
තේ ගසෙහි නිජ බිම චීනය බව සඳහන් වේ. ක්‍රි.පූ. 2737 දී පමණ චීනයේ ෂේන්නුන් අධිරාජයා තේ පානය කර ඇති බව වාර්තා වේ. කැමීලියා සිනෙන්සිස් මෙහි උද්භිද විද්‍යාත්මක නාමයයි.
අපේ
රටේ තේ පිළිබඳ ඉතිහාස තොරතුරු අනුව ක්‍රි.ව. 1824 දී චීනයෙන් ද, 1839
දී ඇසෑමයෙන් ද ගෙන්වන ලද තේ බීජ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ රෝපණය කළ බව පැවසෙයි.
ක්‍රි.ව. 1867
දී හේවාහැට ලුල් කඳුර වතු යායේ ඡේම්ස් ටේලර් විසින් තේ වගාව ආරම්භ කර තිබේ

තේ දල්ලෙහි රසායනික ද්‍රව්‍යවල සංයුතිය දිග නො හැරුණු දල්ලේ සිට පහළට අඩු වේ. මේ නිසා උසස් ගුණාත්මක බවකින් යුත් ඉහළ ශ්‍රේණියේ තේ ලබා ගැනීමට යොදාගනු ලබන්නේ දිග නො හැරුණු දල්ලේ සිට පහළට නො මේරූ දලු දෙකක් තුනක් පමණි.
තේවල අඩංගු ද්‍රව්‍යයන්හි සංයුතිය අනුව තේ සෞඛ්‍යජනක පානයක් බව සනාථ වී තිබේ. හෘදයාබාධ ඇති වීමේ අවදානම අඩු කරන බවත්, පිළිකා සෛල ඇති වීම මර්දනය කිරීමට හේතු වන බවත් සඳහන් වේ. දත් සහ විදුරුමස් ආශ්‍රිත බැක්‌ටීරියා විනාශ කිරීමට සමත් වන බැවින් දත් දිරා යැම අඩු කිරීමේ හැකියාව ද පවතී. අස්‌ථි ශක්‌තිමත් කර ගැනීමටත්, රුධිරයේ සීනි මට්‌ටම අඩු කර ගැනීමටත් හේතු වන ගුණයක් පවතී. එහෙත් තේ පිළියෙල කිරීමේ දී අනුගමනය කරන අධිකව සීනි යෙදීමේ කාර්යය නිසා එහි ගුණය අප විසින් ම විනාශ කර ගනු ලැබේ.

තේවල ගුණය ආරක්‍ෂා කරගෙන පානය සඳහා තේ පිළියෙල කරගැනීමට නම් නිවැරැදි ක්‍රමයක් අනුගමනය කළ යුතු ය. හොඳින් උතුරන තෙක් රත් කර ගත් ජලය මූඩිය වසාගත හැකි භාජනයකට දමාගත් තේ කොළවලට වත් කර ගත යුතු ය. හුමාලය පිට ව නො යන සේ භාජනය වසා විනාඩි 03-05ක කාලයක් තබා ගැනීම අවශ්‍ය ය. ඉන්පසු පෙරාගෙන පානය සඳහා යොදා ගැනීමෙන් තේවල නියම පෝෂණ ගුණය ලබාගත හැකි ය. දිනකට තේ කෝප්ප 5ක් පානය කිරීමෙන් මොළයේ ලේ කැටි හිර වීම 50%කින් අඩු කරගත හැකි බව ජපානයේ වෛද්‍ය පර්යේෂණාගාරයක් වාර්තා කරයි.
සකස් කලේ : අනුෂා සාගරිකා
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි ,තිඹිරිගස්යාය.
0 comments:
Post a Comment