December 30, 2014

විශ්මික කහ (කහවල ඇති ඖෂධීය වටිනාකම්)

විශ්මිත කහ (කහවල ඇති ඖෂධීය වටිනාකම්)(Top 12 Evidence – Based Health Benefits of Turmeric)

කහ යනු ආහාර  පදම් කිරීම  හා බහුලව භාවිතා කරණ අතර එමගින් ආහාරයට ප්‍රනීත රසයක් මෙන්ම දීප්තිමත් කහ පැහැයක් ලබාදේ.මෙය ආසියානු ආහාර  වට්ටෝරුවල නැතිවම බැරි ප්‍රධාන  රසකාරකයක්(Key Ingredient) වන අතර මෙය දකුණු සහ නිරිතදිග ආසියානු රටවල කැලෑවල වැවෙයි. කහ යොදා සාදනු ලබන කුමන ආහාරයකට වුවද එහි ආවේනික වර්ණය ලබාදීමට සමත්ය.
කහ පැලෑටිය ඈත අතීතයේ සිටම ඔ!ෂධීය වටිනාකමකින් යුතු වන අතර එය ආමෘශයේ තුවාල සහ දැවිල්ල සඳහා යොදා ගැනුනි. මෙම විශ්මිත කහ පැලෑටිය සෑම පවුලනම සාමාඡිකයන් යහපත් සෙ!ඛයයෙන් තැබීමට මුΩතැන්ගෙයට අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වී ඇත.

1           බැක්ටීරියා නාශකයක් ලෙස (aAnti-bacterial )
කර්කියුමින්(Curcumin) යනු  ඇති සක්‍රීය ද්‍රව්‍ය වන අතර එය ස්වාභාවිකවම විෂබීඡ නාශකයක් ලෙස සහ බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියාකරණ අතර මෙයින් බැක්ටීරියා, වෛරස් සහ පුස් නාශනය වේ.

2          ශරීර බර අඩු කිරීමට (Weight looser)
කහ පරිවෘත්තීය ක්‍රියා සක්‍රීය කරණ අතර එය ශරීර බර පාලනයට වැදගත්වේ.කහ කුඩු සහ සල්පර් බර වැඩිවීම පාලනය කරණ අතර ශරීරයේ මේදය ඉවත් කරණ අතර අක්මාවේ මේදය තැන්පත්වීමද පාලනය කරණු ලැබේ. මෙය මගින් ආහාරයේ ඇති මේදය දහනය කරණ පිත ශ්‍රාවය වීම වැඩි කරණ අතර බර පාලවය කිරීමට සිතන අයට හෝ ස්ථූල අයට සෑම ආහාර වේලකටය කහ හැන්දක් එක්කර ගැනීම ඉතා වැදගත් වේ.

3          අවපීඩන සමනයක් ලෙස (Anti-depressants )
යොදාගෙන කරණු ලැබූ පර්යේෂණ මගින් කහවල ඇති කර්කියුමින්(Curcumin) අවපීඩන  පාලනය කිරීමට සමත් බව සොයාගෙන ඇත. චීනයේ ඈත අතීතයේ සිටම බොහෝ කාලයක් අවපීඩනය සහා !ෂධයක් ලෙස කහ යොදාගෙන ඇත. විද්‍යායින් කහ මගින් අවපීඩන රෝග ලක්ෂණ පාලනය වන්නේ කෙසේදැයි සෙවී පර්යේෂණ කරමින් සිටිති. කර්කියුමින්(Curcumin) ස්වාභාවාකවම monomine oxidase  නැමති එන්සයිමයට ප්‍රතිරෝධීවේ. මෙය අවපීඩනය ඇති කිරීමේ ඉහළ සම්භාවිතාවක් දක්වන එන්සයිමයකි.

4          පිලිකා නාශකයක් ලෙස ( Anti-Cancer)
පර්යේෂණයන්ට අනුව පිලිකාවල සමහර වර්ධන අවස්ථාවල පාලනයට turmeric හෝ කර්කියුමින්(Cur cumin) යොදාගත හැකි බව සොයාගෙන ඇත. විශ්ෂෙයන්ම මහා බඩවැලෙ, සමේ, පියයුරැ සහ වෘෂණ කොෂ පිලිකා පාලනයට වැදගත්වේ. කහවල ඇති ඔක්ෂිකාරක ගුණය  නිසා සෛල වලට හානි වීම වලකාලයි. ඒලෙසම රුධිර නාල හරහා පිලිකා සෛල  ගමන් කිරීම පාලනය කිරීම  පෙනහළු දක්වා පැතිරීම වැලැක්වීම මගින් පිලිකා වර්ධනය වීම පාලනය කිරීමද සිදු වේ. එලෙසම ළමයින්ෙග්

5              කොලෙස්ටරෝල් නාශකයක් ලෙස (Anti-Cholesterol )
පර්යේෂණයන්ට අනුව කහ මගින් රුධිර සීරම්වල ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩුකල හැකි බව සොයාගෙන ඇත. කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීම මගින් හදවත් රෝග වැලකී සිටීමේ සමභාවිතාවද වැඩිය.

6              ඇල්ෂයිමර් රෝග ප්‍රතිරෝධකයක් ලෙස (Anti- Alzheimer)
කහ නිස්සාරක යො‍දාගෙන  මියන් සහා කරණ ලද  සායන පරීක්ෂණ වලට අනුව මොලයේ  මෙම රෝග සෛල 30% කින් අඩු කර ගත හැක් බව සොයාගෙන ඇත.

7              වේදනා නාශකයක් ලෙස (Anti-inflammatory )
කහ ස්වභාවික විෂබීඡ නාශකයක් මෙන්ම වේදනා නාශකයකි. මෙමගින් රෝග සහ වේදනි වලට ප්‍රතිකර්මයක් ලෙසම වැලකී සිටීමද කළ හැකිය. එලෙසම කහවලට පලුදුවූ සම යථා තත්වයට පත් කිරීමේ හැකියාවද ඇත.

8              ස්නායු රෝග ආරක්ෂකයක් ලෙස (Neuro protector )
MS Treatment (Multiple Sclerosis -MS)-  කහ වලට  ස්නායු රෝග ආරක්ෂකයක් ලෙස  ක්‍රියා කිරීමේ හැකියාව  ඇති බව පර්යේෂණ මගින සොගෙන ඇත. එනම් MS රෝගයේදී  සිදුවන මොලයේ සහ සුසුම්නාවේ සඅදුවන ආවරණ ස්නායු සෛල හානිවීමේ තත්වය අඩු කිරීම සඳහා මෙය යොදාගත හැකි බව පර්යේෂන මගින් තහවුරැ කර ඇත.


9              තුවාල සුවපත් කිරීමට (Wound healing)
විශේෂයෙන්ම පිළිස්සීම් නිසා ඇතිවූ තුවාලවල පුබල වේදනාව සහ සුවපත් වීමේ කාළ අඩු කිරීම සහා කහ යොදා ගන.තුවාලය මත කහ කුඩු ඇතිරීමෙන් සුවපත් වීමට ගතවන කාළය අඩුවන බව ඔබටද අත්හදා බැලිය හැකිය. එළෙසම පිලිසිසීම් සහ කැපීම්වල විෂබීඡ නාශනය කිරීමටද ප්‍රෙයෝඡනවත් වේ.

10           අක්මාව ආරක්ෂකයක් ලෙස ( hepatic protector)
කහවලට ස්වභාවිකවම අක්මාවේ විෂනාශනය කිරීමේ ගුණය ඇත. ශරීර කොළෙස්ටරෝල් ප්‍රමාණය අඩකිරීම මගින් සහ ශරීරයේ විෂ අඩු කරණ එන්සයිම නිෂ්පාදනය කිරීම නිසා  අක්මා සෞඛ්‍යයට හිතකර වේ.

11            දියවැඩියා නාශකයක් ලෙස (Anti-Diabetic )
චීනය පාරම්පරිකව දියවැඩියාව/මධුමේහය  නාශකයක් ලෙස කහ යොදාගෙන ඇත. මෙය සාපේක්ෂව ආරක්ෂාකාරී මෙන්ම ලාභදායි ප්‍රතිකාරකයකි. ඒ අනුව දියවැඩියාව හා ඒ ආශ්‍රීත රෝග සහා  කහ යොදා ගැනීම පිළිබව පර්යේෂකයන් පරීක්ෂන පවත්වම්න් සිටී.
12            ආහාර ඡීර්ණ  පද්ධතියේ රෝග සුවකාරකයක් ලෙස (Digestive system protector )
කහ  පාරම්පරිකව ආහාර ඡීර්ණ  පද්ධතියේ අමාරැ සහා යොදාගෙන ඇත. එය සායන පරීක්ෂන මගින්ද තහවුරැ කර ඇති අතර කහ බඩේ දැවිල්ල/වේදනාව සහ මළපහවීමේ අක්‍රමිකතා සහා ගණදායි බවද  සොයාගෙන ඇත.
නමුත් කහ යොදාගෙන  ප්‍රතිකාර කිරීමේදී ඇති ප්‍රධින ගැටව වන්නේ අන්ත්‍රවලදී කහ අවශෝෂණමේ ප්‍රවනතාවය අඩුවීම මෙන්ම රැධිරයේ දියවීමේ  හා පෙරීමේ හැකියාව අඩු වීමයි. මේ සහා දැනට නැනෝ තාක්ෂනය යොදා ගනිමින් කහ සාර්ථකව ඉහත රෝග සහා  මිනිස් සිරුරට යොදා ගැනීම පිළිබව පර්යේෂන කරමින් සිටී.

 Source -: www.positivemed
නයනා විඡේරත්න - යටිනුවර 

0 comments:

Post a Comment