අපි
පරිසරය කියලා හඳුන්වන්නේ වාතය,භූමිය,ජලය,වනාන්තර සහ ස්වාභාවික සම්පත්.මේවායේ
සිදුවන භෞතික,රසායනික සහ ජෛව වෙනස්වීම්වලට තමයි පරිසර දූෂණයක් කියලා කියන්නෙ.මහ
පොළව හැම තිස්සෙම විවිධ ශබ්ද වලින් පිරිලා තිබෙනවා.ශබ්දයක් ඇතිවන්නේ වාතයේ අංශු කම්පනයෙන්.නමුත්
මේ කම්පනය අසාමාන්‍ය විදියට වැඩි වුණොත් තමයි එය ශබ්ධ දූෂණයක් බවට පත් වෙන්නෙ.ඒ
නිසා තමයි එය ශබ්දය sound සහ
ඝෝෂාව noise
විදියට බෙදා වෙන් කරලා තියෙන්නෙ.ඝෝෂාව කියන්නෙ අනවශ්‍ය
ශබ්දයක් කියලා හදුන්වන්නත් පුළුවන්.ශබ්දයක් පහසුවෙන්ම මිනිසාට වළක්වා ගන්න පුළුවන්
පීඩාවක්.
ප්‍රධාන
වශයෙන්ම කර්මාන්ත ශාලා මගින් ශබ්ද දුෂනයක් සිදුවෙනවා.ඊට අමතරව රථ වාහන නළාව වගේම
සයිලන්සරයෙන් නිකුත් වන ශබ්දයන් නිසා පරිසර දූෂණය වෙනවා.ඒකට සමාජමය ඝෝෂාව කියලා
කියනවා.community
noise කියලා කියන්නෙ සමාජයේ ජීවත්වන වටපිටාවේ
පුද්ගලයන් විසින් නිර්මාණය කරන ශබ්ද,ඒ කියන්නෙ තකා කරන,කෑ ගසන ශබ්ද නිසාත් පරිසරය
දූෂණයක් සිදුවෙනවා නමුත් අපේ රටේ කර්මාන්තවලින් නිකුත් වන ශබ්ද පාලනය කරන්න විතරයි
නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ.
community noise(සමාජමය
ඝෝෂාව) වැඩිදුරටත් විග්‍රහ කරන්නේ නම්,අධික ශබ්දයක් නිකුත් කරමින් පවත්වන සංගීත
සංදර්ශන,ලොතරැයි අලෙවි කුටි,රෙකෝඩ් බාර්,උත්සව කාලවලට කිසිම පිළිවෙළක් නැතිව පාර
දිගේ සවි කරන ලවුඩ් ස්පීකර්,සමහර නගරවල කඩ සාප්පු ඉස්සරහා කිසිම ප්‍රමිතියක් නැති
බෆල් දාලා ශබ්ද නිකුත් කරන අවස්ථා තියනවා.ඒ වගේම මෑතක ඉදලා අපිට දකින්න ලැබෙන චූන්
පාන් වෑන්වලින් පවා අධික ශබ්දයක් නිකුත් කරනවා.මේවා සියල්ලම සමාජමය විදියට හඳුන්වන්න
පුළුවන්.ඒ වගේම මේවා අවම කර ගැනීමක් මිනිසාට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්.මේ සදහා
අවධානය යොමු කළ යුතු වෙනවා.
ජාතික
පාරිසරික ශබ්ද ඝෝෂා පනත අනුව තිබුනත් ඉන් සියල්ල ආවරණය වෙන්නෙ නැහැ.සාමාන්‍යයෙන්
නිදන කාමරයක ශබ්දය ඩෙසිබල් 30ත් 40ත් අතර අගයක පවතිනවා.දෙදෙනෙක් අතර කතාබහක්
ඩෙසිබල් 50ත් 70ත් අතර පවතිනවා.කාර්ය බහුල කාර්යාලයක ශබ්දය පවතින්නෙ ඩෙසිබල් 55ත්
65ත් අතර, ප්‍රධාන මාර්ගයක් ඩෙසිබල් 65ත් 75ත් අතරයි.කර්මාන්ත ශාලාවක් ඇතුළත පැය
8ක් වැඩ කිරීමේ දී පිටවන ශබ්දය ඩෙසිබල් 85 කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ
නිර්නායකවල තියෙන්නෙ.නමුත් සාමාන්‍යයෙන් බර වාහනයකින් පිටවන ශබ්දය ඩෙසිබල් 85ත්
90ක් විතර වෙනවා.පාරෙ වැඩ කරන ජැක් හැමර් යන්ත්‍රයක ශබ්දය ඩෙසිබල් 95-105 විතර
වනවා.ජෙනරේටරයක ශබ්දය ඩෙසිබල් 100-110 විතර වෙනවා.ජෙට් එන්ජින් එකක් ඩෙසිබල් 130ක්
විතර පවතිනවා.
මාර්ග
ඝෝෂාව සම්බන්ධයෙන් තිබෙන නීති පිළිබදව විග්‍රහ කරනවා නම්,අපේ රටේ මාර්ග ඝෝෂාව
කිව්වාම වාහනවලින් පිටවන විවිධ ශබ්දයන් තමයි හඳුන්වා දෙන්නෙ.ඒ අතරිනුත් වාහනවල නළා
ශබ්දය පාලනය කරන්න විතරයි නීති සම්පාදනය වෙලා තියෙන්නෙ.ලංකාවට ගෙන්වන වාහනවල ශබ්ද
මට්ටම ප්‍රමිතියකට ලක්කර නැහැ.ඒවායේ සයිලන්සර ශබ්දය ජනනය වන උපකරණයක් විදියටයි
පවතින්නෙ.සමහර වාහන වල එය නිෂ්පාදනයේදී සවිකරන නළාව වෙනුවට අධික ශබ්දයෙන් යුතු ප්‍රමිතියක්
නැති නළා,බෆල් වගේ දේවල් සවිකරලා තියනවා.ඒවාටත් නිසි නීති නැහැ.
කර්මාන්ත
ශාලාවලින් පිටවන අධික ශබ්දය සමිබන්ධයෙන් ක්‍රියා කරන ආයතන පිළිබදව පැහැදිලි
කිරීමක් කරනවා නම්, ප්‍රාදේශීය සභා,මහ නගර සභා, නගර සභා වගේ පලාත් පාලන ආයතන,මධ්‍යම
පරිසර අධිකාරිය,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,ජාතික පාරිසරික ඝෝෂා පනතේ පැහැදිලිව සඳහන්
වෙනවා ඒ ඒ කලාප සිතියමක් අධිකාරියෙන් විමසා සකස් කරන්න පුළුවන් කියලා.එය සම්පූර්න
කර එය අධිකාරිය විසින් අනුමත කළ හැකි බව,නමුත් අපේ රටේ එහෙම කලාප ගත කිරීමක් නිසි
පරිදි සිදු වෙලා නැහැ.1996.5.23 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයේ 924/12 යටතේ එම
හැකියාව සඳහන්ව තිබෙනවා.එහි සඳහන් කරලා තියෙන්නේ ග්‍රාමීය වාසික,තාගරික වාසික,ඝෝෂා
සංවේදී,මිශ්‍ර වාසික,වාණිජ හා කාර්මික විදියට. නමුත්
අපේ රටේ කිසිම පළාත් පාලන ආයතනයක් අවුරුදු 20ක් ගියත් අද වෙනකන් මේ විදියට කලාප
ගත කිරීමක් සිදුකරලා නැහැ.එසේ කළා නම් මේ රටේ පවතින පාරිසරික ශබ්ද මට්ටම් විතරක්
නෙවෙයි අනිකුත් පාරිසරික ප්‍රශනත් විසඳා ගන්න තිබුනා.
සාමාන්යෙන්
වයස අවුරුදු 13ත් 19ත් අතර නිරෝගී කෙනකුට
ඇහෙන සංඛ්‍යාත පරාසය තමයි හර්ට්ස් 20-20000 කියන්නෙ.ඒක වයස අනුව වෙනස් වෙනවා.නමුත්
හර්ට්ස් 100ත් කිලෝහර්ට්ස් 4ත් අතර තමයි
අපේ එදිනෙදා සන්නිවේදන ක්‍රියාවලියට ඕනෙ කරන සංඛ්‍යාතය පවතින්නෙ.සංගිත කණ්ඩයක සංඛ්‍යාතය
පවතින්නේ ඉතාම අඩු අගයක.ඒ නිසා තමයි ඈතින්
ඇහෙන සංගීත සංදර්ශනයක සින්දුව ඇහෙන්නෙ නැති වුණත් මියුසික් එක අපිට ඇහෙන්නෙ.ප්‍රාදේශීය
සභා සීමාවල දවල් කාලයක ඩෙසිබල් 55ත් රාත්‍රි කාලයට ඩෙසිබල් 45ත්, නගර සභා සිමාවල
දවල් කාලයට ඩෙසිබල් 63ත් රාත්‍රි කාලයට ඩෙසිබල් 50ත්, ගෙයක් ඇත්ලේ ඩෙසිබල් 60,කර්මාන්ත
පුරයක දවල් කාලයේ ඩෙසිබල් 70ත් රාත්‍රී කාලයේ ඩෙසිබල් 60ත් විදියට නිර්දේශ කරලා
තියනවා.නිෂ්ශබ්ද කලාප විදියට හදුන්වන අධිකරණය,රෝහල්,පූජා භුමි,පුස්තකාල වගේ
ස්ථානවල මායිමේ සිට මිටර් 100ක් තුළ දවල් කාලයට ඩෙසිබල් 50ක් සහ රාත්‍රී කාලයට
ඩෙසිබල් 45ක් තමයි.නිරදේශය වෙන්නෙ.
කාර්මීකරණය,
නාගරීකරණය වගේම නවීන සමාජ ක්‍රමයක් ශබ්ද දූෂණයට බලපානවා.අනිත් කාරණය තමයි ලංකාවේ
අධීකරණවල පාරිසරික නඩු අතර වැඩිම නඩු ප්‍රමාණයක් තියෙන්නෙත් මේ ශබ්ද දූෂණය
සම්බන්ධයෙන් තමයි.මොකද මහජනතාවට පහසුවෙන්ම නඩු දාන්න පුළුවන් අවස්ථාවක් තමයි ශබ්ද
දූෂණය කියන්නෙ.නමුත් ඒවාට දඩ නියම කිරීමක් සිදු වෙන්නෙ නැහැ.තහනම් නියෝගයක් නිකුත්
කර ශබ්දය අවම කරන්න පියවර ගන්න කියලා අණ කිරීමක් කරනවා.
ශබ්ද
දූෂණය මිනිසාට බලපාන ආකාරය කතා කරනවා නම් මිනිසාගේ වයස, අධ්‍යාපන මට්ටම, ස්ත්‍රී
පුරුෂ බව,සමාජ තත්ත්වය වගේ දේවල්වලට මෙහි බලපෑම් තියනවා.ඒ වගේම අනාගත පරපුරට,සමාජ
සංස්කෘතියට,ආර්ථිකයට වගේම මිනිසාගේ ශ්‍රවන පරාසය අඩුවෙන්නත් මෙය හේතුවක්.ඒ කියන්නෙ
වැඩි සබ්ද වලට හුරු වුණු අයට වැඩි සංඛාත සහ අඩු ශබ්ද ඇහෙන්නෙ නැහැ.ඒ අය කතා
කරන්නෙත් ශබ්ද නගලා,ඒ කියන්නේ ඵලදායිතාව,නිරවද්‍යතාව අඩු වෙනවා කියන එක.
ශබ්දය
අවම කරන්න පුළුවන් වෙනත් ක්‍රමවේද පිළිබද පැහැදිලි කිරීමක් කරනවා නම් විශේෂයෙන් රථ
වාහනවලින් නිකුත් කරන ශබ්දය තරමක් දුරට හෝ අඩු කරන්න පාරේ දෙපැත්තේ ඝනකමින් වැඩි පත්‍ර
සහිත ගස් වර්ග වැවීම සාර්ථක ක්‍රමවේදයක් වගේම ධ්වනි ශක්තියෙන් සියයට 50ක් විතර අඩු
කරන්න පුළුවන් ක්‍රමයක් විදියට පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.එමෙන්ම කර්මාන්ත
ඉදිකිරීමේ දී ශබ්ද මට්ටම අවම යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම,ශබ්ද අවශෝෂක ද්‍රව්‍ය යෙදූ
යන්ත්‍ර භාවිතය,ශබ්ද අවශෝෂක සහිත ගොඩනැගිලි ආදිය ඉදි කරන්න පුළුවන්.
0 comments:
Post a Comment