ඇතුවත් බැරි
නැතුවත් බැරි ප්ලාස්ටික් විසින් මානව ජන ජීවිතයට කර ඇත්තේ සුලු පටු බලපෑමක්
නොවේ.ඒ වෙනුවට කොතෙකුත් විකල්ප ගැන සාකච්ඡා වුවද, ප්ලාස්ටික් පරිභෝජනය, නිෂ්පාදනය මෙන්ම
එමඟින් සිදුවන පරිසර දූෂණය තවමත් එතැනම බව පිළිගන්නට සිදුවේ.ප්ලාස්ටික් දිරාපත්
නොවීම හෝ දිරාපත් වීමට ගතවන කාලය වැඩිවීම නිසා ගොඩබිම සිදුව
ඇති විනාශය ඇස්පනාපිටම අපට දැක ගත හැකිවූවත් සාගර පරිසරයට සිදුව
ඇති හානිය ඊට වඩා විශාල බව පැවසේ.එයට හේතුව බොහෝ රටවල් තම කසල බැහැර කිරීමේ ප්‍රධාන මාධ්‍ය
ලෙස (Garbage dumping ground) සාගර භාවිතා
කිරීමයි.
නමුත් ඔහු
විමතියට පත් වූ කරුණ වන්නේ පාවෙන ප්ලාස්ටික් එකතු වන උතුරු අත්ලාන්තික් සාගරය වැනි
සාගර කලාප වල බලාපොරොත්තු වූ තරම් ප්ලාස්ටික් හමු නොවීමයි.මෙය ඔහු හැඳින්වූයේ mystery of
missing plastic යනුවෙනි.(එනම් මෙසේ ප්ලාස්ටික් අතුරුදහන්
වීමේ අභිරහස නමිනි.) මෙහිදී ඔවුන් අවධානය යොමු කලේ floating plastic වැඩි වීම වෙනුවට
අඩුවීමට හේතු කුමක්ද යන්නයි.Sole සැක කලේ යම් ක්ෂුද්‍රජීවීන් සමූහයන් (microbial colony) ප්ලාස්ටික්
ජෛව ජීරණයට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා පරිණාමිකව හැඩගැසී ඇත් ද යන්නයි.
මෙහිදී ඒ
සම්බන්ධව අවධානය යොමු කල තවත් පර්යේෂකයන් පැවසුවේ එසේ වුවහොත් එය තවත් ගැටළුකාරී තත්වයකට හේතු විය
හැකි බවයි.එනම් ප්ලාස්ටික් දිරාපත් වීමේදී කුඩා කැබලි වලට කැඩීම නිසා පරිසරයට
විවිධ ආකලන වර්ග එකතු වීම නිසා ජීවීන්ගේ
ආහාරදාම වලට ද මෙය බලපෑමක් විය හැකි බවයි. මෙහි දී පරිසර පද්ධතිය අසංතුලනය වීමට හේතු විය
හැකිය.තවත් පිරිසක් පවසන්නේ මෙයට ඇති ප්‍රධානතම විසඳුම සාගරවලට ප්ලාස්ටික් මුදා
හැරීම වැලැක් වීමට ප්‍රමුඛතාවය දීමබවයි.
සෛද්ධාන්තිකව
ක්ෂුද්‍රජීවීන් පරිණාමයට ලක්වී ජෛව ජීර්ණ හැකියාව ලබාගෙන ප්ලාස්ටික් ජීර්ණය කරතැයි
පැවසීමට හැකියාව ඇත.තවදAmaral-zettler of Netherlands පවසන්නේ පාවෙන
ප්ලාස්ටික් මත ජීවත්වෙන ක්ෂුද්‍ර ජීවීන් ඒ ආශ්‍රිත මුහුදේ ජීවත් වන අනෙකුත් ක්ෂ්ද්‍ර
ජීවීන්ට වඩා සුවිශේෂිත බවයි.ඔවුන්ගෙන් සමහරු පරිසර දූෂක මත (pollutants)
යැපීමට ද සිදු කරයි.ප්ලාස්ටික් මඟින් මෙසේ සැදුණු පරිසර
පද්ධතියට plastisphere යැයි
හුරුබුහුටි නමක් ද ඔවුන් යෝජනා කරන ලදී.
මේ පිලිබඳ
උනන්දුවක් දක්වන තවත් පර්යේෂකයෙකු වන Ter
Halle උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන ප්ලාස්ටික් මත
වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ DNA පරීක්ෂාවට
භාජනය කරන ලදී.ඇය පවසන්නේ එහිදී ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ හැකියාවක් එම ක්ෂුද්‍ර ජීවීන් සතුව තිබෙන
බවට කිසිඳු සාධකයක් හමු නොවූ බවයි.නමුත් ඔවුන්ට හමු නොවූ කෝටි ගණනනක් ක්ෂුද්‍ර ජීවී විශේෂ තවමත් සිටීමේ
සම්භාවිතාවක් ද ඇත.
අනෙක් මතය වී
ඇත්තේ පාවෙන ප්ලාස්ටික් මත විවිධ ජීවීන් වැඩීම නිසා ඒවායේ බර වැඩි වී මුහුදු පතුලේ
තැන්පත් වීමට ඉඩ ඇති බවයි.සමහර විට අන්වීක්ෂීය කුඩා කොටස් වලට කැඩී යාම නිසා පර්යේෂකයන්ට හසු
නොවීමට ඉඩ ඇත.තවද සාගර ජීවීන් එම කැබලි ගිලීම නිසා හෝ මුහුදු රැලිවලට හසු වී සාගරයේ ඈතට ගමන් කිරීමද
සිදුවිය හැක.තවද Amaral Zenter පවසන්නේ
ප්ලාස්ටික් ජෛව ජීර්ණයට ලක් වීම විය හැකි වූවත් ඒ සඳහා අධික කාලයක් ගත වන
බවයි.(වසර සිය ගණනක් ) එමෙන්ම ප්ලාස්ටික් මඟින් දූෂණයට ලක් වී ඇත්තේ රටවල් ආශ්‍රිත
මුහුදු තීර පමණක් නොව ඈත සාගරයේ ඇති මුහුදු වෙරලවල් ,ගැඹුරු මුහුදු ප්‍රදේශ
පවා දූෂණය වී ඇති බවයි.ප්ලාස්ටික් කැබලි කාලයක් තිස්සේ ආහාර සමඟ ගැනීම නිසා
කැස්බෑවන් වැනි සතුන්ගේ ආමාශය තුල තැන්පත් වී ඔවුන් මිය යෑම පවා සිදු වී ඇත.
පර්යේෂකයන්
අතර කිනම් වාද විවාද පැවතුනත් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය නිසා සාගර ජීවයට
සිදුවන කනගාටුදායක විපැත්තියට කවුරු නම් වග කියන්නද?
විවිධ පාර්ශව
එකතු වී සාගරවල ඇති ප්ලාස්ටික් ,අපද්‍රව්‍ය ඉවත් කිරීමට මැදිහත් වූවත් දැනට
පැහැදිලි වන්නේ එය ප්‍රායෝගික නොවන බවයි.Prevention
is better than cure වැලකීම තරම් හොඳ ප්‍රතිකාරයන් ඕනෑම දේකට ඇති
හොඳම පිලිතුරයි.අපද්‍රව්‍ය නිසි පරිදි
බැහැර නොකලහොත් මුළු පෘථිවියම Plastisphere එකක් වීම
වැලැක්විය නොහැක.
New Scientist සඟරාව ඇසුරෙනි
0 comments:
Post a Comment