December 31, 2014

ඖෂධීය ගුණයෙන් යුත් සුදු ළූනු

සුදු ළූනු(Allium sativum)  වසර 5000ක පමණ ඉතිහාසයක් ඇති, මධ්‍යම ආසියාවට ආවේණික වූ විශේෂයකි. ආහාර රසවත් කිරීමට මෙන්ම ඖෂධීය හා සෞඛ්‍යයමය වටිනාකම ඊටත් වඩා වැඩි වේ.
සුදු ළූනු වල තියුණු සුවදට හා රසයට හේතුවන්නේ ශාක රසායනිකයන්ය (phytochemicals). සුදු ළූනු පොඩිකිරීමේදී සෛල රික්තය තුල පවතින එන්සයිම නිදහස් වී ප්ලැස්ම තරලය තුල ඇති සල්ෆර් අඩංගු සංයෝග බිද හෙලිම නිසා සුවදට හා රසයට අදාළ රසායනික පිටවේ. සංයුතිය අනුව සුදු ළූණු වල 33.06% කබෝහයිඩ්රේට් ද 6.36% ප්‍රෝටීන් ද 0.5% මේදය ද විටමින් B1, B2, B3, B5, B6, B9 හා විටමින් C ද වැදගත් අයන කිහිපයකින්ද යුක්තවේ.
සුදු ළූනු ඖෂධීය හා සෞඛ්‍යයමය වටිනාකම අනුව ප්‍රධාන ලෙඩ රෝග කිහිපයකට උපකාරී වන බව මේ වන විට තහවුරු වී ඇත.
-         පෙනහළු පිළිකා අවධානම අඩුකිරීම
      අමු සුදු ළූනු සතියකට  දෙවරක්වත් කෑමට හැකිනම් පෙනහළු පිළිකා ඇති වීමේ   අවධානම 44% කින් පමණ අඩුකළ හැකිය.
-         මොළයේ පිළිකා අවධානම අඩුකිරීම
-         රුධිර වාහිනී වල කොලේස්ටරෝල් තැන්පත්වීම අඩුවීම
-         රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කිරීම
-         අහාර ජීරණ පද්ධතියේ ඇතිවන අක්‍රමිකතා මගහැරවීමටත් දිලීර අසාදන වලක්වා ගැනීමටත් උපකාරී වේ
-         ප්‍රතිජීවක, ප්‍රතිදිලීරක, ප්‍රතිඔක්සිකාරක, ප්‍රතික්ෂුද්‍රජීවී කාරක හැකියාවන්ද පවතී.
-         ප්‍රතික්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය නිසා මුඛය ආශ්‍රිත අසාදන අඩුවීම
            දැනට වෙළඳපොළේ සුදු ළූනු රසැති (Garlic flavored) තෙල් වර්ග පවතින අතර ඒවා නිපදවන්නේ සුදු ළූනු තෙල් තුල ගිල්වතබිම මගිනි. එහිදී යොදාගනු ලබන සුදු ළූනු නියමිත් ප්‍රතිකාර වලට වී නොමැතිනම් ඒවායේ Clostridium botulinum නමැති බැක්ටීරියාව වර්ධනය වියහැකි අතර එය බෝටුලිසම නමැති මාරාන්තික රෝගයට හේතුවිය හැක. එමනිසා මෙවැනි තෙල් වර්ග අධිශීතකරණයේ ගබඩා කිරීම හා සතියක් තුල භාවිතකරීමට වගබලා ගත යුතුය.

උපුටා ගැනීම
www.medicalnewstoday.com/articles/265853.php

0 comments:

Post a Comment