December 16, 2014

සයිරිඩ් මැස්සන්

සයිරිඩ් මැස්සන් Lycorisella spp අයත්ය. පරිණත මැස්සන් 3-4 mm දිගය. දිග ස්පර්ශක, දීප්තිමත් කළු හිස, දිගු පාද හා දිගු සිහින් පිහාටු නිසා පියවි ඇසින් අනෙක් මැස්සන්ගෙන් වෙන්කර හදුනාගත හැකය. මොවුන් කුරු මදුරුවන් වැනිය.

පැල්මන් හා විවරයන් ඔස්සේ වගා ගෘහයන් තුළට ඇතුල් විය හැක. වගා මාධ්‍ය ආහාරයට ගනු ලබයි. Agaricus දිලීර ජාලයන් සෑදීම සදහා බීජාණු එක් කිරීමට පෙර වන මාධ්‍යයට වඩා ප්‍රිය කරයි. පරිණත මැස්සන් මාධ්‍යයෙන් එන සුවදට ආකර්ෂණයවේ. එමනිසා පැස්ටරීකරණයෙන් පසු මාධ්‍ය පැකට් සිසිල් කිරීමෙන් පසු ඕනෑම අවස්ථාවකදී ඔවුන්ගේ හානිය සිදුවිය හැකිය. එසේම වැඩෙන් දිලීර ජාලයේ සුවද ද මොවුන්ට ආකර්ෂණීය වේ. දිරාපත් වන ද්‍රව්‍ය ආහාරයට ගන්නා නිසා වගා මාධ්‍ය ඔවුන්ට ඉතා සුදුසු ආස්තරණයක් වේ.

මොවුන් වගා මාධ්‍ය, බිම්මල් මත බිත්තර දමති. සෑම ගැහැණු සතෙක්ම බිත්තර 170 පමණ දමනු ලැබේ. 24.5  oC උෂ්ණත්වයේදී බිත්තර වලින් පරිණත සතුන් බිහිවීමට දින 21 ගතවේ. පිටවන කීටයා මාධ්‍යය, දිලීර ජාලය හා වැඩෙන බිම්මල් ආහාරයට ගනී.

හානි වූ දිලීර ජාල වලින් සෑදෙන කැකුළු දුඹුරු පැහැ වන අතර හම් වැනි මතුපිටක් දරයි. බිම්මල් කැකුළු හා ලපටි බිම්මල් වලට හානියෙන් පසු බේරීමක් නොමැත. ආසාදිත ලපටි බිම්මල් කුහර සහිත වී හැකිලී මියයාම සිදුවේ. කීටයා පරිණත බිම්මල් වලද උමං හා සිදුරු සාදයි. එම බිම්මල් මිනිස් පරිභෝජනයට නුසුදුසුවේ. ආසාදනයට ලක්වූ මාධ්‍ය ගොහොරුමය තත්ත්වයට පත්වී අප්‍රසන්න ගදක්ද ඇති කරයි. එවිට බිම්මල් දිලීර ජාල වලට වැඩීමට නොහැකි වේ. පරිණත මැස්සන් බිම්මල් රෝග හා මයිටාවන් පැතිරවීම සිදු කරයි. එසේම වැඩ කරන පුද්ගලයන්ටද හිරිහැරයකි.

වැඩෙන දිලීර ජාලය නිපදවන ඝ්‍රාවයන් කීටයන් නිශේධනය කලත් හතුවල වැඩෙන අග්‍රයන්හි දුඹුරු පැහැතිව ඔවුන් දැකිය හැකිය. විශාල කීට හානියක් ඇති විට හතු වෘන්තිකාව තුළට හාරාගෙන යනු දක්නට ලැබේ.

ඔවුන්ගේ අපද්‍රව්‍ය එක්රැස් වන මාධ්‍ය හතු වගාවට නුසුදුසු තත්ත්වයට පත්වේ.

සකස් කලේ ; J.C.රාමනායක
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි, පස්ගොඩ

0 comments:

Post a Comment