December 23, 2017

ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී මතු වන ගැටලුවලට විසදුමක් .......!

ජීව වායු නිෂ්පාදනයට යොමු වීම තුලින් අංශ කිහිපයකින්ම වාසිදායක විසදුම් ලබා ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය.

විශේෂයෙන් අද ලෝකයේ ප්‍රධාන අර්බුදය වී පවතින බලශක්ති හිගයට හා කැළි කසළ බැහැර කිරීමේ ගැටලුවට ජීවවායු නිෂ්පාදනය අගනා පිළියමකි. කැළි කසළ නිසි පරිදි බැහැර කොකිරීම නිසා මේ වන විට මිනිසුන් ඇතුලු විවිධ සත්ත්ව වර්ගවල පැවැත්ම හා පොදුවේ ගත් කල සමස්ත පරිසර පද්ධතියම විනාශය කරා ක්‍රමයෙන් ඇදී යමින් පවතී. ජීවවායුව හා කැළි කසළ එකිනෙකට බැදී පවතින මාධ්‍යයන් දෙකකි. ජීවවායුව නිෂ්පාදනයේ දි අමුද්‍රව්‍ය වශයෙන් කාබනික කැළි කසළ   යොදා ගැනීමට හැකිවීම එයට හේතුවයි. ජීවවායුව නිෂ්පාදනයෙන් අනතුරුව ඉතිරි වන අපද්‍රව්‍ය පොහොර වශයෙන් භාවිතා කළ හැකිය. එම පොහොර වස විස කළවම් නැති ශාක පෝෂක ගුණයෙන් ඉහළ ස්වභාවික පොහොර විම තවත් වාසියකි.
ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත ජීවවායු ජනක වර්ග කිහිපයකි. අඛණ්ඩ හා කාණ්ඩ යන වර්ග මෙයින් ප්‍රමුඛතාවයක් ගනියි. මෙම ජිවවායු ජනක වර්ග වලට අමුද්‍රව්‍ය යොමු කිරීමේ දී දිනපතා ඝන අපද්‍රව්‍ය යොමු කිරීමට නොහැකිවීම ගැටලුවකි. අඛණ්ඩ ජිවවායු ජනකවලට ඝන අපද්‍රව්‍ය නොගැලපෙන අතර සාමාන්‍යෙයන් කාණ්ඩ ක්‍රමයේ ජිවවායු ජනකවලට දිනපතා අමුද්‍රව්‍ය ඇතුලත් කිරීමක් සිදු නොකරයි. කාණ්ඩ ක්‍රමයේ ජීවවායු ජනකවලට අමුද්‍රව්‍ය ඇතුලත් කිරීමෙන් පසුව බලශක්තිය උත්පාදනය පිණිස අමුද්‍රව්‍ය ජීර්ණය වීමට ජනකය එක දිගට මාස තුන හතරක් පමණ වසා දමයි. එහිදී ඝන අපද්‍රව්‍ය ඇතුලත් කිරීමට හැකියාව ඇතත් දිනපතා ඇතුලත් කිරීමට අවස්ථාවක් නොමැති වීම ගැටලුවකි. Plug flow ජිවවායු ජනක තාක්ෂණය මේ සදහා විසදුමකි. එම වර්ගයේ පීවවායු ජනකවලට දිනපතා ඝන අපද්‍රව්‍ය ඇතුලත් කිරීමට හා දිනපතා ජීවවායුව නිෂ්පාදනයෙන් අනතුරුව ඉතිරිවන අපද්‍රව්‍ය පොහොර ලෙසින් නැවත ලබා ගැනීමේ හැකියාවද පවතියි. . Plug flow ජීවවායු ජනකයේ ජීරකය උස අඩු හා දිගින් වැඩි තිරස් අතට පිහිටා තිබීම මෙයට එක් හේතුවකි. අනෙක් ජීවවායු ජනක තාක්ෂණන් හා සාපේක්ෂව බලන විට Plug flow ජිවවායු ජනකවල ඝන ස්ථර ඇති වීමද අඩු බවක් පෙනෙන්නට ඇත.      
මේ වන විට කඩුගන්නාවේ පිහිටි මධ්‍යම පළාතේ කලාපිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ උක්ත ජීවවායු ජනකයක් ඉදිකර ක්‍රියාත්මක කරනු ලබයි. එහි අමුද්‍රව්‍ය ලෙස යොදා ගනුයේ පුහුණු මධ්‍යස්ථානයේ හා එහි ගෙවත්තේ අපතේ යන කුණු කසළ සහ කඩුගන්නාවේ සති වෙළදපොළේ ඇති කුණු කසළයි.එයට අමතරව රුහුණු විශ්වවිද්‍යලයේ මාපලාන පිහිටි කෘෂි විද්‍යා පීඨයේ  Plug flow ජීවවායු ජනකයක් ක්‍රියාත්මක වේ. එහි අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කරන්නේ අපතේ යන ආහාර සහ විශ්ව විද්‍යාල භුමියේ  ඇති කුණු කසළයි. මීට අමතරව ගාල්ල වක්වැල්ල කළමණාකරණ පුහුණු මධ්‍යස්ථානයේ ද මෙවැනි . Plug flow ක්‍රමයේ ජීවවායු ජනකයක් ඉදිකර තිබේ. මෙම ජිවවායු ඒකක ස්ථාපනය කිරීම සදහා තාක්ෂණික දායකත්වය සපයනුයේ ප්‍රැක්ටිකල් ඇක්ෂන් අයතනය වේ.

 ජාන තාක්ෂණ පුවත් ඇසුරිනි

0 comments:

Post a Comment