December 30, 2017

වෛරස් වලින් සදාතනික ආරක්ෂාවට ඩී.එන්.ඒ (DNA) එන්නත්

උපුටා ගැනීම :https://newatlas.com/dna-vaccine-flu-universal/52768/

New research into DNA vaccines suggests a universal, one-dose flu vaccine could be developed

ඩීඑන්ඒ එන්නත් සම්බන්ධ නව පර්යේෂණවලින් අදහස් කරන්නේ විශ්වීය එක්-මාත්රා එන්නත් එන්නතක් වර්ධනය කළ හැකි බවයි Credit: destinacigdem/Depositphotos)

ලොව සියළු වෛරසයන් සඳහා එක් එන්නත් මාත්‍රාවක් ලබාදීම ලොව වෛද්‍ය පර්යේෂකයන්ගේ සිහිනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම මිලියන භාගයක් පමණ පිරිසක් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මියයන අරත එමගින් අහිමිවන සාමාජයීය සහ ආර්ථිකමය පිරිවැය ගණනය කල නොහැක. උණ රෝගය සඳහා වූ ඵලදායී එන්නතක බලපෑම කෙතරම්ද කියා මිළකල නොහැක. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව සඳහා වූ පාසලේ පර්යේෂකයන් පිරිසක් සියළු උණ රෝගයන් පතුරවන වෛරසවල ජානමය සංගටක ඉලක්ක කර යොදාගතහැකි නවDNA එන්නතක් පිළිබඳ අත්හදා බැලීම් සිදුකරනු ලැබේ.



ඩී.එන්.ඒ. එන්නත් නවතම වෛද්‍ය පර්යේෂණ වල පෙරටුගාමී වී සිටියි. සාම්ප්‍රදායික එන්නත් ලෙස නොව මෙම එන්නත් මගින් ජීවියාගේ සියළු රූපාකාරයන් සඳහාම ප්‍රතිශක්තිකරණය ලබා දෙයි. ඩී.එන්.ඒ. එන්නත් මිනිසාගේ ප්‍රවේණි සංගටක තුලට ඇතුල්වී ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉලක්ක කර අවශ්‍ය ව්‍යාධිජනක ප්‍රතිදේහ නිපදවයි.
  
පර්යේෂන කණ්ඩායම මෙහෙයවන ඩෙබෝරා ෆුලර්ට අනුව පසුගිය වසර 40 තුලදීම එකම එන්නත් ශිල්පක්‍රම යොදාගෙන එක් එක් වෛරසයන් සඳහා විවිධ එන්නත් නිපදවා ඇති නමුත් දැන් සියළු වෛරස සඳහා එක් එන්නතක් පමණක් යොදාගැනීමට සුදුසු කාලය බවයි.


සාම්ප්‍රදායික එන්නත් වලට වඩා ඩී.එන්.ඒ. එන්නත් වල ප්‍රයෝජන රැසකි. මෙය දැනට භාවිත එන්නත් නිපදවීමට වඩා ලාබදායී සහ වේගවත් ක්‍රමවේදයක් භාවිත කරයි. මෙය වෛරසවල මූලික ජානමය සංඝටක ඉලක්ක කරනු ලබන අතර එමනිසා එය වෛරසවල සිදුවන ජානමය වෙනස්වීම් වලට අනුව හැඩගැසේ. මෙහි අර්ථය එය දැනට පැවති හා අනාගතයේ ඇතිවිය හැකි  සියළු ඉන්ෆුවෙන්සා රෝගකාරක ප්‍රභේදයන්ට එරෙහිව ආරක්ෂාව සපයන බවයි.


කෙසේවෙතත්, ඩී.එන්.ඒ. එන්නත් පිළිබඳ මුල් අධ්‍යයනයන් වලදී එය එතරම් පලදායී නොවන බව පෙනී ගොස් ඇත. මෙම ක්‍රමවේදයන් යොදාගෙන ශරීරය තුල ප්‍රතිශක්තිකරණය ඇතිවීමට සාම්ප්‍රදායික අන්තර්පෙෂිමය එන්නත් කිරීමට වඩා තරමක කාලයක් ගතවීම මෙයට හේතුවයි.


මෙම නවතම ඩී.එන්.ඒ. එන්නත් කිරීමේ පර්යේෂණ සතුන් යොදා කල පර්යේෂණ වලදී සාර්ථක ප්‍රථිපල අත්කර ඇත. නව එන්නත එකිනෙකට වෙනස් වෛරස් ප්‍රභේද හතරක ඩී.එන්.ඒ. ප්‍රෝටීන අන්තර්ගත වන අතර අමතරව සෑම වෛරස් ප්‍රභේදයකටම පොදුවූ අතිරේඛ ප්‍රෝටීනයකින් ද සමන්විතය. ප්‍රතිඵල පැහැදිලි එන්නත්කරන ලද  සතුන් මුල් වෛරස් ප්‍රභේද හතරට අමතරව වෙනත් වෛරස් ප්‍රභේදයන්ට ද දැඩි ප්‍රතිශක්ති කරණයක් දැක්වූ බවයි. ඒ අනුව එන්නතට පුළුල් ප්‍රතිශක්ති කරණ හැකියාවක් පවතින බව අර්ථවත්වේ. 


ඩී.එන්.ඒ. එන්නත්කරණ පර්යේෂණවල ගෙවීගිය වසර 10 ක කාලය තුල කිසිදු මානව හෝ වානිජමය ප්‍රතිඵලයක් ලගාකරගත නොහැකි වුවත් මෙම ප්‍රතිඵල සැබවින්ම විප්ලවවාදී විය හැක. පසුගිය ශතවර්ෂයේ මහා මානව ජයග්‍රහනවලින් එකක් වන මිනිසුන්ගේ ජීවිත මිලියන ගණනක් බේරාගැනීමට හැකිවූ පෝලියෝ පතිශක්තිකරණ එන්නත මෙන්ම විසිඑක්වන ශතවර්ෂයේදී මෙම ඩී.එන්.ඒ. එන්නත්  මිනිසාට හානිකර ආසාදනවලින් ආර්ක්ෂාවීම සඳහා නව බලාපොරොත්තුවක් ඇති කරනු ඇත. 


Rich Haridy  December 29th, 2017  PLOS One. හි පලකනර ලද නවතම පර්යේෂණයක් ඇසුරිණි.
මුලාශ්‍රය: UW Medicine 

0 comments:

Post a Comment