December 11, 2014

මිනිස් මොළය අනුව සැකසූ විද්‍යුත් පරිපථයක්

ස්ටැන්ෆර්ඩ් විද්‍යාඥයින් විසින් මිනිස් මොළය පාදක කර ඉතා වේගවත් කාර්ය්‍යක්ෂම Microchip එකක් නිර්මාණය කර ඇත. එය දැනට භාවිතා කරන පරිගණකයට වඩා 9000 ගුණයක් වේගවත් වන අතරම විදුලි භාවිතය ඉතා අඩුය. මෙම සොයා ගැනීම ඉදිරියේදී රොබෝ යන්ත්‍ර තාක්ෂණය සහ පරිගණක ක්ෂේත්‍ර වල වැඩි දියුණුවට දායක කර ගත හැක. උදාහරණයක් ලෙස මිනිස් මොළය තරම් වේගවත් හා කාර්යක්ෂම Chip එකක් මගින් මිනිසෙකුගේ අත් පා චලන වැනි සංකීර්ණ චලනයන් සිදු කල හැකි වනු ඇත. විද්‍යාඥ බෝහේන් පවසන්නේ මිනිස් මොළය සැසඳීමට ඉතා අපහසු දෙයකි. බෝහේන් සහ ඔහුගේ කණ්ඩායම කෘත්‍රීම ස්නායු ජාලයක් නිර්මාණය කර ඇති අතර එහි භාවිතා කරන්නාට වෙනස් කර ගත හැකි Neuro core chip 16 ක් ඇත. මෙම චිප් 16 මගින් ස්නායු මිලියනයක් සක්‍රීය කල හැකි සේම ස්නායු ක්‍රියාකාරකම් මිලියනයක් මෙම නිර්මාණිත ස්නායු  ජාල පරිපථය නවීන IPOD එකක් තරම් විශාල වේ.

ජාතික සෞඛ්‍ය ආයතන මගින් අවුරුදු පහක කාලයක් සඳහා මෙම නිර්මාණ කාර්ය සඳහා මූල්‍යමය දායකත්වය ලබා දේ. දැනට බෝහේන්ගේ ප්‍රධාන කාර්යන් වී ඇත්තේ නිෂ්පාදන වියදම අඩු කිරීම, ඉංජිනේරුවන් සහ පරිගණක විද්‍යාඥයන් වැනි ස්නායු විද්‍යාව ගැන දැනුමක් නැති අය මෙය භාවිතා කිරීමේදී නැඟෙන ප්‍රශ්ණ විසඳීම වැනි දෑ වෙතය. තවද ඔහු අංශභාග ලෙඩුන් සඳහා මෙය භාවිතා කල හැකිද යන්නත් පර්යේෂණයේ යෙදේ.

දැනට මෙය නිර්මාණය කිරීමට ගන්නා අමුද්‍රව්‍ය හා අවුරුදු 15 පමණ පැරණි තාක්ෂණික ක්‍රම වෙත ඩොලර් 40,000 ක් පමණ වැය වේ. නමුත් නවීන තාක්ෂණික ක්‍රම වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කල හැකි නම් නිෂ්පාදන වියදම 100 ගුණයකින් පහත දැමිය හැකි බව විද්‍යාඥ බෝහේන් පවසයි.

උපුටා ගැනීම- http://www.sciencedaily.com/releases/2014/04/140428134051.htm
සැකසුම- උඩපලාත විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment