December 30, 2017

අවධානම් ශෛල්‍යකර්ම සැලසුම් කිරීමට සහ පුහුණු වීමට ත්‍රිමාණ මුද්‍රිත අවයව

An artificial prostate fitted with a soft sensor
ජ්‍යාත්‍යන්තර පර්යේෂකයින් පිරිසක් විසින් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදාගෙන සංවේදී අවයවයන්හි ආකෘති නිපදවා ඇත. මෙම අවයවයන් වෛද්‍ය වරුන් සඳහා සත්‍ය ශෛල්‍යකර්මයක් කිරීමට පෙර සජීවී ශල්‍යකර්ම පුහුණුවීම සහ සැලසුම් කිරීම සඳහා යොදාගත හැක.

ත්‍රිමාණව මුද්‍රණය කරන ලද මෘදු සංවේදකය සහිත කෘතිම පුරස්ථි ග්‍රණ්ති(Credit:McAlpine Research Group)

සැත්කමක් යනු බොහෝ විට ජීවිතය සහ මරණය අතර දෝලනය වන්නකි. නියමිත ශෛල්‍යකර්මය කිරීමට පෙර කෘතිම පුද්ගලයකුගේ අදාලවන අවයවයන් සඳහා ශෛල්‍යගාරයෙන් පිටතදී ශල්‍යකර්මය පුරුදු පුහුණුවිය හැකි නම් එය රෝගියාගේ ශෛල්‍යකර්මය නිවැරදිව සිදුකිරීමට වෛද්‍යවරුන්ට උපකාරයක් වන අතර එය ශෛල්‍යකර්මය සාර්ථකත්වය ඉහලයෑමට හේතුවේ.

සියළු ශෛල්‍යකර්ම වල ක්‍රියාවලිය සමාන නොවේ. කෘතිම පුද්ගල ආදර්ශයක අදාල ශෛල්‍යකර්මය සිදුකිරීම වාසි සහගත වුවත් එය ශෛල්‍යකර්මය සිදුකරන අවස්ථාවේදී සිදුවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලි නිවැරදිව ප්‍රදර්ශනය නොකරයි. නිදසුනකට ප්ලාස්ටික් වලින් නිර්මිත අවයව පටක සෑබෑ අවයවයන්හි පටක වලට වඩා තරමක් දෘඩ බැවින් එවැන්නකින් ශල්‍ය කර්මයකදී සෑබෑ තුවාලයක් වැසීමේ නිවැරදි අවබෝධය වෛද්‍ය වරුන්ට එමගින් නොලැබේ.

පසුගිය වසරේදී, රොචෙස්ටර් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය සෑබෑ ශෛල්‍යකර්ම අභ්‍යාසයන් සඳහා සාර්ථක පිවිසුමක් ලබාගෙන තිබූ අතර එහිදී මෙල්ඩින් තාක්ෂණය (melding technology) සහ කලා සහ මූර්ති ශිල්පක්‍රම යොදාගෙන අවයව ආකෘති නිර්මාණය කර ඇත. මෙම ආකෘති සත්‍ය අවයවයන් ලෙස අතට දැනෙන අතර එය කැපීමේදී රුධිර වහනයද සිදුවිය.

මේ වන විට මෙම අධ්‍යයනයන් හි දියුණුවක් ලෙස කෘතිම අවයව නිර්මාණය සඳහා ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර යොදාගෙන නව පිවිසුමක් ලබාගෙන ඇත.
මෙම අධ්‍යයනය කාර්ය සඳහා විශේෂ සිලිකන් පාදක කරගත් තීන්ත භාවිතා කර පුරස්ථි ග්‍රන්ථියක් නිර්මාණය කරන ලදී. මෙම තීන්ත මගින් නිර්මාණය කර ඇති අවයවය පුරස්ථි ග්‍රන්තියේ චුම්භක අනුනාද ප්‍රථිබිම්භ (Magnetic Resonance Imaging (MRI))ස්කෑනරයකින් ලබාගත් දත්ත සහ අවයවයේ සාම්පල අධ්‍යයනයන්ට අනුව පටක වල ගුණාංග සහ ක්‍රියාකාරිත්වයන්ට අනුව සැලසුම් කර නිර්මාණය කර ඇත.

පර්යේෂකයන් විසින් මෙම කෘතිම පුරස්ථි ග්‍රන්ථිය කරුණු තුනක් සඳහා නිර්මාණය කර ඇත. එහි විවිධ ශෛල්‍යකර්ම සිදුකරන අවස්ථාවේදී විවිධ උපකරණයන් වලින් සිදුවන හානි වාර්ථා කිරීමට සහ අවයවය හැසිරෙන ආකරය පිළිබඳ දත්ත රැස්කිරීම සඳහා ත්‍රිමාණව මුද්‍රණය කරන ලද සංවේදක අන්තර්ගත කර ඇත.
මිනිසා විසින් නිර්මාණය කරන ලද පුරස්ථි ග්‍රන්ථිය සැබෑ ග්‍රන්ථියේ පෙනුම, ක්‍රියාකාරීත්ව ගුණාංග සහ හැසීරීම නිවැරදි ලෙස අනුකරණය  කර ඇති බවත් එය සැබෑ ග්‍රන්ථිය හා සමාන හැඟීමක් ඇතිකරන බව සොයාගෙන ඇත. මෙම ආදර්ශන තනිතනි පුද්ගලයාගේ අවයවයන්ට විශේෂිත සාධක මත වෛද්‍ය වරුන්ට ශෛල්‍යකර්මයේ ශක්‍යතාවය පිළිබඳ අනාවැකි කීමට මහත් පිටිවහලක් වනු ඇත.

මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙනයෑමේදී විවිධ තීන්ත භාවිතයෙන් වඩාත් සංකීරණ අවයව ආකෘති නිර්මාණය කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වේ. ශරීරය තුල හටගන්නා විවිධ ගෙඩි වැනි දෑ ශ්‍යල්‍යකර්ම මගින් ඉවත්කිරීම මෙයට නිදසුනකි. මේ ආකාරයට කෘතිම අවයව ඉදිරියේදී බොහෝ ජීවත බේරාගැනීමට සමත්වනු ඇත.

“අපහට පටක සහ අවයවයන්හි ක්‍රියාකාරීත්වය නැවත නැවත සිදුකිරීමට හැකිවුවහොත් එය අවයව බද්ධ කිරීම සඳහා යොදාගත හැකි ජීව අවයව ලෙස භාවිතයට ගත හැක.“ පර්යේෂක කණ්ඩායම් ප්‍රධානී මයිකල් මැක්ඇල්ෆයින් පවසයි. “මෙම ව්‍යාපෘතිය 'Human X' ව්‍යාපෘතිය ලෙස හැඳින්වේ. මෙය විද්‍යා ප්‍රභන්ධයක් ලෙස හැඟේ. නමුත් කෘතිම අවයව පෙනුමෙන්, හැඟීමෙන් සහ ක්‍රියාකාරිත්වයෙන් සැබෑ පටක හෝ ඉන්ද්‍රිය වැනිම නම් ඇයි අපට සෑබෑ අවයවයන් ප්‍රතිස්ථාපනය කිරීමට ත්‍රිමාණ මුද්‍රණ භාවිතා කල නොහැකි.“ විද්‍යාව හා ඉන්ජිනේරු පිළිබඳ මින්නෙසොටා විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයිකල් මැක්ඇල්ෆයින් මහතා තවදුරටත් පවසයි.

උපුටා ගැනීම :https://newatlas.com/artificial-organ-3d-printed/52523/
Anthony Wood  December 8th, 2017

මූලාශ්‍රය : University of Minnesota

0 comments:

Post a Comment