දුම්පානය පිළිබද සිදුකර ඇති සමීක්ෂණ වලින් අනාවරණය කරගෙන
ඇත්තේ සෑම මසකටම ලෝක ජනගහනයෙන් මිලියන 06ක් දුම්පානය
නිසා ඇති වන රෝගාබාධ වලින් මිය යන බවය. එනම් සෑම තත්පර 06කට වරක් ලෝක ජනගහනයන් එක් පුද්ගලයෙකු දුම්පානය නිසා මිය
යන බව ඉන් පැහැදිලි වේ. මෙම බලපෑමෙන් 75% ක සුළු ප්‍රතිශතයක්
දියුණු වෙමින් පවතින රටවලට අදාල වීම මෙම රටවල ආර්ථිකයට සිදු වූ ප්‍රබල අභියෝගයක්
ලෙස දැක්විය හැක.
දුම්පානය නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල තුනක් විද්වතුන් විසින්
හදුනාගෙන ඇත. පළමුවැන්න දුම්පානය කරන්නාට සෘජුවම ඇතිවන අහිතකර බලපෑම. දෙවැන්න දුම්
බොන්නා අසල සිටින අයට ඇතිවන අහිතකර බලපෑම.
තෙවැන්න යම් ස්ථානයක දුම් බීම නිසා ඉතිරි වූ විෂ ප්‍රමාණයක් නිසා ඇතිවන අහිතකර
බලපෑමයි. යම් කිසි පුද්ගලයකු දුම්පානය කල
ස්ථානයේ ඇති දොර රෙදි, පුටුකවර, පාපිසි
ආදියෙහි මොලයට නිකුත්වන විෂ ද්‍රව්‍ය මාස 06 ක පමණ කාලයක් රැදී තිබීමට පුළුවන්. එම
ස්ථානයන්හි ගැවසෙන පුද්ගලයින් එමගින් අහිතකර ප්‍රතිඵල ලැබීම වැළැක්විය නොහැකිය.
විශේෂයෙන්ම නිවෙස් ආශ්‍රිතව කුඩා ළමුන්ට මෙමගින් දැඩි සෞඛ්යභාවය තර්ජන එල්ල කරනු
ලබයි. ඉහත පළමු කරුණු දෙකට සාපේක්ෂව මෙම කාරණය පිළිබද සමාජය නොදැනුවත් වීම ඉතා
කණගාටුදායක තත්වයකි.
දුම්පානය ශරීර සෞඛ්‍යට තර්ජන එල්ල කිරීමට සමත්ව ඇත්තේ දුම්කොලවල ඇති විෂ රසායනිකයන් නිසාවෙනි.
දුම්කොල වල විෂ වර්ග 400 කට වඩා අඩංගු
බව අනාවරණය කරගෙන ඇත. ඒ අතරින් ප්‍රධාන විෂ රසායනික ලෙස කැඩිමියම් Cadimiyam නිකොටින් Nikotine , ඇසිටික් ඇසිඩ්
Acetic Acid, කාබන්මොනොක්ස්යිඩ්
Kabanmonoxide, ආසනික් Arsenic සහ තාර හැදින්විය හැක.
එසේම පිලිකා
කාරක රසායනික ද්‍රව්‍ය 50 කට ආසන්න ප්‍රමාණයක්
අඩංගු වන බවට පර්යේෂණ වලින් අනාවරණය කරගෙන ඇත. දුම්පානය නිසා හෘදරෝග, ඇසේ සුද ඇති වීම, ස්වසන රෝග, ලිංගික
බෙලහිනතාවය, නාසයේ සංවේදනය
අඩු වීම, දත් දුර්වර්ණය
වීම, දිවට රස
නොදැනීම, ප්‍රතිශක්තිය
අඩුවීම, මුඛ පිළිකා, ගලනාල පිළිකා, ආමාශ පිළිකා, පෙනහළු පිළිකා, වැනි ලෙඩවලටද
ගොදුරුවීමේ වැඩි ප්රවනතාවයක් පවතී.
ලොවපුරා ජිවත්වන දරුවන්ගෙන් හරි අඩක්ම පාහේ අක්‍රිය
දුම්පානය නොඑසේනම් දුම්වැටි දුම් නිසා දුෂණය වු වාතය ආග්‍රහණය කරන බව ලෝක සෞඛ්‍ය
සංවිධානය ගණනය කර තිබෙනවා. එසේම තොටිලි මරණ Cot Death නමින් හදුන්වන ළදරුවන්
හදිසියේ මිය යාමේ තත්වයටද දුම්වැටිය හේතුවන බව අනාවරණය කරගෙන තිබේ. එබදු මරණ වලින්
25% ක් පමණ
මවුවරුන්ගේ දුම්පානය නිසා සිදුවන අතර ගැබිණි කාලයේදී අක්‍රිය දුම්පානයට ගොදුරු
වීමෙන් කුසතුල සිටින දරුවාගේ වර්ධනයට බලපෑම් සිදුකරන අතර උපතින් එම දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන්ද පහල මට්ටමක ඇති බව අනාවරණය කරගෙන
ඇත.
දුම්පානය අත්හැරීමෙන් ලේකැටි ගැසීම අඩුවන අතර අඩු
වෙහෙසකින් සිරුර පුරා රුධිරය සංසරණය කරවීම
හෘදයට හැකියාව ලැබෙනවා. එමගින් හෘදයාබධ වලට ගොදුරුවීමේ ප්‍රවණතාවය අඩුවන අතර
අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලොස්ටරෝල්
රෝගී තත්වයන්ගෙන් පෙලෙන්නන් දුම්පානය අත්හල හෝත් ඉහත සාධක 50% ක් අඩුකර ගත හැකි බව
සදහන්වේ.
දුම්පානයෙන් වන හානිය අවම කර ගැනීම සදහා අවධානය යොමු කල
රටවල් අතර ශ්‍රී ලංකාව ඉතා ඉදිරියෙන් සිටින අතර ඒ සදහා ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම
තහනම් කිරීම, දුම්වැටි ප්‍රමාණය තහනම් කිරීම දුම්වැටි ඇසුරුම්වල
දුම්පානය අහිතකර විපාක දැක්වෙන රූපමය අවවාද මුද්‍රණය කිරීම වැනි ක්‍රියා මාර්ග
හදුන්වා දී ඇත.
http://www.mydr.com.au/
http://healthandcare.in/
http://www.who.int/mediacentre/factsheets/
1 comments:
දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
http://www.facebook.com/easywaysrilanka
Post a Comment