December 24, 2014

පෝෂණයෙන් අතිවිශිෂ්ඨ පොල් වතුර ,ජීවයේ පානයයි.

මෙරට ජනයා පොල් ගසෙහි ප්‍රයෝජනයට නොගත් කොටසක් නොමැත.ඒ හේතුවෙන් ආදි මිනිසා පොල් ගස කප්රුක වශයෙන් හදුන්වන ලදී. එසේම පොල් වතුර,කුරුම්බා වතුර,අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගන්නා ලදී.
 පොල් වතුර මේ ලොව ඇති සුපිරිසිඳුම පානයයි . එහි සංයුතිය අපගේ සෛල ප්ලස්මාවේ,රුධිරයේ අයනික සංයුතියට ඛෙහෙවින්ම සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.

මෙහි සුලභව පවතින පොටෑසියම්,සෝඩියම්,ක්ලොරයිඩ් සහ මැග්නීසියම් අයන මෙන්ම,සුළු වශයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන්,අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්වයි.එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් සී, බී හා ඊ ද ඇත. තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමැයිනෝ අම්ල, කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්ෂිකාරක,පයිටොකෙමිකල්ස් වර්ග, ශාක හෝමෝන වර්ග මෙන්ම හිතකර මේදයද අන්තර්ගත වන බව සොයා ගෙන ඇත.

පොල් වතුරෙහි තිබෙන වැදගත් විශිෂ්ට ගුණය වන්නේ, මෙහි තිබෙන ශාක සයිටොකයිනීන් (Cytokinins) සංයෝගයයි.සයිටොකයිනින්  ශාක හෝර්මෝනයක් වන අතර මෙමගින් ශාකය වයසට යාම, වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීම සිදු කරනු ලබයි.මේ අනුව  සයිටොකයිනීන් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යෑමේ දී මතුවන සංකූලතා අවම වීමටත්, යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වන බව පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත.

පොල් වතුරෙහි තිබෙන අධික ඛණිජ ලවන සංයුතිය හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීමට හේතු වන බව විද්‍යාඥයින් විසින් හඳුන්වා දී ඇත.පොල් වතුරෙහි ඇති පොටෑෂියම් ප්‍රමාණය මීට ප්‍රධානම හේතුවයි.

පොල් වතුරෙහි අහිතකර කොලස්ටරෝල් නොමැති අතර අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන, හිතකර කොලස්ටරෝල් මට්ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවද සොයා ගෙන ඇත.

එසේම රුධිර කැටි ඇති වීම වළක්වාලන ගුණයක් ද පොල් වතුරෙහි අඩංගු වන බැවින් , දරුණු හෘදයාබාධ තත්වයන්හි ඇති  අවධානම අඩු කර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත.
වකුගඩු රැක ගැනීමටත් මුත්‍රාශයේ ගල් දිය කිරීමටත් පොල් වතුර ඉතා හොද ඖෂධයකි.වකුගඩු තුළ රැදෙන විවිධ විෂ පදාර්ථයන් නිසා වකුගඩු වලට සිදු වන හානි වැළැක්වීමටත්, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව, පර්යේෂකයින් පෙන්වා දී ඇත. එබැවින් මත් පැන් හා වස විෂ නිසා සිදුවන වකුගඩු නරක් වීම පාලනය කිරීමටද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත.

එසේම පොල් වතුර හොඳ මූත්‍ර කාරකයක් වන බැවින් මූත්‍ර හොඳින් පහ වීමටත්, මූත්‍ර මාර්ග යේ ඇති වන ආසාධන සුව වීමටත්, පොල් වතුරහොඳ ඔෂධයක් ලෙස සැලකේ.

පොල්, කුරුම්බා, සහ තැබිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් (Monolaurine) සතුව ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස් හා ප්‍රොටොසෝවා මෙන්ම, තද ලිපිඩ ආවරණයක් සහිත හර්පීස්, සයිටොමෙගලෝ වයිරස් වැනි දරුණු  වෛරස් වර්ග විනාශ කිරීමේ ප්‍රභල හැකියාවක් ඇති බව පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. එමෙන්ම මොනොලෝරීන් සතු මෙම විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන්, රෝග වලින් අපව ආරක්ෂා කෙරෙන බවත් සොයා ගෙන ඇත.
එසේම පෙර කී, සයිටොකයිනින් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව, නිරෝගී සෛල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින්, පිළිකාමය සෛල විනාශ කිරීම සිදුවන බැවින් පිළිකා සෑදීම පාලනය කිරීමේ ගුණයක්ද පොල් වතුරෙහි ඇත. මීට අමතරව පිළිකා ඇති වීමට හේතු වන, නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්ෂිකාරක වලින්ද පොල් වතුර පොහොසත් බව සොයා ගෙන ඇත.
මීට අමතරව ,දියවැඩියා රෝගය පාලනයට,ලිංගික සරු භාවයටත්, මඳසරුභාවය දුරු කිරීමටත්,ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් ,මහළු උදවියට හා ඝණ ආහාර දිරවීමට අපහසු රෝගීන්ට පෝෂණිය පානයක් ලෙසත්,වමනය යෑම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය, මළ බද්ධය සුවකිරීමටත් විශේෂ වූ ඖෂධීය ගුණයක් පොල් වතුරෙහි තිඛෙන බව සොයාගෙන ඇත.

එසේම ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකොමාරෝග තත්ත්වයන් ඇති වීම වළක්වයි.ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක් ලෙස භාවිත කළ හැකිය.ශරීරය අධිකව වෙහෙසෙන අවස්ථා වල දී සහ විජලන තත්ත්වයන්හී දී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැඛෙන බව සොයා ගෙන ඇත.පැපොල, සරම්ප සහ ශරීරයේ පලූ දැමීම් සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර භාහිරව ගැල් වීමෙන් සහනයක් ලැඛෙන බව පර්යේෂකයින් සොයා ගෙත ඇත.

මීට අමතරව සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුවවීමටද දායක වෙයි.
මෙරට හෙළ වෙදකමෙහිලාද පොල්,කුරම්බා සහතැබිලි වතුර භාවිත කෙරෙන අවස්ථා රාශියක් තිඛෙන බව පැහැදිලිව දැක ගත හැකිය.ශරීරයේ ඌෂ්නය ,දාහය,සහ දොස් සමනය කිරීම සඳහාත්  මූත්‍ර ගල් දිය කිරීමටත් තැබිලි සහ පොල් වතුර භාවිත කරනු ඇත.

කෙසේ වෙතත් මෙසේ මිනිස් ශිරුරට අතිශය ඖෂධීය වැදගත් කමක් ඇති පොල්,කුරම්බා සහ තැබිලි වතුර මෙරට වැසියන් දිනකට ලීටර පනස්දාහක් තම සින්ක් එකට හලා අපතේ යවන බව වාර්තා වී ඇත.මෙය කොතරම් කණගාටුදායක තත්වයක්දැයි විමසා බැලීමට දැන් කාලය එළඹ ඇත.

උපුටා ගැනීම : www. nutrition-and-you.com/coconut-water.html, www.livestrong.com,www.about.com

0 comments:

Post a Comment