December 18, 2014

සුළං බලය පුනර්ජනනීය බලශක්තිය ලෙස

පුනර්ජනනීය බලශක්ති යන පොදු නාමයෙන් හඳුන්වන්නේ කාලය සමග ක්ෂයවී නොගොස් කෙටි කලකින්ම යලිත් ජනනය වන බලශක්ති ප්‍රභවයන් ය. උදාහරණ ලෙස සූර්ය ශක්තිය, ජල විදුලිය, සුළං බලය, උදම් ශක්තිය, ජීව ඉන්ධන (දර වැනි) ආදිය දැක්විය හැක.


පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කර විදුලි බලය නිපදවීමට මේ වන විට ලොව පුරා විශාල උනන්දුවක් ඇතිවී තිබෙන අතර  පොසිල ඉන්ධන දහනය මගින් සිදුවන විශාල පරිසර හානිය මෙන්ම පොසිල ඉන්ධන සම්පත සීග්‍රයෙන් ක්‍ෂයවීයෑම නිසා වැඩිවන ඉන්ධන ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට ඇති නොහැකි වීම මේ අයුරින් පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීම කඩිනම් කිරීමට හේතුවකි.
වසර 2020 වන විට සිය විදුලිබල අවශ්‍යතාවයෙන් 20%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ලබා ගැනීමට  ජර්මනිය සැලසුම් කර තිබෙන අතර  වසර 2050 වන විට මෙම අගය 80% දක්වා වර්ධනය කර ගැනීමත් ඔවුන්ගේ සැලසුකර ඇත.  එක්සත් රාජධානියත් මෙවැනිම සැලසුමක් සහිත රටක් වන අතර
මෙවන් රටවල් බොහොමයක් භාවිතා කරනු ලබන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වන්නේ සූර්ය ශක්තිය සහ සුළං බලයයි.   මෙම බලශක්ති ප්‍රභවයන් දෙකම පාලනය කල නොහැකි ප්‍රභවයන් වේ .
     මෙම ප්‍රභව මගින් වැඩි වශයෙන් විදුලිය නිපදවිය හැක්කේ ඇතැම් විට විදුලි බල පරිභෝජනය අඩු අවස්ථා වල වන අතර  විදුලිබල පරිභෝජනය වැඩි කාල පරාස වලදී අවශ්‍ය වන විදුලිය නිපදවීමට මෙම ප්‍රභවයන්ට නොහැකියාවක් ඇත. උදාහරණයක් ලෙස රාත්‍රී 7.30 - 9.30 වැනි කාල පරාසයක් ගතහොත් අප රටේ විදුලි බල ඉල්ලුම ඉහල අගයක පවතින කාල පරාසයක වන මේ වෙලාවට සුර්ය බලයෙන් විදුලිය නිපදවිය නොහැක. මෙවන් අවස්ථා වල භාවිතයට ගැනීමට දවල් කාලයේදී නිපදවූ විදුලි බලය ගබඩා කර තබා ගත යුතුවෙයි.
විදුලිබලය ගබඩා කර තබා ගැනීම ඉතාම අභියෝගාත්මක කටයුත්තක් වන අතර  බැටරි වැනි උපාංග යොදාගෙන අති විශාල විද්‍යුත් ශක්තියක් ගබඩා කර තබා ගැනීම ඉතාම මිල අධික ක්‍රියාවලියක් වේ. මෙවිට විදුලි ඒකකයක මිල දරා ගත නොහැකි තරම් ඉහල මිලක් ගන්නා බැවින් ලෝකයේ විවිධ පර්යේෂණ කණ්ඩායම් විදුලිය ගබඩා කර තබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සොයා පර්යේෂණ දියත් කරමින් පවතී.
     සූර්ය ශක්තිය මෙන්ම සුළං බලයෙන් නිපදවූ විදුලි බලය යොදාගෙන හයිඩ්‍රජන් නිපදවා එම හයිඩ්‍රජන් ගබඩා කර තබා ගැනීම මෙම බලශක්ති ගබඩා කර තබා ගැනීමේ තවත් එක් සාර්ථක උපක්‍රමයක්වන අතර  මෙහිදී  විදුලිය භාවිතා කර ජලය විද්‍යුත් විච්ජේදනය කර එමගින් හයිඩ්‍රජන් නිපදවීම සිදුවේ. මෙම ක්‍රමවේදය භාවිතා කර බලශක්ති ගබඩා කර ගැනීම කෙරෙහි ජර්මනියේ අවධානය යොමුවී තිබෙනඅතර ලෝ සුපතල Siemens සමාගම පවසන්නේ ජර්මනිය අපේක්ෂා කරන මට්ටමේ විශාල විදුලිබල ගබඩා කර ගැනීමක් සඳහා මෙම ක්‍රමවේදය ඉතාම සාර්ථක බවයි. මේ සඳහා අවශ්‍ය තාක්ෂණයද Siemens සමාගම සතුව පවති. මෙලෙස සූර්ය ශක්තිය සහ සුළං බලය භාවිතා කර නිපදවූ හයිඩ්‍රජන් වායුව ඉන්ධනයක් ලෙස භාවිතා කර fuel cell මගින් විදුලිය නිපදවිය හැකි බැවින් විදුලිබල අවශ්‍යතාවය ඉහල ගිය අවස්ථා වලදී මෙම ගබඩා කර ගත් හයිඩ්‍රජන් වලින් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය නිපදවිය හැකියාවක් ඇත.
      Fuel cell එකකදී සිදුවන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් දහනයකින් තොරව ප්‍රතික්‍රියා කර විදුලිය නිපදවීමයි. මෙම විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාම කාර්යක්ෂම ක්‍රියාවලියක් වන අතර සොලිඩ් ඔක්සයිඩ් ෆුඑල් සෙල් (Solid Oxide Fuel Cell) වැනි fuel cell භාවිතා කර විදුලිය නිපදවීමේදී 70% -80%ක පමණ කාර්යක්ෂමතාවයකින් විදුලිය නිපදවිය හැකියි.  මෙසේ විදුලිය නිපදවීම ඉතාම පරිසර හිතකාමී ක්‍රමයකි.
     නමුත්, ජලය විද්‍යුත් විච්ජේදනයෙන් විදුලිය නිපදවීම එතරම්  කාර්යක්‍ෂම ක්‍රියාවලියක් නොවන අතර   සූර්ය බලයෙන් හෝ සුළං බලයෙන් නිපදවූ විදුලියෙන් සැලකිය යුතු ප්‍රමානයක් නාස්තිවීමක් සිදුවේ.   මේ වනවිට ජලය විද්‍යුත් විච්ජේදනයෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම සඳහා පර්යේෂණ සිදු වන අතර මෙම පර්යේෂණ සාර්ථක මට්ටමේ පවතී. 

උපුටා ගැනීම : විදුලොවින් 
           


    

1 comments:

fi can be copy vbery goood

Post a Comment