් තව සම්පාදිත ද්‍රව්‍ය භාවිත කර රෝග සුව කිරීමට යොදා ගනි.
කොස් පොතු වල නිද්‍රකාරී බවක් හෙවත් නින්ද ඇතිකිරිමේ ගුණය පවතිනවා. නින්ද නොයෑමෙන් පීඩා විඳින අයට සහනයක් ලෙස ආයූර්වේද උපදෙස් මත කොස් ගහේ පොතු තැම්බු වතුර පානය කර නින්දට යාමෙන් සුවපත් නින්දක් ළඟා කර ගත හැක.
හදිසි කැපීම් අස්ථා වලදී අධික රුධිරය වහනය වීම නවතා ඉක්මනින් සුවය ලබා දීමට සුදුසු භස්ම ඖෂධීය ගුණයක් කොස් කොළ සහ වියළි පොතු වලින් සාදා ගත හැක.
කොස් සිබිඩි වල අධික ලෙස පොටෑසියම් පවතින නිසා මෙම ආහාර හෘදයට ඉතාම හිතකරය. හෘද ස්පන්දනය පවතින අක්‍රමිතා දුරු කරන කොස් සිබිඩි රස ආහාරයක් ලෙස ආහාරයට ගැනීමේ දී අධික රුධීර පීඩනය වැනි තත්වයන්ගෙන් මිදෙන්නට පුළුවන.
පුරුෂ පාර්ශවයේ වඳ භාවයට හේතුවන ශුක්‍රාණු වර්ධනය කර ගැනීම සඳහා උදේ සවස වැල වරකා මදුලු කිහිපයක් සති කිහිපයක් එක දිගට ගැනීමෙන් ශරීර ශුක්‍රාණු ප්‍රමාණය වර්ධනය කිරිමට සමත් බව ආයූර්වේද නිඟමන තුළින් හෙළි වී තිබේ. 

සකස්කලේ;
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
ඉබ්බාගමුව

0 comments:

Post a Comment