December 19, 2017

ග්‍රැෆින් වලින් අනාගතයේදී පිරිසිදු හා අසීමත වූ බලශක්තියක් ?

අනාගතයේදී පිරිසිදු හා අසීමිත වූ බලශක්තියක් ග්‍රැෆින් වලින් නිපදවිය හැකි විභවයක් සහිත ගති ලක්ෂණයක් ග්‍රැෆින් තුල ඇති බව සොයාගත්තේ යැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති.
ආශ්චර්යමත් / විස්මිත අමුද්‍රව්‍යයක් ලෙස හදුන්වන ග්‍රැෆින් ද්‍රව්‍ය මුල්වරට සොයා ගන්න ලද්දේ 2004 වසරේදීය. එය අතිශය ශක්තිමත්, ඉතාමත් සැහැල්ලු මෙන්ම විශ්මය ජනවන ද්විමාන ද්‍රව්‍යයකි. සාමාන්‍යයෙන් ද්විමාන ද්‍රව්‍යයක් පැවතිය නොහැකි වුවත් ග්‍රැෆින් සෑදුනු කාබන් පරමාණුවල වරින්වර වෙනස් වීමේ (පාතොත්පාතවිම) ලක්ෂණය එහි පැවැත්ම සහතික කර ඇත. මෙම පාතොත්පාතවීම Brownian චලිතය ලෙස හදුන්වයි.

 Physical Review Letters පළකර ඇති වාර්තාවකට අනුව Arkansas විශ්වවිද්‍යාලයේ Paul Thibado ඇතුළු ඔහුගේ ශිෂ්‍ය විද්‍යා කණ්ඩායම විසින් ග්‍රැෆින්වල පවතින මෙම සුවිශේෂී ගතිලක්ෂණය හදුනාගෙන තිබේ. Scanning Tunneling Microscope (STM/ සුපරීක්ෂණ දෝන අන්වීක්ෂය) තුලින් අතිශය කුඩා පරිමාණයෙන් ග්‍රැෆින් තුල Brownian චලිතයට අමතරව එහි කාබන් පරමාණු එකට එකතුවී ග්‍රැෆින් තලයෙහි (ඉරුව) විශාල ලෙස පැහැදිලි චලිතයක් සිදුකිරීම මෙම සුවිශේෂී ගතිලක්ෂණය වේ.

පහත විඩියෝවෙන් පැහැදිලි කරන එම චලිතය මගින් සාමාන්‍යයෙන් භාවිතා කරන බැටරි (කෝෂ) ප්‍රතිස්ථාපනය කළ හැකි බවද විස්තර කරයි. ඉලෙක්ට්‍රොඩ දෙකක් අතර රැදවූ සෘණ (-) ලෙස ආරෝපිත ග්‍රැෆින් තලයක් (ඉරුවක්) චලනයවිම Vibration Energy Harvester ( VEH/ කම්පන ශක්ති උත්පාදක) මගින් ප්‍රත්‍යාවර්ථ ධාරාවක් (Alternative Current) නිපද වේ. මයික්‍රෝන 10 (0.000001 mm) ප්‍රමාණයේ ග්‍රැෆින් තලයක් (ඉරුවක්) චලනයවිම මගින් මයික්‍රෝන වොට් 1 ක අඛන්ඩ බලයක් නිපදවීමට පර්යේෂකයෝ සමත් වී තිබේ. බලය හානිනොවීම (ක්ෂ්‍යනොවිම) මෙහි ඇති තවත් සුවිශේෂී තත්වයකි.
  
උදාහරණයක් ලෙස මෙම ග්‍රැෆින් තලයේ චලිතය (කම්පන) මගින් නිපදවූ බලයෙන් ඔරලෝසුවක් ක්‍රියාත්මක කරන්නේ නම් සාමාන්‍ය බැටරියක් මෙන් නැවත අලුත් බැටරි දැමීමක් හෝ ආරෝපණය කිරීමක් අවශ්‍ය නොවේ . මේ ආකාරයේ බලගැන්වීම් මගින් බොහෝ විශ්මිත කාර්යයන් ක්‍රියාත්මක කළ හැකි වේ. කිසිදා ක්ෂ්‍යනොවන බැටරියක් යනු සුර්යාගේ ඉතාම ඉතා අතිශය කුඩා ආදර්ශයක් ලෙස විද්‍යා ප්‍රබන්ධවලද විවිධ වික්‍රමයන් සදහා යොදා ගැනේ.

මිට අමතරව කාමර උෂ්ණත්වය තුල තොරතුරු යැවීම, ලබාගැනීම සහ ගබඩා කිරීම වැනි කාර්යයන් සදහා මෙම කම්පන චලිත බලය  හෙවත් Vibration Energy Harvester ( VEH/ කම්පන ශක්ති උත්පාදක) යොදාගත හැකි බව Paul තවදුරටත් ප්‍රකාශ කර තිබේ.  වඩා දියුණු සුර්ය කෝෂ, ඉතා සිහින් රුපවාහිනි දර්ශන තිර යනාදිය සදහා පමණක් නොව බැටරි වෙනුවට ග්‍රැෆින් යොදා ගැනීමට අනාගතයේදී හැකිවනු ඇති වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

 https://youtu.be/wrleMqm3HiU?t=5

0 comments:

Post a Comment