ජංගම
දුරකතන භාවිතා කරන අපට තියෙන බරපතල ගැටලුවක් වන්නේ කතා කරන අතරතුර බැටරිය බැසීමයි.
Laptop
භාවිතා කරන අයටත්
Charging පහසුකම් නැති ස්ථානයක සිට දිගු කාලයක් තම
පරිගණකය ක්‍රියා කරවීමට නොහැකි වීම අභියෝගයක්. මේ සඳහා සෑහෙන කාලයක සිට නොයෙකුත්
පරීක්ෂණ සිදු කළ අතර සර්බියානු ජාතික නිකෝල් ටෙස්ලා නම් විද්‍යාඥයා මේ සම්බන්ධව
පරීක්ෂණ සාර්ථකව කළ අයෙක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. ටෙස්ලා 1943 මිය යන විට නව
නිපැයුම් රාශියකට තම දායකත්වය ලබා දී ඇත. ඒ අනුව ටෙස්ලා කොයිල් සුවිශේෂ වන්නේ
රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණ සංකල්පය මේ හරහා බිහි වූ නිසයි. ටෙස්ලා කොයිල්
හරහා විදුලිය සම්ප්‍රේෂණය මගින් කිසිදු වයර් සම්බන්ධතාවයක් නොමැතිව බල්බයක්
දැල්විය හැකි බව ඔහු ලොවට පෙන්වා දුන්නා. ඒ අනුව ඔහු මෝගන් නම් අනුග්‍රාහකයා සමඟ
සම්බන්ධව නිව්යෝර්ක් වල විශාල කුළුනක් හරහා ලොවටම විදුලිය ලබා දීමට උත්සාහ කළත්
මූල්‍යමය ගැටලුවක් නිසා එය අතරමග නතර විය.
December 6, 2017
බැටරි නැතුවත් Wifi හරහා වැඩ කරන උපකරණයක් ලගදීම
නමුත්
දැන් University Of Washington හි
පර්යේෂණ කණ්ඩායමක් විසින් wifi තාක්ෂණය ඔස්සේ බලශක්ති සම්ප්‍රේෂණය කළ හැකි aambient wi – fi backscatter නම්
තාක්ෂණය හදුන්වා දී තිබෙනවා.
තවම
මූලික අවධියේ සිටින මෙම තාක්ෂණය ඉතා කුඩා විදුලි ධාරාවක් පමණක් සම්ප්‍රේෂණය කළ
හැකි අතර ඉදිරියේදී වඩා වැඩි ධාරාවක් සම්ප්‍රේෂණය කළ හැකිවනු බවට විශ්වාස කරනවා. Wifi වලට
අමතරව ගුවන් විදුලි තරංග හරහා මෙන්ම තරංග භාවිතා කර රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය
කළ හැකි බවට මත පළ වී ඇත.
අන්තර්ජාලය ඇසුරෙනි.
J C J Jayaweera
Science and Technology Officer-Dankotuwa
0 comments:
Post a Comment