නැනෝ තාක්ෂණය
වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, පරීක්ෂණ
වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම
සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්දර
සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර,
ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු
කිරීම් සිදු
විය. අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ
මීටරයක විෂ්කම්භය
අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින්
කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ
ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව
නැණෝ අංශුව මෙන් 107
වාරයක් (10,000,0000)
විශාලය.
ප‍්‍රමාණය
එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය
ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව,
ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය,
ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය
වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා
මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කාර්යක්ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ
ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.
රිදී වල ප්‍රතික්ෂුද්‍රව
ජීවී ගුණය නිසා රිදි ප්‍රතික්ෂුද්‍රජීවීකාරකයක් ලෙස යොදා ගනියි.මේ නිසා මෙය විවිධ
සේදුම්කාරක වල අඩංගු වේ.
නැනෝ රිදී
අංශුද ප්‍රතික්ෂුද්‍රජීවීකාරකයක් ලෙස
පර්යේෂකයන් විසින් මේ වන විට හදුනා ගෙනඇත.
නැනෝ රිදී අංශු
අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. මෙම රිදී අංශු රෙදි සෝදන යන්ත්‍ර වලද භාවිතා වේ.
මෙහිදී සෝදන රෙදි මත බැක්ටීරියා වර්ධනය වලක්වයි.මෙම යන්ත්‍රය තුල රිදී අංශු විශාල සංඛ්‍යාවක් නිදහස් වේ.
මෙහිදී රිදී
අයන රෙදි වල ප්‍රතික්ෂ්‍රද්‍රජීවී පටලයක් ලෙස ක්‍රියා කරයි.
රිදී අංශු
ප්ලාස්ටික් ,ලෝහ වටා ප්‍රතික්ෂුද්‍රජීවී පටලයක් ලෙස යොදා ගත හැක.මෙම පටල E. coili, S. aureus වැනි ක්ෂුද්‍රජීවින්ට
එරෙහිව ක්‍රියා කරයි.
මෙම පටල ආහාර ඇසුරැම් ද්‍රව්‍යයක් ලෙස යොදා ගත හැක.මෙම
ආහාර ඇසුරැම් මගින් තාපය ,උෂ්ණත්ව වෙනස්වීම් සහ දෙදරීම් වලින් ආහාර ආරක්ෂා කරනු
ලැබේ.
සක්‍රිය ඇසුරැම්කරණය ”(Active packaging) යේදී රසායනික සංරක්ෂක වලට ආදේශකයක් ලෙස ශාකසාරමය
ස්වභාවික (Natural herbal) සංරක්ෂක භාවිතා කර ඇත. මේ සඳහා ඔවුන් බැක්ටීරියා
ප්‍රතිරෝධි ලක්ෂණ පෙන්වන ඔරිගානෝ (Oregano) සහ කරාඹු( Clove) ශාකවලින්
ලබාගන්නා සංගටක වලින් මෙම ස්වභාවික සංරක්ෂක නිෂ්පාදනය කර “ සක්‍රිය
ඇසුරැම්කරණය ” සඳහා යොදාගෙන ඇත.
මේ සඳහා මුල්වූ බ්‍රසීලයේ විස්කෝසා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්
කණ්ඩායම (Team of scientist from the University of Viscosa in
Brazil) විසින් ඉහත
ශාකවලින් ලබා ගන්නා සගන්ධ තෙල් (assented oil) ජලය සහ
සනීකාරක සමග මිශ්‍ර කිරීමෙන් අනුභව කල හැකි තුනී පටල නිෂ්පාදනය කර ඇත. ඉන් පසු මෙම (edible
films) තුනී ශාඛසාරමය පටල
ආහාර ඇසිරීමට ගන්නා බෑග්වල ආහාර සමග ඇසිරීමෙන් ආහාර නරක් නොවී කල් තබා ගත හැකි බව සොයා ගෙන ඇත.
මෙම පටල වලට නැනෝ රිදී අංශු එකතු කර
ප්‍රතික්ෂුද්‍ර ජීවී අගය වැඩි ආහාර ඇසුරැම් ද්‍රව්‍යය නිර්මාණය කර ඇත.
උපුටා ගැනීම
http://www.sigmaaldrich.com/materials-science/nanomaterials/silver-nanoparticles.html
0 comments:
Post a Comment