ලොව ජීවත් වන සෑම පුද්ගලයෙකුටම කායික හා මානසික
සුවය ඉතා වැදගත් වේ. මෙහිදී බොහෝ දුරට මිනිසා කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම
හේතුවෙන් ශරීර සෞඛ්‍ය පිළිබද දක්වන උනන්දුව අඩු වන අතර එයිනුත් මානසික සෞඛ්‍ය
තත්වය ගැන සොයා බලන ප්‍රමානය ඉතා හීන වන මට්ටමක පවතින බව පෙනී යන කරුණකි.
සෑම
පුද්ගලයෙක්ම ක්‍රියාකාරී දවසක ඇරඹුම මූලික වශයෙන් සිත හා මනස මුල් කර ගනී.
සැහැල්ලු මනසකින් තම කාර්ය කොටස් සිදු කරන පුද්ගලයින් මෙන්ම පීඩාකාරී තත්වයන්ගෙන්
යුක්තව දින චර්යාවෙහි නිරත වන පුද්ගලයින්ද සිටී. කෙසේ වුවද දෙපිරිසම සිදු කරන්නේ
ජීවත් වීම වුවද නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් අසහනකාරී
මානසික සිතුවිලි ඉවත දමමින් සැහැල්ලුවෙන් කාර්ය කොටස්වල නිරත වීම සිදු විය යුතු
වේ. නමුත් කනගාටුවට කරුණක් වන්නේ මෙමගින් වැඩිපුරම සිදු වන්නේ පීඩාකාරී මනසකින්
යුතුව දවසේ වැඩ කටයුතු සිදු කිරීමයි. එයින් සිදු වන අතුරු පලය නම් මිනිසා ආතති
තත්වයකට පත් වීමයි. දිගින් දිගටම පුද්ගලයා මෙවැනි තත්වයට මුහුණ පෑමෙන් මානසික
ආතතියකට පවා ලක් වීමටද ඉඩ තිබේ. එදිනෙදා ජීවිතයේ විවිධ කාර්යයන් වල නිරත වීමේදි
යම් යම් අවස්ථාවල මානසික පීඩනයකින් හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට මනසට දරා
ගැනීමේ ශක්තිය හීන වී ඇති වන ආතති තත්වය අප හදුන්වන්නේ මානසික ආතතිය යනුවෙනි.
හුදෙක් පුද්ගලයින් මෙයට මානසික ලෙඩ යනුවෙන් අර්ථකථනය කලද එය වැරදි අර්ථකථනයකි.
මෙහිදී අප වඩාත් අවධානාත්මකව සිතිය යුත්තේ මනසේ ඇති වන පීඩනකාරී තත්වය මානසික
රෝගයක් නොවේය යන්නයි. නමුත් මෙවැනි පීඩාකාරී තත්වයන් දිගින් දිගටම කාලයක් තිස්සේ
පැවතීම හේතුවෙන් විශාදය නම් රෝගී තත්වයට ගොදුරු වීමේ හැකියාවවැඩි වේ. මෙහිදි ආතති
තතවය හා විශාදය නම් රෝගී තත්වය පිලිබදච සවිස්තරාත්මකව අධ්‍යනය කිරීම තුලින් එම
අවස්ථාවන් පිලිබද දැණුවත් විය හැකිය.
මානසික
ආතතිය මිනිසාට ඇතිවන ස්වාභාවික හැගීමකි. දෛනික කටයුතු සිදුකරගෙන යාමේදී සෑම
පුද්ගලයෙක් තුලම මානසික ආතතිය තරමක් ඇති වේ. මෙය බොහේ දුරට ජීවිතයේ සාර්ථකත්වය
පසුගාමී තත්වයකට මග පාදන්නකි. දෛනික කටයුතු ක්‍රියාකාරීව සිදු කිරීමට එක්
පැත්තකින් උනන්දුව ඇති කරනවා මෙන්ම අධික මානසික ආතතිය යටතේ වැඩ කරයි නම් ගැටළු
සහගත තත්වයටද පත් වීමට ඇති ඉඩ කඩ බොහෝය.මානසික ආතතිය දරා ගැනීමට හැකියාව
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එමෙන්ම එමගින් අපගේ සිතුවිලි වලට සිතිමට හා ක්‍රියාකාරකම්
වලට බලපෑම් කිරීමට හැකියාව ඇත. මානසික ආතති තත්වය හුදෙක් මානසික රෝගයක් නොවුවද
එක්තරා අන්දමක රෝගී ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරන්නකි. එවැනි පුද්ගලයන් තුළ
·
නොරුස්සන සුළු බව
·
අනිසි බිය
·
ආත්ම අභිමානය පහත වැටීම
·
සෘනාත්මක සිතුවිලි ඇති වීම
·
සිත එකග කර ගැනීමට අපහසු වීම
·
වැඩි පුර කතා කිරීම
·
අමතක වීම
·
තීරණ ගැනීමට අපහසු බව
·
හිසරදය
·
දහදිය දැමීම
·
කරකැවිල්ල
මානසික ආතති තත්වයන් ඇති වීමට හේතු
මානසික ආතතිය අති වීමට නියම හේතුව හෝ හේතු හදුනා
ගැනීමට අපහසු වේ. ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැම් සුලභ හේතු ලෙස
·
ආර්ථික ගැටළු
·
රැකියා ගැටළු
·
සමීප අයෙකුගේ මරණය
·
පවුලේ ඇති වන ගැටළු
·
අන් අය සමග පවතින සම්බන්ධතාවල ගැටළු
·
විභාග
·
රෝග
·
ආදරය කරන පුද්ගලයන් අතර ඇතිවන ගැටළු
කිසියම් පුද්ගලයකු මානසික ආතති තත්වයෙන් පෙළෙන්නේ
නම් එම පුද්ගලයාගේ ශරීරයේ කෝටිසෝල් (Cortisol) ඇඩ්‍රිනයින් (Adrenaline) සහ නොරැඩ්‍රිනලින් (Noradrenaline) වැනි ආතති
හෝමෝන (Streses hormones) වැඩිපුර ශ්‍රාවය
කරයි. මේවා රුධිරයට වැඩිපුරම එකතු වීමෙන් මානසික පීඩනය සහ අවධානම සමග කටයුතු කිරීමට
ශරීරය හැඩ ගැසේ. මෙම සංකල්පය සටන් කිරීම හෝ පලා යාම (Flight or flee) ලෙස
හැදින්වේ. මෙම තත්වයෙන් දිගින් දිගටම පෙළෙන්නෙක් නම් අපගේ ශරීරයේ ආතති හෝමෝන මට්ටම
දිගින් දිගටම ඉහල ගොස් එය රෝගී ලක්ෂණ ඇති කිරීමට හේතු කාරණා විය හැකිය.
රෝගය විනිශ්චය කළ හැක්කේ කෙසේද?
මෙවැනි තත්වයන් විනිශ්චය කිරීමට විශේෂීත
පරීක්ෂණයක් නොමැති අතර පවුලේ තොරතුරු, සාමාජීය තොරතුරු, හා රැකියාව ආදිය පිලිබද
ඉතිහාසය විමසා වෛද්‍යවරයා රෝග විනිශ්චය සිදු කරයි
දිගු කාලීන මානසික ආතතිය නිසා කුමක් සිදු විය
හැකිද?
·
අධික රුධීර පීඩනය
·
අංශ බාගය
·
හදවත් රෝග
·
දියවැඩියාව
·
නින්ද ආශ්‍රිත ගැටළු
·
අසාමාන්‍ය බිය
·
ආහාර ගැනීමේ රටාවේ ඇති වන රෝග
·
ප්‍රතිශක්තිය අඩු වීම
·
මත්පැන් දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය ඉහල යාම
·
අනතුරුවලට ලක් වීමේ ඉඩකඩ වැඩි වීම
මග හැරීම හා පාලනය සිදු කරන්නේ කෙසේද?
විශේෂයෙන් සෞඛ්‍ය සම්පන්න නොවන උපාය මාර්ග වලින්
වැලකී සිටීමෙන් මෙය බොහෝ දුරට පාලනය කර ගත හැකිය
සෞඛ්‍ය සම්පන්න නොවන උපාය මාර්ග
දුම්පානය
මත්ද්‍රව්‍ය භාවිතය/මත්පැන් භාවතය
අධික ලෙස ආහාර ගැනීම
සමාජයෙන් ඈත් වී හුදකලාව සිටීම
අධික ලෙස නිදා ගැනීම හෝ නොනිදා සිටීම
කේන්ති ගැනීම සහ ප්‍රචන්ඩත්වය
සෞඛ්‍ය සම්පන්න උපාය මාර්ග
v ඇවිදීම
v ධනාත්මක සිතුවිලි ඇති කර ගැනීම
v පිහිනීම
v සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්
v බයිසිකල් පැදීම
v ප්‍රමාණාත්මක නින්ද
v ස්වාභාවික පරිසර සමග සම්බන්ධතාවය
v සුරතල් සතුන් සමග ගත කිරීම
v සංගීතය රස විදීම
v ලිපියක් හෝ කවියක් ලිවීම නැතහොත් චිත්‍රයක් ඇදීම
මීට අමතරව ප්‍රධාන වශයෙන් කය හා මනස ලිහිල් කරගෙන
භාවනා කිරීම ස්වශන ව්‍යායාම වැනි ලිහිල් කරන ප්‍රතිකර්ම සිදු කිරීමත් නිතර ව්‍යායාම සිදු කිරීමත් විනෝදාංශය සදහා කාලය කැප කිරීමද
කළ හැකිය. ව්‍යායාමය තුලින් මානසික ආතතිය අඩු නොවුවද ඒ සදහා මුහුණ දීමට තරම්
ශක්තියක් ශරීරයට ලබා දෙයි
අන්තර්ජාලය හා පොතපත ඇසුරිනි....
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
අගුණකොළපැලැස්ස
අගුණකොළපැලැස්ස
0 comments:
Post a Comment