කුණු පිච්චීම මගින්
මුදා හැරෙන අපද්‍රව්‍ය දැනට වාර්තා වන ප්‍රමාණවලට
වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වේ. ජාතික වායුගෝලය සඳහා වූ පර්යේෂණ
ආයතනය මගින් මෑතදි සිදු කල අධ්‍යයනයකට අනුව ලෝකයේ අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40% ක්
පමණම මෙසේ දහනයෙන් පරිසරයට එකතු වන බවයි. මෙසේ එකතු වන වායූන්, කුඩා දූවිලි අංශූ මගින් මිනිස් සෞඛ්‍ය වෙත බලපෑම් ඇතිකරගන්නා සේම කාලගුණ
විපර්යාසද සිදු කරයි. මෙම පර්යේෂණය මගින් කාබන් මොනොක්සයිඩ් සහ මර්කරි වැනි අසාධ්‍ය
අසනීප තත්වයන් වෙත බලපාන මූලද්‍රව්‍ය හෝ අනු වෙත අවධානය යොමු කරයි. එසේම වැඩිම මිනිස් ක්‍රියාකාරකම්
වෙතින් වායුගෝලයට මුදා හරින හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් වෙත වැඩි
අවධානයක් යොමු කර වායුගෝලයට මුදා හැරෙන ප්‍රමාණ
අනුව ඉදිරිය මැන බැලීමක් (estimate) සකසා ඇත.
ව්‍යාපාරික දහනාගාර හැර විවෘත ස්ථාන වල කුණු පිච්චීමෙන් පරිසරයට මුදා හැරෙන
වායූන් හා මූලද්‍රව්‍ය මැන බැලීමක් සිදු නොවේ. විද්‍යාඥ ක්‍රිස්ටීන් වීඩන්ම්යර්
පවසන්නේ ලෝකයේ වයු දූෂණයන් වාර්තා වන්නේ සිදු කරන ප්‍රමාණයෙන් බොහෝ අඩුවෙන් බවත්
එයට හේතු වන්නේ කිසිවෙක් සෑම වායු දූෂණයක්ම වාර්තා කිරීමට නොසිටීම බවයි. මෙය
පිළිබඳව ඉදිරියේදී වැඩි අවධානයක් යොමු විය යුතු බවද ඇය දන්වා සිටී.
මේවන විට කුණු පිච්චීම ලෝකයටම දැවෙන ප්‍රශ්ණයක් වී හමාරය. දියුණු වෙමින්
පවතින රටවල කුණු බැහැර කිරීමේ නිසියාකාර ක්‍රම විධි නොවීම නිසා මෙම ප්‍රශ්නයෙන් වැඩි
ලෙස පීඩා විඳී. ගම් මට්ටමෙන් හා විශාල නගරවල කුණු පිච්චීම වැඩිවීමට ප්‍රධානතම
හේතුව වී ඇත්තේ මිනිසුන්ගේ භාවිත ද්‍රව්‍ය වෙනස් සහ වැඩි වීමයි. සාමාන්‍යයෙන් කුණු
ලෙස බැහැර කරන්නේ කැඩී ගිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය සහ කෑම
එතීමට ගන්නා ද්‍රව්‍ය සහ ලී අපද්‍රව්‍යයයි.
කුණු දහනයෙන් පරිසරයට මුදා හැරෙන දෑ බැලීමට විද්‍යාඥ වීඩින්මයර් සහ ඇයගේ
කණ්ඩායම සෑම රටකම ජනගහන තොරතුරු සහ ඒක පුද්ගල කුණු බැහැර කිරීම සංසන්ධනය කරන ලදි.
ඔවුන්ගේ ගණනය කිරීම් අනුව ටොන් බිලියන 1.1ක් එනම් බැහැර කරන කුණු වලින් 41% ක් අක්‍රමවත් ගිනි
තැබිම් මගින් සිදු කරන බව පෙන්වා දෙයි.
තව දුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ වැඩි කුණු ප්‍රමාණයක්
නිෂ්පාදනය කරන්නේ ජනගහනය අධික තාක්ෂණික දියුණුවේ එක් එක් ස්ථාන ගන්නා රටවල්ය. එනම්
චීනය, ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසිලය, මෙක්සිකෝව, පාකිස්ථානය හා තුර්කියයි.
එක් එක් රටවල් වල පරිභෝජන ක්‍රම අධ්‍යනයෙන් මෙම පර්යේෂණ
කණ්ඩායම පරිසරයට නිකුත් කරන වායු සංයෝග ප්‍රමාණ ගණනය කරන ලදි. එහිදී අනාවරණය වුයේ
මිනිසා සම්බන්ධ පරිසර විමෝචන වලින් 29% ක්ම ඉතා කුඩා අංශු වන අතර ඒවායේ විෂ්කම්භය
මයික්‍රෝන 2.5 ට වඩා අඩුය. තවද 10% රසදිය වන අතර 40% Polycyclic Aromatic Hydrocarbons (PAHS) වේ. මේ දේවල් මගින් මිනිසාගේ පෙනහළු ක්‍රියාකාරීත්වය අඩු කරන අතරම
මානසික අවසිහි තත්ව, පිළිකා සහ හෘධයාබාධ ඇති කරයි. සමහර දියුණු වෙමින් පවතින රටවල්
එනම් ලෙසතො, බුරැන්ඩි, මාලි, සෝමාලියා සහ ශ්‍රී ලංකාව වැනි රටවල් වල කුණු
පිච්චීමෙන් නිපදවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ගණන් බලා ඇති ප්‍රමාණවලටට වඩා
බෙහෙවින් වෙනස් වේ.
මෙම පර්යේෂණ කණ්ඩායමේ ඊළඟ පියවර වන්නේ මෙම වායු දූෂක
මගින් වැඩිපුරම බලපෑමක් ඇති කරන්නේ කුමන ස්ථාන වලද යන්න බැලීමයි. ඇය පවසන පරිදි
වායු දූෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු වීමට මෙම පර්යේෂණ ක්‍රියාවලිය උදව් වන අතරම ඊළඟ පියවර ලෙස මෙම දූෂක පරිසරයට
නිකුත් කළ විට වායුගෝලයට සිදුවන වෙනස් වීම , වායුගෝලයේ කුමන ස්ථාන වෙත මේවා රැගෙන
යන්නේද යන්න සේම මේවා මගින් කුමන ජන කොට්ඨාශ වැඩිපුර අවධානමකට ලක්වේද යන්න
ඉදිරියේදී පරීක්ෂා කෙරේ.
සැකසුම: උඩපලාත විද්‍යා හා තාක්ෂණ නිලධාරි
0 comments:
Post a Comment