December 27, 2017

පැය විසිපහක දිනක් ?

  

මිනිසා කාලය නිර්නය කිරීම ආරම්භ කරනු ලැබූවේ පෘතුවිය කැරකෙන වේගය පදනම් රගෙනය. ඉතා ඈත අතීතයේ පෘතුවි දිනය පැය 23 කට සීමා වූ බවත් එය අද වන විට පැය 24 දක්වා වැඩි වී ඇති බවත් බටහිර විද්‍යාඥයන් සඳහන් කරයි. පෘතුවිය කැරකෙන වේගය මෙසේ අඩු වීමේදී ඉදිරියේදී පෘතුවි දිනක් පැය 25 ක් වනු ඇති බව ඔවුන් සඳහන් කරනවා. සෑම අවුරුදු 100 කට වරක් ම මිලි තත්පරයකින් දිනක කාලය දීර්ඝ වූ අතර දිනෙන් දින ඉතා දීර්ඝ කාලයක්  ගෙවීයන විට මෙසේ පෘතුවි දිනකට අයත් පැය ගනන වෙනස් විය.කෙසේ වෙතත් පැය 25 ක දිනක් දැකිය හැකි වනුයේ තවත් අවුරුදු මිලියන 200 ක් පමණ බව විද්‍යාඥයන් පැහැදිලි කරති.

පෘතුවිය මෙසේ මන්දගාමී වීමත් සමග 2016.12.31 වැනිදා මැදියම් රැයේ නව වසර උදාවීමත් සමඟ පෘතුවියේ සම්මත වේලාව මිලි තත්පර 1 කින් වෙනස් කිරීමට ජගත් විද්‍යාඥයන් කටයුතු කලහ.
පෘතුවිය මතුපිට සිටින අපහට මෙම මිලි තත්පර 1 ක වෙනස හෝ පෘතුවිය කැරකෙන වේගය මන්දගාමී වීම නොදැනෙන නමුත් අභ්‍යාවකාශයේ රදවා ඇති චන්ද්‍රිකා දුරේක්ෂය ආදියෙහි මනා ක්‍රියාකාරීත්වය සහ විශ්වය සහ පෘතුවිය  අතර නිවැරදි සම්බන්ධතාවයක් ලබාදීමට නම් විශ්ව වේලාව ඉතා නිවැරදි විය යුතු වේ. මිලි තත්පරයක කාල සීමාව විද්‍යාත්මක ගවේශණ වලදී විශාල කාල පරාසයක් ලෙස සැලකේ. එබැවින් විශ්ව වේලාව මෙසේ වෙනස් කල බව ඇමරිකාවේ නාසා  ආයතනය පැහැදිලි කරන ලදි.

0 comments:

Post a Comment