ලෝකයේ පළමු වතාවට උපතින්ම ගර්භාෂය පිහිටා නැති කාන්තාවකට බද්ධ
කරන ලද ගර්භාෂයක් තුල උපන් ලොව පලමු දරුවා
2014 වසරේ සැප්තැම්බර් මාසයේ මෙලොව එළිය
දුටුවේය. මෙම පිරිමි දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූවේය. මෙම මව 36 හැවිරිදි
ස්වීඩන් ජාතික කාන්තාවකි. ඇයගේ පවුලේමිතුරියක වූ 61 හැවිරිදි කාන්තාවක් විසින්
ඇයට ගර්භාෂය පරිත්‍යාග කර ඇත.
36 හැවිරිදි ස්වීඩන් ජාතික මෙම කාන්තාව උපතින්ම ගර්භාෂය පිහිටා නැති දුර්ලභ රෝගී
තත්වයෙන් පෙළුනාය. (Absolute uterine factor infertility) කාන්තාවන් 4500 ගෙන්
එක් අයකුට මෙම රෝගී තත්වය ඇතිවන බව වෙද්‍යවරුන්
වාර්තා කරයි. (නිරෝගී ඩිම්භ කෝෂ තිබුණත් ගර්භාෂය පිහිටා නොතිබීම)
රොකීටන්ස්කි සහලක්ෂණයෙහි
(Rokitansky Syndrome ) ප්‍රතිඵලයක්
ලෙස මෙම තත්වය ඇතිවේ. මේ දක්වා කාන්තාවන්ගේ මෙම වඳභාවය ප්‍රතිකාර කල නොහැකි
තත්වයක් ලෙස සලකන ලදී. නමුත් වසර 10 ක පමණ කාලයක් තිස්සේ ස්වීඩනයේ ගොදර්න්බර්ග්
විශ්ව විද්‍යාලයේ (University of Gothernburg) පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙසේ උපතින්ම
ගර්භාෂය පිහිටා නැති කාන්තාවක් සඳහා
ගර්භාෂයක් සාර්ථකව බද්ධ කර සාර්ථකව දරුවකු බිහිකිරීමට ඇති හැකියාව පිලිබඳ
පර්යේෂණ සිදු කරන ලදී.
2013 වසරේ මෙම රෝගී තත්වයෙන් පෙළුනු
කාන්තාවන් 9 දෙනෙකු සඳහා දැනට ජීවත්ව සිටින කාන්තාවන්ගෙන් ලබා ගත් ගර්භාෂයක් බද්ධ
කිරීම සිදු කරන ලද අතර මෙම මව ඔවුන් අතරින් එක් අයෙකි. ගර්භාෂය බද්ධ කිරීමෙන් මාස
2/3 කාලයකදී මෙම කාන්තාවගේ ඔසප් චක්‍රය ආරම්භ විය. ඇයගේ ඩිම්භ කෝෂ හොඳින් ක්‍රියාත්මක
විය. ගර්භාෂය බද්ධ කිරීමට ප්‍රථම ශරීරයෙන් පිටත සිදු කෙරෙන සංසේචනය ක්‍රමය (IVF-In Vitro Fertilization) මගින් ඩිම්භ සංසේචනය
කර කළල සකස් කරගෙන තිබිණි.
කෙසේ නමුත් 2013 වසරේදී මෙම රෝගී තත්වයෙන්
පෙලෙන කාන්තාවන් 9 දෙනෙකු සඳහා දැනට ජීවත්ව සිටින කාන්තාවන්ගේ ගර්භාෂන් බද්ධ කිරීම
සිදු කල අතර ඉන් දෙදෙනෙකුගේ ගර්භනීභාවයේ මුල් අවස්ථාවේදී දැඩි ලෙස අසාත්මික තත්වයන් ඇති වූ අතර අනෙක්
කාන්තාවන් 7 දෙනාගේ සෞඛ්‍ය තත්වය යහපත් විය.
ගර්භාෂය බද්ධ කිරීමෙන් වසරකට පසු IVF ක්‍රමය මගින්
කලල තැම්පත් කිරීම සිදු කරන ලදී. එමෙන්ම මෙම මව සිසේරියන් සැත්කමක් මගින් සති 31
දී තම දරුවා බිහි කල අතර අඩු වයසින් උපත ලැබුවත් මෙම පිරිමි දරුවා හොඳ සෞඛ්‍ය
තත්වයෙන් පසුවන බව වෛද්‍යවරු වාර්තා කලෝය.
දරුවා මෙන්ම මවද යහපත් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා විය.
මෙම පර්යේෂණයට අමතරව කාන්තාවන් දෙදෙනෙකු
සඳහා වෙනත් ගර්භාෂයක් බද්ධ කල අතර මාස 3කදී නැවත ඉවත් කිරීමට සිදුවිය. එය අසාර්ථක
විය.
තවත් අවස්ථාවකදී මැරුණු කාන්තාවගේ ගර්භාෂය
මෙසේ බද්ධ කරන ලද අතර එම කාන්තාව දෙවරක් ගැබ් ගත් නමුත් සති 6ට පෙර කලලය විනාශ
විය.
කෙසේ නමුත් මෙම සිදුවීම වෛද්‍ය විද්‍යාවේ
තවත් හාස්කමක් ලෙස හැඳින්විය හැකිය.
මෙම දරුවාගේ දෙමාපියන් පිලිබඳ වැඩි විස්තර
මාධ්‍ය ඔස්සේ අනාවරණය නොකල අතර තමන්ට ලැබුණු පුදුම සහගත දරුවා පිළිබඳ ඔවුන් මහත් සතුටට පත්ව ඇති
බව වාර්ථා විය.
0 comments:
Post a Comment