මෙය ස්වාභාවිකව සිදුවන
ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියක් වේ. වයස්ගත ජීවිතයක අවසානය
මරණය ලෙස සනිටුහන් වුවද මෙම මළ ද්‍රව්‍ය ජීරණය වීමෙන් පසු ලැබෙන ඵලය වෙනත් නව
ජීවයක ඇරඹුමට අවශ්‍ය මුලද්‍රව්‍ය සැපයීම සිදුකරයි. කේම්බ්‍රිජ් හි පිහිටි
හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥවරියක් වන ඈන් ප්‍රින්ගල්ට අනුව දිරාපත්වීමේ
ක්‍රියාවලිය මගින් මළ දේහ කුඩා කොටස් වලට බිද හෙලීම සිදුකරයි.
කුමන හෝ ජීවියෙක්
මරණයට පත් වූ පසු ඒ මත ක්‍රියාකාරී වන දිලීර සහ බැක්ටීරියා මගින් එම අජීවී දේහය
බිද හෙලීමේ ක්‍රියාව ආරම්භ කරයි. තවත් ආකාරයකට පැවසුවහොත් මෙම ක්ෂුද්‍ර
ජීවීන් විසින් මළ දේහය දිරාපත් කිරීම ආරම්භ කරනු ලැබේ. සමහර මෙවැනි වියෝජකයන්
පත්‍ර මත හෝ මළ ජීවීන්ගේ අන්ත්‍රෙය් එල්ලී සිටිනු දක්නට ලැබේ. මෙම බැක්ටීරියා සහ
දිලීර built- in destructors ලෙස ක්‍රියා කරයි.
ඉතා ඉක්මනින් තව තවත්
වියෝජකයන් මොවුන් සමග එකතු වනු ලැබේ. මළ ද්‍රව්‍ය ජීරණයට
බදුන් කරන ඒක සෛලික
බැක්ටීරියා සහ දිලීර වර්ග දහස් ගණනක් පසෙහි ජීවත් වෙයි. බිම්මල් මෙන්ම අනිකුත්
බහු සෛලික දිලීර ද මෙම ක්‍රියාවලියේ දී සහායට එති. එමෙන්ම කෘමීන්,පනුවන් සහ අනිකුත්
අපෘෂ්ඨවංශිකයන් ද මෙම ජීරණ ක්‍රියාවලියට දායක වේ.මෙම දිරාපත්
වීමේ ක්‍රියාවලිය ගොවි මහතුන්ට ඉතාම වැදගත් වන අතර වනාන්තර ආරක්ෂාකර ගැනීමට මෙන්ම
විවිධ ජිව ඉන්ධන වර්ග නිෂ්පාදනයටද මෙම ක්‍රියාවලිය උපකාරී වේ.
විද්‍යාඥයන්
විසින් අජීවී ද්‍රව්‍ය දිරාපත් විම කෙරෙහි මෙතරම්ම උනන්දුවක් දැක්විමට මෙම සියලු
කරුණු හේතු පාදක වේ.
දිරාපත් වීමේ
ක්‍රියාවලිය අපට මෙතරම්ම වැදගත් වන්නේ ඇයි?
දිරාපත් විම
යනු සෑම දෙයකම අවසානය පමණක් නොව එය ආරම්භයක් ද වේ.
ජීරන ක්‍රියාවලියෙන්
තොරව අප කිසිවකුත් මිහිමත ඉතිරි නොවනු ඇත. ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියක් වන මෙය
ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යම සිදුවීමක් බව විද්‍යාඥයන් ගේ මතය වේ.
උපුටා ගැනීම http:// WWW.world-health.net
0 comments:
Post a Comment