December 27, 2017

හැර නොයන යුග දිවිය

හුදකලාව බොහෝ ප්‍රියකරන මත්ස්‍ය විශේෂයක් ලෙස එන්ජල් මසුන් හැදින්විය හැක. මෙම මසුන් ඉතා අලංකාර වර්ණ රටා රාශියකින් සමන්විතයි. මෙම මසුන්ගේ ස්වාභාවික නිජබිම අග්නිදිග අසියාතික රටවල් වන අතර දැනට ලෝකයේ බොහෝ රටවල් වල දක්නට ඇත. 
අදුර හා සෞම්‍යය දේශගුණය වඩාත් ප්‍රියකරන එන්ජල් මසුන් සමාජශීලි නොවන මත්ස්‍ය විශේෂයකි. කුඩා පැටවුන් පරිණත වීමට මාස 6- 8 ත් පමණ කාලයක් ගතවන අතර ලිංගිකව පරිණත වන මසුන් තම සහකරු හා සහකාරිය ඔවුන් විසින් තෝරා ගනී. තවද විශේෂත්වය වන්නේ යම් සහකරුවෙකු මියගියහොත් හෝ වෙනස් ස්ථානයකට ගෙන ගියහොත් ජීවිත කාලය තුලම තවත් සහකරුවෙකු හා සම්බන්ධ නොවේ. එසේ නැතිනම් ලිංගිකව එක් නොවේ.  නමුත් සහකාරිය මිය ගියහොත් හෝ වෙනස් වුවහොත් ඉතා කලාතුරකින් සහකරුවා සහකාරියක් සොයා ගනී. 

මෙහිදී සහකරුවා සහ සහකාරිය එක්වු පසු තම වසම්චර්යා පෙන්වමින් ස්වාධීනව ජීවත් වීමට කටයුතු කරයි. එහිදී අදාල යුගලනය හදුනාගෙන  15x15x15 ප්‍රමාණයේ සිමෙන්ති ටැංකි තුල ජලය පුරවා උපස්තර ලෙස ඇස්බැස්ටස් හෝ වැහිපිලී ටැංකි බිත්තියට ආනතිවන ලෙස තබා මසුන් යුගලය ඇතුල් කරයි.



ඉහත යුගලනය ලිංගික එක්වීමෙන් පසු යොදන උපස්ත්‍රරයේ බිත්තර ඇලවීම සිදුකරයි. එය එකවිට හෝ අවස්ථා කීපයකදී සිදුකල හැක. ඉන්පසුව පිරිමි සතා හා ගැහැණු සතා විසින් බිත්තර ආරක්ෂා කරනු ලබයි. එම බිත්තර කෘතිමව රැක්වීමට පිරිසිදු ජලය පුරවන බේසමක බිත්තර සහිත උපස්ත්‍රරය තබා ජලයට මෙතලීන් බ්ලු ස්වලපයක් දමා උපස්ත්‍රරයෙන් බිත්තර නොගැලවෙන සේ වාතනය කරන්න. දින දෙක තුනකින් බිත්තර පුපුරා කුඩ පැටවුන් බිහි වේ. මෙම පැටවුන් දින 5 කින් පසු නිදහසේ පිහිනීම සිදු කරයි. එහිදී පැරනීසියම් වැනි ස්වාභාවික ආහාර ලබා දී පසුව ආටීමියා ලබාදීමට හැක. ඉන්පසුව දින 21 පසුව වර්ධක ටැංකි වලට වර්ග අඩියට 3 ත් 5 ත් වන ලෙස තැන්පත් කර නියමිත ලෙස ආහාර ලබා දී ටැංකි නඩත්තුවෙන්  දින 45 ක් ගිය පසු අලෙවි
කිරීමට සුදුසු ප්‍රමාණයේ ඒන්ජල් මසුන් ලබා ගත හැක. එම මසුන් දේශීය හෝ විදෙස් වෙළදපොළට යැවීමෙන් ඉහළ මුදලක් උපයා ගත හැක.

0 comments:

Post a Comment