December 19, 2017

Wi-Fi සම්බන්ධතාවය සඳහා නව ප්ලාස්ටික් උපාංගයක්

විද්‍යාඥයන් විසින් Wi-Fi සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා නව ත්‍රිමාන ප්ලාස්ටික් උපකරණයක් නිපදවා ඇත. මෙහි විශේෂත්වය වන්නේ වෙනත් කිසිම ඉලෙක්ට්‍රොනික උපකරණයක් හෝ බැටරියක් භාවිත නොකරමින් මෙම උපකරණනය භාවිත කළ හැකි වීමයි. අනාගතයේදී වඩා කාර්‍යක්ෂම විද්‍යුත් පරිපථ අවශ්‍ය නොවන ගෘහස්ථ උපකරණ බිහිවීමට මෙය වඩාත් හේතු වනු ඇත.

මේ සඳහා වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙහි පරීක්ෂණ කණ්ඩායමක් ප්ලාස්ටික් ස්විචයක්, ගියරයක්, spring ක් සහ ඇන්ටෙනාවක්, අඩංගු පරිපථයක් ගොඩනගන ලද අතර එය ක්‍රියාත්මක වීමේදී තෙරපීමෙන් හෝ එමගින් Wi-Fi චලනයන් අවශෝෂණය සහ පරාවර්ථනය කළ හැකි වීමෙන් සන්නිවේදනය කළ හැකි වේ.

අපගේ අරමුණ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරමින් ප්‍රයෝජනවත් තොරතුරු වෙනත් උපකරණයකට ලබා ගත හැකි නිර්මාණයක් බිහි කිරීමයි” - මෙහි එක් පරීක්ෂකයකු වන ඉලේක්ට්‍රොනික ඉංජිනේරු Vikram Iyer පවසයි.

නමුත් ප්‍රධාන අභියෝගය වන්නේ රැහැන් රහිතව Wi-Fi සම්බන්ධතාවය ප්ලාස්ටික් භාවිතයෙන් පමණක් සිදුකරන්නේ කෙලෙසද යන්නයි.

මේ සඳහා භාවිතා කරන ප්ලාස්ටික් යාන්ත්‍රණය සඳහා ප්ලාස්ටික් සහ තඔ භාවිතයෙන් නිර්මාණය කරන ලද ත්‍රිමාන මුද්‍රණ සන්නයන සුත්‍රිකාවක් භාවිතාකරමින්  Wi-Fi ඇන්ටෙනාව සඳහා සංඥා වෙනස් වීම මගින් සහ සම්බන්ධ කිරීම හා විසන්දි කිරීම සිදු කිරීමෙනි. 

විද්‍යාඥයන් විසින් මෙම ක්‍රමය තව දුරටත් වැඩි දියුණු කරමින් ස්මාට් ජංගම දුරකතන සහ වෙනත් උපාංග සඳහා භාවිතා කිරීමටඅවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් සිටී.මෙවැනි තාක්ෂණයන් හඳුන්වනු ලබන්නේ backscattering හෙවත් ප්‍රතිප්‍රකිරණය ලෙසය.
අනාගතයේදී මෙම තාක්ෂණය යොදා ගනිමින් වඩා ප්‍රයෝජනවත් විද්‍යුත් උපාංග බිහිකළ හැකි වනු ඇතැයි පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.

උපුටා ගැනීම
https://www.youtube.com/watch?v=gU6-o9SIkMQ
http://www.sciencealert.com/3d-printed-plastic-objects-connect-to-wi-fi-no-electronics-batteries


සකස් කලේ- විද්‍යා හා තාක්ෂණ නිළධාරි- ගඟ ඉහළ කෝරළේ

0 comments:

Post a Comment