December 21, 2017

කෝපි පානය සිරුරට බෝහෝ හිතකරයි

Image result for coffee nutrition

කෝපි යනු අප එදිනෙදා ජීවිතයේදී නිරන්තරයෙන්ම පානයට ගන්නා රසවත් පෝෂ්‍යදායී පානයකි. නමුත් සමහර මිත්‍යා මත නිසා ඇතැම් පිරිස්  මෙම රසවත් ගුණවත් පානය ආහාරයට ගැනීමෙන් වලකියි.
උදෑසන කෝපි කෝප්පයක් බීමෙන් අප්‍රසන්න මානසිකත්වය දුරුකර ප්‍රබෝධමත්ව දවස ආරම්භ කිරීමට හැකි වේ. මෙසේ වනුයේ කෝපි වලින් මොළයේ  ඩෝපමින්  නම් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහල නැංවීමයි. දිනකට කෝපි කෝප්ප 4ක් පමණ පානය කිරීමෙන් මානසික අව පීඩනය 20%කින් පමණ අඩු වන බව පරීක්ෂණ මගින් හෙළි වී ඇත.
වැඩිපුර කෝපි පානය කරන අයගේ type 2 ආකාරයේ දියවැඩියා තත්වය ඇති වීම අඩුවෙන් කෝපි පානයකරන අයට වඩා අඩු වේ.
එසේම කෝපි හදවත ආරක්ෂා කර දීමේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි. දිනකට කෝපි කෝප්ප 2ක් හෝ ඊට වඩා පානය කරන අයගේ හදවත් ක්‍රියාකාරිත්වය එසේ කෝපි පානය  නොකරන අයගේ හදවත්  ක්‍රියාකාරිත්වයට වඩා හොදින් සිදුවේ.දිනකට  කෝපි කෝප්ප 4ක් ගන්නා අයගේ හදවත් රෝග අවධානම 11%කින් අඩුවේ.
පාකින්සන් රෝගයෙන් පෙළෙන අයගේ පාලනය කළ නොහැකි චලන පාලනයට කෝපි බොහෝ උපකාරී වේ. එසේම පිත්තාශයේ ගල් සෑදීම වලක්වන කෝපි, පානය කිරීම අක්මාවට ඉතා හිතකර වේ.
පිළිකා වැළදීමේ අවධානම කෝපි පානය කිරීම නිසා 50%කින් පමණ අඩු කර ගත හැකි වෙයි.බොහෝ පරීක්ෂණ වලින් පෙනී යන්නේ මෙසේ කෝපි පානය කිරීම අක්මා  පිළිකා අවධානම සැලකිය යුතු මට්ටමකින් අඩු කරන බවයි.
කෝපි වල අඩංගු cafestol  හා  caffeic acid මගින් ග්ලූකෝස් ඇති විට ඉන්සියුලින් ශ්‍රාවය වැඩි කරයි. රුධිරයේ ඉහල ප්‍රතිශතයකින් ග්ලූකෝස් පැවතීම අන්ධබව හා ස්නායු ආබාධ ඇති වීමට හේතු වේ. ජානමය තත්වයන් හා ජීවන රටාව මේ සදහා බොහෝ සේ බලපා ඇත. කෝපි පානයෙන් මෙම තත්වයන් ඇති වීමේ වේගය අඩු කරයි.
රතු පැහැති මස් වර්ග අනුභව කිරීම, ව්‍යායාම මගහැරීම වැනි නොගැලපෙන ජීවන පුරුදු නිසා සිදුවන ජීව කාලය  අඩු වීම  වලක්වා  ගැනීමට දිනපතා කෝපි කෝප්පයක්වත් පානය කිරීම සුදුසු වේ. ‍
මෙවන් වාසි රාශියක් අත්පත් කරදෙන කෝපි ශරීරයට ඉතාමත් හිතකර වුවද කොයිදේත් ඕනෑවට වඩා ඕනෑ නැති නිසා අධික ලෙස කෝපි පානයෙන්ද වැලකිය යුතුයි.
https://www.webmd.com/food-recipes/features/coffee-new-health-food#1 
https://www.sciencedaily.com/releases/2017/07/170710172118.htm 


0 comments:

Post a Comment