December 11, 2014

2040 වන විට ජල හිඟයක්

විදුලිය නිෂ්පාදනයට ලොව පුරා ජලය භාවිතා කරයි. නමුත් නව පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ 2040 වන විට දැනට පවතින විදුලිය ජනනය කරන ක්‍රම වෙනස් නොකරන්නේ නම් මිනිසුන්ගේ අවශ්‍යතාවය සැපිරීමට අවශ්‍ය ජලයවත් මිහිතලය මත ඉතිරි නොවන බවයි. එනම් ලොව ජනගහනයෙන් බීමට අවශ්‍යය ජලය වත් සැපයීමට හැකි නොවනු ඇති බව අවුරුදු 3 ක් තිස්සේ කල පර්යේෂණයක් පෙන්වා දෙයි. Denmark හි Aarhus විශ්ව විද්‍යාලයත් Vermont Law පාසැලත් සමඟ ඇමරිකාවේ CNA Corporation විසින් මෙම පර්යේෂණ මෙහෙයවා ඇත.

බොහෝ රටවල විදුලි ජනනයේදී භාවිතා කරන දෙයක් වන්නේ ජලයයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ විදුලි උත්පාදක යන්ත්‍ර නිවා ගැනීමට මූලික වශයෙන් ජලය අවශ්‍ය වීමයි. සුළං සහ සූර්ය විදුලි උත්පාදක යන්ත්‍ර පමණක් එවැනි නිවීමේ කාර්යයක් අවශ්‍ය නොවන විදුලි උත්පාදක ක්‍රම දෙකකි. ඒ නිසාම ඉහත පර්යේෂක කණ්ඩායම් වල මූලික නිගමනයක් වන්නේ ජලය වැඩි වශයෙන් භාවිතා වන ක්‍රම වෙනුවට සුළං හා සූර්ය විදුලි උත්පාදක ක්‍රම භාවිතා කිරීමයි.

මහාචාර්ය බෙන්ජමින් සොවාකූල් පවසන්නේ ඔවුන් සිදු කල මෙම පර්යේෂණයේදී සමහර විදුලි උත්පාදක යන්ත්‍ර ජලය කොපමණ ප්‍රමාණයක් භාවිතා කරන්නේද යන්නවත් අදාල නිෂ්පාදකයින් නොදන්නා බවයි. තවද අපට ජල උල්පත් ඇත්තේ සීමා සහිත ප්‍රමාණයක් බැවින් මේ සඳහා අදාල පියවරවල් ඉතා ඉක්මනින් නොගතහොත් විශාල ව්‍යසනයක් අත ළඟ බවයි. 

ඔවුන්ගේ පර්යේෂණ වලට අනුව පහත ක්‍රම ඉදිරියේදී ක්‍රියාත්මක කල හැකි නම් මෙම ප්‍රශ්නය යම් තාක් දුරට අඩුකර ගත හැකි බව දන්වා සිටී.

  • කාර්යක්ෂම ශක්ති භාවිතය වැඩි කිරීම 
  • යන්ත්‍ර නිවීමට ජලය භාවිතය වෙනුවට වෙනත් ක්‍රම සඳහා පර්යේෂණ කිරීම
  • සුළං සහ සූර්ය විදුලි ජනනය සඳහා වැඩි ප්‍රවණතාවයක් දීම  
  • දැනට භාවිතා වන විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා ජල භාවිතය පිළිබඳ නිවැරදි ලෙස ගණනය කිරීම

ඉහත පර්යේෂණ කණ්ඩායම් ලෝකයේ ස්ථාන හතරක (France, America, China සහ India) එකම පර්යේෂණය ක්‍රියාත්මක කර ඇත. මෙහිදී පළමු පියවර ලෙස දැනට ශක්ති භාවිතය හඳුනාගෙන එය 2040 දක්වා ගණන් බැලීමක් සිදු කර ඇත. පර්යේෂකයින් පුදුම කරවමින් ස්ථාන හතරේදීම එකම ආකාරයක නිරීක්ෂණයන් ලැබී ඇත. එනම් දැනට සිදු කරන ආකාරයෙන් සිදු කලහොත් 2040 වන විට ශක්ති ජනනයට හෝ ජනතාවගේ පාවිච්චියට හෝ ජලය ඉතිරි නොවන බවයි මහාචාර්ය සොවාකූල් අවසාන වශයෙන් කියා සිටින්නේ කාලය නාස්ති නොකර සෑම රටකම තීරණ ගන්නා පිරිස් වහාම මේ සහා පියවර ගත යුතු බවයි.

සැකසුම: උඩපලාත විද්‍යා හා තාක්ෂණ නිලධාරි
 

0 comments:

Post a Comment