සිංහලෙන් කහ,
ඉංග්‍රීසියෙන් turmeric, දෙමළෙන් මංජල්,
සංස්කෘත භාෂාවෙන් හරිද්‍රා/නිශා යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන මෙම ශාකය Curcuma longa යන උද්භීද
විද්‍යාත්මකව නම් දරණ සිංජිබරේසි කුලයට අයත් බහුවාර්ෂික පැලෑටියකි. කහ දකුණු
ගිණිකොන දිග ආසියාවේ සම්භවය වී ඇත. අපි කහ වශයෙන් භාවිතා කරනුයේ මෙම ශාකයේ භූගත කඳ
කොටසය.
කහ,
විශේෂයෙන්ම ආහාර වර්ණ ගැන්විමට කුළුබඩුවක් වශයෙන් ද, ඖෂධයක් වශයෙන්ද, විෂබීජ
නාශකයක් ලෙසටද, රූපලාවන්‍ය නිෂ්පාදන වලටද, රෙදිපිලි වර්ණ ගැන්වීමටද, ආගමික කටයුතු
වලදීද යොදාගනු ලබයි. අප ශ්‍රී ලංකාවේ සෑම නිවසකම ආහාර පිසීමේදී කහ එක්කර ගනිති. අතීතයේ
දී තම ගෙවත්තේ වගාකරගත් කහ වියලා ගලේ අඹරා ආහායට එක්කළ නමුත් අද ආහාර තාක්ෂණයේ
දියුණුවත් සමග සහ මිනිසාගේ කාර්යබහුලත්වය නිසා වෙළඳපොලෙන් කහ කුඩු වශයෙන් මිලදී
ගෙන ආහාරයට එක් කිරිමට හුරුපුරුදු වී ඇත.
කහ අලයේ වැඩි
වශයෙන් ඇත්තේ පිෂ්ඨයයි. එයට අමතරව ප්‍රෝටීන, මේද සහ තන්තු අඩංගු වෙයි. මෙහි කාබනික
සංයෝග බොහෝමයක් අතුරින් කහ පැහැයට මූලික වන්නේ කර්කියුමිනොයිඩ් නම් කාබනික
සංයෝගයන්ය. මෙම සංයෝගයන්ගේ පැහැය තැඹිලි පැහැයට හුරු තද කහ පැහැයකි. කහ ප්‍රභේදය,
වගාකරන ලද පරිසර තත්ත්වය යන කරුණු මත කහ වල ඇති කර්කියුමිනොයිඩ් ප්‍රමාණය වෙනස් කම්
සිදුවෙයි. තවද සැකසූ කහ අල වල ඇති මෙම
සංයෝග අධි උෂ්ණත්ව තත්ත්ව හා කාලය මත ක්‍රමයෙන් අඩුවන බව පර්යේෂණ වලින් තහවුරු වී
ඇත.
ශ්‍රී ලංකාවේ
කහ නිෂ්පාදනය රටේ පරිභෝජනයට ප්‍රමාණවත් නොවේ. එම නිසා සෑම වර්ෂයකදීම අප රටට කහ ආනයනය
කරනු ලබයි. ඉන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ ලෝකයේ වැඩිම කහ නිපදවන රට වන
ඉන්දියාවෙනි. නමුත් දේශිය කහ වල ඇති කර්කියුමිනොයිඩ් ප්‍රමාණය ආනයනික කහ වලට වඩා
වැඩි බව පර්යේෂණ වලින් ඔප්පු වි ඇත.
මෙතෙක් දේශීය
පාරිභෝගිකයන්ගේ ඇසට හුරු පුරුදු වූ කහ වල කහ පැහැය ආනයනික කහ වල ඇති ලා කහ
පැහැයයි. මේ නිසා පාරිභෝගික ඉල්ලුම වැඩි ආනයනික කහ වල ඇති කහ පැහැයටයි. නමුත්
නැවුම්ව සකසා ගත් දේශිය කහ කුඩු තැඹිලි පැහැයට හුරු තද කහ පැහැයකින් යුතු නිසාම
පාරිභෝගිකයින් මෙය ප්‍රතික්ශේප කරයි.මේ නිසා දේශීය කහ වලට ඇති ඉල්ලුම අඩු නිසා කහ
කුඩු නිෂ්පාදකයින් දේශිය කහ මිලදී ගැනීමට මැලිකමක් දක්වති. එය දේශීය කහ වගාකරුවන්ට
තම අස්වැන්න අලෙවි කරගැනීමට බාධාවක් වී ඇත.
ඇසින් දැක්කද
එය සත්‍ය නොවන බව බුදු බණේද කියවෙයි. එය අප අවබෝධයෙන්ම වටහාගත යුතුයි. මෙය පාරිභෝගිකයින්ගේ
නොදැනුවත්කම නිසා සිදුවන්නකි. එය පාරිභෝගිකයින්ට පැහැදිලි කර දීම අපගේ වගකීමකි. දන්නෝ
දනිති. දේශිය කහ ආහාරයට සුළු ප්‍රමාණයෙන් එක් කලද හොඳ කහ පැහැයක් සහ සුවඳක්ද
ආහාරයට ගෙනදෙයි.
කහ වල බොහෝ
ඖෂධීය ගුණ ඇත. ඒ අතර විෂබීජ නාශක ගුණය, ප්‍රතිඔක්සිකාරක ගුණය ආදී බෝ නොවන රෝග
ඇතිවීම වැලැක්වීමට
හේතුකාරක ගුණයන් ඇති බව පෙන්වා දෙයි. ආයුර්වේදයේ නොයෙකුත් රෝග වලට ප්‍රතිකාර
කිරීමට කහ යොදා ගනියි.
සැකසුම -
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මාතලේ
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මාතලේ
0 comments:
Post a Comment