December 18, 2014

අවකාශයේ නිර්මාණය කරන අපට දැනෙන හා පෙනෙන ත්‍රිමාණ රූප

ස්පර්ශ තාක්ෂණය (Haptic Technology) අප වටා සියලු දෙසින් ඇති බව ඔබ මින් පෙර අසා නැතිවා විය හැකිය. ඔබගේ ජංගම දුරකතනයට කරන සැහැල්ලු ස්පර්ශ කිරීම හෝ ඔබගේ Wii පාලකයේ ගර්ජනය (Rumble) හෝ පිත්තෙන් ටෙනිස් බෝලයට සැරෙන් පහර දීම මගින් ඔබ අත්දකිනුයේ ස්පර්ශ ප්‍රතිඵලයි. ක්‍රීඩාවෙන් හෝ ක්‍රියාවෙන් ලැබෙන මෙම අත්දැකීම් වැඩිකිරීමට වඩා බොහෝ වෙනස් ආකාරයේ ප්‍රයෝජන ස්පර්ශ ප්‍රතිචාර තාක්ෂණයෙන්  ලැබේ. එය ආඝාත රෝගීන් පුනුරුත්ථාපනයට සහ ශල්‍යකර්ම ක්‍රමවේද පුහුණු කිරීමට ද ප්‍රයෝජනවත් වේ. විද්‍යාඥයෝ ස්පර්ශ ප්‍රතිචාරවල නව ක්‍රමයක් අතිධ්වනිය (Ultra Sound) භාවිතයෙන් මෑතකදී සොයා ගෙන තිබේ. එනම් අවකාශයේ ත්‍රිමාණ ස්පර්ශ රූප නිර්මාණය කර එය දැකීමට හා අතගෑමෙන් දැනීමට සැලැස්වීමයි.

බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ ස්ථානගත පර්යේෂණ කණ්ඩායම දැනට ත්‍රිමාණ ස්පර්ශ රූප භාවිතා කරන ක්‍රමයේ පරිවර්තනයන් මෙම නව තාක්ෂණය නිසා සිදුවේ යැයි බලාපොරොත්තු වේ. මෙමඟින් ස්පර්ශක Holograms (අවකාශයේ තැනෙන අථත්‍ය ත්‍රිමාණ රූප) වල ඉගෙනීමේ ක්‍රම වර්ධනයට සහ වීඩියෝ ක්‍රීඩාවල අත්දැකීම් උසස් කිරීමට අවස්ථාව සැලසේ. එනම් පාපන්දු වැනි ක්‍රීඩාවල ක්‍රීඩා ලක්ෂණ භාවිතා කරන්නාට දැනීමට සැලැස්වීමයි. එපමණක් නොව වෛද්‍ය විද්‍යාවටද එය ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස CT ස්කෑන් නිරීක්ෂණයෙන් වායු ගෙඩි වැනි ශරීර කොටස් වල රූප භෞතිකව ශල්‍ය වෛද්‍යවරුන්ට දැනීමට ඉදිරියේදී හැකිවේ.

අතිධ්වනිය මගින් ධ්වනිත තරංග (Acoustic wave) විසරවීම සහ උකහා ගැනීම ධ්වනිත විකිරණ බලය ලෙස(acoustic radiation) හැඳින්වේ. එමගින් නිපදවන චිත්‍රණ (Graphics) සහ ගවේශණ ප්‍රතිඵල වල ACM  පරිවර්තන විග්‍රහ කිරීම මෙම ක්‍රමයයි. ශබ්ද තරංගයන් වස්තුවක් හා ගැටීමෙන් ඇතිවන තරංග වල හැසිරීම අධ්‍යයනයෙන් එම වස්තුවේ ස්වරූපය හඳුනා ගත හැකිය. අපේ අත්වලට අතිධ්වනි සංකීර්ණ රටා යොමු කිරීමෙන් වස්තුවේ ස්වරූපය දැකීමටද සැලැස්විය හැකි බව පර්යේෂණ කණ්ඩායම තේරුම් ගන්නා ලදී. ඒ අනුව ඔවුන් සමට දැනීම හා එය ත්‍රිමාණ වස්තුවක් ලෙස හඳුනා ගැනීම (මනසින් ) දැක ගැනීම සඳහා වාතයේ නිශ්චිත කැලඹීම් ඔවුන් විසින් නිර්මාණය කර තිබේ. අතිධ්වනි තරංග ඒ ආකාරයෙන්ම දැකිය නොහැකි නමුත් පර්යේෂකයන් තරංග උපකරණයකට යොමු කර රූප ස්වරූපය ලබා ගෙන ඇත.
 
මෙලෙස නොපෙනෙන ත්‍රිමාණ රූප දෘෂ්‍ය සහ ශරීරයට දැනෙන ත්‍රිමාණ රූප බවට නිර්මාණය කිරීමේ උපකරණයක්‌ ආධාරයෙන් විද්‍යාඥයින් විසින් ප්‍රදර්ශනය කර තිබේ.

උපුටාගැනීම :
 Ultra sound used to create 3D shapes in midair that can be seen and felt –Justine Alford

https://www.youtube.com/watch?v=kaoO5cY1aHk

0 comments:

Post a Comment