බොහෝ පිරිස් තමන්ගේ පරිගණකයේ දත්ත බැකප් කිරීම සඳහා
භාවිතා කරනුයේ CD හෝ DVD තැටිය. ඇතැම් අය Flash drive හෝ අමතර ද්‍රෘඩ තැටි (Hard
Disk) පවා භාවිතා කරනු ලබන බව දක්නට ලැබේ. නමුත් මෙවැනි ආකාරයට
දත්ත බැකප් කිරීමේදී පරිශීලකයාට (User)
සත්‍ය වශයෙන්ම ගබඩාකරන ලද දත්ත නැවත ලබා ගැනීම පිළිබඳ සම්පූර්ණයෙන්ම තහවුරු විය නොහැක. ඒ වාගේම පරිඝණකයේ
දෝෂ,
මෙහෙයුම් පද්ධතියේ දෝෂ , අනිෂ්ට මෘදුකාංග (malware), ගංවතුර ගැලිමක් වැනි
හදිසි ආපදා අවස්ථාවකදී වැනි විවිධ හේතු නිසා
එසේ අප ගබඩා කර ඇති වැදගත් තොරතුරුවලට හානි සිදුවිය හැකිය. Online
backup ක්‍රමයකදී මෙවැනි අවධානමක් දක්නට නොලැබිම සුවිශේෂි ලක්ෂණයකි.
Online backup සේවා සපයන්නන් විසින් බැකප් කිරීමට ඕනැම ගොනු
වර්ගයකට හෝ යෙදුම් මෘද්‍රකාංග වලට අවස්ථාව ලබාදේ. ඵ්වා ගොනු හෝ පැතුරුම්පත් හෝ
දත්ත ගබඩාවක් හෝ පිංතූර හෝ MP3 හෝ ඊමේල් හෝ පරිගණක වැඩසටහනක් ආදීය විය හැකිය.
මුලික වශයෙන්ම Online backup යනු තමන්ගේ පරිගණකයෙන් පිටත බාහිර ස්ථානයක
දත්ත තැන්පත් කිරීමක් ලෙස සරලව හැදින්විය හැකිය. ඒවා ලේඛණ හෝ ගොනු හෝ ෆෝල්ඩර හෝ
ද්‍රෘඩ තැටියේ සම්පූරණයෙන්ම අඩංගු දත්ත විය හැකිය. ඒවා දුරස්ථ සර්වර් පරිගණකයක හෝ
පරිගණක ජාලයකට සම්බන්ධ වෙනත් පරිගණකයක ගබඩා කල හැකිය. Online backup සේවා පහසුකම් සපයන ආයතන විසින් මෙම පහසුකම් සපයා දෙනු ලැබේ. එය ඇත්තටම
අපට ප්‍රයෝජනයක් වන්නේ අපගේ පරිගණකයේ දත්ත ආපදාවකට ලක්වීමක් හෝ නැතිනම් නැති වු හෝ හානි වු විටකදීය.
Online backup යනු ඉතා සරල ක්රමයකි. ඔබගේ පරිගණකයේ දත්ත
නිරතුරුව දුරස්ථ ද්‍රෘඩ තැටියක ගබඩා කිරීම තුලින් පරිගණකයේ ගොනු වලට හානි වීම මගින් එම දත්ත නැතිවීමේ අවධානම ප්‍රායෝගිකව
ඉවත් කරගත හැකිය. ඔබ සතු වේගවත් අන්තර්ජාල
සම්බන්ධතාවය භාවිතා කරමින් වඩා ආරක්ෂාකාරී ලෙස ඔබගේ දත්ත ගොනු නැවත ස්ථාපිත
කරගැනීමේ හැකියාවක් ඇත. ඒවාගේම එම දත්තවල පුද්ගලිකත්වය සහ ආරක්ෂාකාරි බව මුරපද
මගින් සහ encryption මගින් ආරක්ෂා කර දෙනු ලැබේ.
තවද Online දත්ත සේවා සපයන්නන් දත්තවල ආරක්ෂාකාරි බව අතිශයින්ම ආරක්ෂාකිරිමට බැදී
සිටී. දත්ත Online backup කිරීමේදී එකී දත්ත ජාලය තුල
සම්ප්‍රේෂණය වන විට ඒවා encrypted කර දුරස්ථ සර්වර්
පරිගණකයේ ගබඩා කරනු ලැබේ. ඒ වාගේම පරිශීලකයාට තමන්ගේ දත්ත සදහා තමන්ගේම ආරක්ෂාරි encryption Code භාවිතා කිරීමට හැකියාව ඇති බැවින් එම
දත්ත වෙනත් පාර්ශවයකට විවෘත කිරීමේ හැකියාවක් නොමැත. ඔබ Online දත්ත ගබඩා කිරීමේ පහසුකම් සේවා සපයන Web
අඩවියක සේවය ගැනීමට පෙර ඔවුන් ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට යොදාගන්නා ක්රමෝපායන්
පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව මතකයේ රදවා ගත යුතුය.
අන්තර්ජාලය හරහා සම්බන්ධ වන ඕනෑම
පරිගණකයක් හරහා තමන්ගේ දත්ත නැවත ස්ථාපිත කර ගැනීමේ හැකියාව මෙහි ඇති වැදගත් ලක්ෂණයක්
ලෙස දැක්විය හැකිය.
0 comments:
Post a Comment