December 18, 2014

නොමේරූ ළදරු ජීවිත සුරකිමට සුළං පුරවන ලද ඉන්කියුබේටර

                                       MOM 
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව සෑම වසරකම නියමිත කාලයට පෙර මෙලොව එළිය දකින නොමේරූ ළදරුවන් මිලියනයකට වඩා ප්‍රමාණයක් විවිධ අක්‍රමිකතාවලට භාජනයවීම හේතුවෙන් මියයාමට ලක්වන බව සොයාගෙන ඇත. එමෙන්ම සෑම සංවර්ධනය වන රටකම නොමේරූ ළදරු මරණ අනුපාතය ඉතා ඉහල අගයක් ගනී.

මෙයට හේතුවන්නේ මෙම රටවල ජනගහනයට සාපේක්ෂව පලපුරුදු වෛද්‍යවරුන්ගේ හිඟතාවය හා නියමිත කාලයට පෙර උපත ලබන ළදරුවන් ආරක්ෂාකර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය හා උපකරණ නොමැතිවීමයි. MOM ලෙස නම් කර ඇති මෙම මෙම නව සොයා ගැනිම මගින් නොමේරූ ළදරුවන් සඳහා ජීවත්වීමේ හැකියාව ලබාදී වර්ධනය වීමට අවස්ථාව උදාකරනු ලැබේ.

එංගලන්තයේ ලාෆ්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ (Laughborough University) මෑතකාලීන උපාධිධාරියෙකු වන ජේම්ස් රොබර් (James Rober) විසින් සොයා ගන්නා ලද MOM පහසුවෙන් හැසිරවිය හැකි වුවමනා කාලයක් ළදරුවන්ට උණුසුම සැපයිය හැකි තාක්ෂණය සහිත උපකරණයකි. අනාථ කඳවුරක සිටින නොමේරූ ළදරුවන් පිළිබඳ ලේඛණයක් පරිශිලනයෙන් අනතුරුව මෙම නව සොයාගැනීම සිදුකරන ලද අතර ඒ සඳහා මෙම වසරේදී ජේම්ස් ඩයිසන් සම්මානය (James Dyson Award) ප්‍රදානය කරන ලදී.
                            James Roberts
            සාමාන්‍යෙයන් ඉන්කියුබේටර් යන්ත්‍රයක් ඇමෙරිකානු ඩොලර් 45000 ක් තරම් මිල අධික වන අතර බරින් වැඩිවීම, ප්‍රමාණයෙන් විශාලවීම හේතුවෙන් ප්‍රවාහනයේදී ගැටලු මතුවේ. මෙම MOM නිර්මාණය කර ඇත්තේ මෙම ගැටලු දෙකටම විසදුමක් ලැබෙන ආකාරයටයි. තුනී ප්ලාස්ටික් වලින් සකස් කරන ලද ප්‍රධාන කුටීරය නිපදවීමට යන වියදම පාපේක්ෂව අඩුවන අතර නවා ගමන් මල්ලක් ලෙස රැගෙන යා හැකිය. මෙම උපකරණය සුළං පිඹීම මගින් විශාලනය කර විදුලිය මගින් උණුසුම් කල හැකිය. ළදරුවාට සැපසහසු පරිසරයක් සකසාදිමට සංවේදක මූලික කරගෙන ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය පාලනය කිරීම සිදුකරයි.

            මූලික ප්‍රතිකාරක ක්‍රමයකින් මෙම උපකරණය මගින් සෙංගමාලය වැනි රෝගවලින් පෙලෙන ළදරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට හැකියාව ඇත. කාර් බැටරියක් ආධාරයෙන් පැය 24 ක කාලයක් ක්‍රියාත්මක කල හැකි ලෙස නිර්මාණය කර ඇත.


0 comments:

Post a Comment