December 24, 2017

පස් ගුණයක් වේගයකින් ආරෝපණය කළ හැකි නව බැටරි අමුද්‍රව්‍යයක්

Samsung Advanced Institute of Technology (SAIT) ආයතනය මගින් බැටරි සඳහා භාවිතා කළ හැකි ග්‍රැෆීන් "graphene ball" මගින් නිෂ්පාදනය කළ නවතම ද්‍රව්‍යයක් සොයා ගෙන ඇත. එහි විශේෂත්වය වන්නේ වර්තමානයේ භාවිතා කරන ලිතියම් අයන බැටරි වලට වඩා පස්ගුණයක වේගයකින් ආරෝපණය කළ හැකි වීමයි. එනම් 100% ක් ආරෝපණය කිරීම සඳහා ගත වන්නේ මිනිත්තු 12 ක කාලයකි.

මෙම ග්‍රැෆීන් (2D-material)  කාලයක් එහි පවතින කල්පැවැත්ම, ශක්තිමත් බව සහ ඉතා ඉහළ සන්නායකතාවය වැනි එයටම අනන්‍ය ගුණාංග නිසා ඉතා විශේෂ අමුද්‍රව්‍යයක් ලෙස සැලකුණි. මේ පිළිබඳව පර්යේෂණය කරන ලද පර්යේෂකයින් ග්‍රැෆීන්, සිලිකා (SiO2) භාවිතයෙන් ග්‍රැෆීන් 3D popcorn-like material  බවට පත්කිරීමට යාන්ත්‍රණයක් සොයා ගැනීමට සමත්ව ඇත.
මෙම තාක්ෂණයේදී ග්‍රැෆීන් "graphene ball" ඇනෝඩ ආරක්ෂිත ස්ථර ලෙසත් ලිතියම් අයන බැටරි කැතෝඩ ද්‍රව්‍යය ලෙසත් භාවිතා කරයි. Samsung හඳුන්වා දුන් මෙම බැටරි අමුද්‍රව්‍යය බැටරි තාක්ෂණයේ නව පෙරලියක් ඇති කරනු ඇතැයි පර්යේෂකයන්ගේ අදහසයි.

වර්තමානයේ භාවිතා කරන ස්මාට් ෆෝන්, විදුලි මෝටර් රථ, වෙනත් විද්‍යුත් නව උපාංග සඳහා ලිතියම් අයන බැටරි යොදා ගනී. එනම් බලශක්ති අවශ්‍යතාවය සඳහා ලිතියම් අයන බැටරි තීරණාත්මක කාර්යය භාරයක් සිදු කරයි. නමුත් ඉතා ඉක්මණින් ආරෝපණය කළ හැකි වීම සහ වේගවත් ධාරිතාවයක් සහිත වීම වර්තමානයේ වැදගත් සාධකයක් බවට පත්ව  තිබීම නිසා මෙම නව ද්‍රව්‍යය සොයා ගැනීම තවත් එක් ජයග්‍රහණයක් බව පර්යේෂකයන්ගේ අදහසයි. සෙල්සියස් අංශක 60 ක පමණ උෂ්ණත්වයකදී ස්ථායිව ක්‍රියාකාරී තත්වයේ පවත්වා ගැනීමට හැකි වීම මෙහි පවතින තවත් විශේෂත්වයකි.  එමෙන්ම උෂ්ණත්වයකදී ස්ථායිව ක්‍රියාකාරී තත්වයයක පැවැතීම විදුලි මෝටර් රථ සඳහා තීරණාත්මක සාධකයක් වේ.

තව දුරටත් මේ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් විද්‍යුත් ශක්තිය ලබා ගැනීම සඳහා ද්වීතීය බැටරි නිෂ්පාදනය කිරීම පිළිබඳව අත්හදා බැලීම් සිදු කිරීම පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.

උපුටා ගැනීම
http://www.sciencealert.com/samsung-breakthrough-battery-charges-five-times-faster-graphene

සකස් කලේ-
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- ගඟ ඉහළ කෝරළේ

0 comments:

Post a Comment