December 20, 2017

විටමින් B12 අඩු වීම හදුනා ගනිමු

 
විටමින් B12 යනු ජලයේ ද්‍රාව්‍ය ස්වභාවිකව ඇතැම් ආහාර වල අඩංගු වන ශරීරයට අත්‍යාවශ්‍ය වන විටමින් වර්ගයකි. ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සදහා අවශ්‍ය රතු රුධිරානු නිපදවීමට, ස්නායුවල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට මෙන්ම DNA සංස්ලේෂණය කිරීමටද විටමින් B12 අවශ්‍ය වේ. එසේම, මෙය ඇතැම් එන්සයිම සදහා සහසාධනයක් ලෙස ක්‍රියා කරයි.

 විටමින් B12 අඩුවීමෙන් රතු රුධිරානු නිෂ්පදනය දුර්වල වී ඇනීමියා තත්වය ඇතිවීම, අස්ථි දුර්වල වීම මානසික ගැටළු, අවුල් සහගත සිතුවිලි, මතකය අමතක වීම, ස්නායුවලට හානි සිදුවීම, මානසික වික්ෂිප්තතාව වැනි  රෝග තත්වයන් ඇති වේ.  විටමින් B12 අඩු වීමෙන් ඇති වන ඇතැම් රෝග තත්වයන් නැවත යථා ස්වභාවයට පත්කළ නොහැකි ලෙස දැඩි වේ.

විටමින් B 12 ඌනතාවය නිසා සිරුර ඉක්මණින් විඩාවට පත් වේ. ශරීරයේ අවයව සදහා අවශ්‍ය ඔක්සිජන් පරිවහනය කරනුයේ රතු රුධිරානු මගිනි. මෙම රතු රුධිරානු නිපදවීමට විටමින් B12අවශ්‍ය වන අතර එය අඩුවීම වීම නිසා රතු රුධිරානු නිපදවීම අඩු වී අවයව වෙත ඔක්සිජන් පරිවහනය අඩු වේ. එවිට, අවයව ඉක්මණින් විඩාවට පත් වේ. තවද, හේතුවක් නොමැතිව, දැනෙන මහන්සිය අධික නිදිමත ස්වභාවය මෙම විටමින් ඌනතාවයෙන් ඇති වේ.රතු රුධිරානු අඩුවීම නිසා එමගින් අවශ්‍ය තරම් ඔක්සිජන් පේශී වෙත පරිවහනය නොවීමෙන් එම පේශී අධික ලෙස විඩාවට පත් වී සිරරට අධික මහන්සි ගතියක් දැනේ.

ශරීරයේ ඇති වන විවිධ හිරිවැටීම් විටමින් B12 ඌනාවයක් නිසා ඇති වේ. හිසේ සිට පාදය දක්වා විදුලි සැර ගමන් කිරීමක් සේ දැනීම, ඉදිකටු තුඩකින් හෝ ඇල්පෙනෙත්ති තුඩකින් අනිනවා සේ දැනීම, වනුයේ  B12 විටමින් ඌනතාවය නිසා සෛල වල ඔක්සිජන් අඩු වී ස්නායු වලට හානි සිදුවීම නිසාය.

යම් යම් ඉතා හුරු පුරුදු කාරයයන් අමතක වී යාම විටමින් B12 ඌනතාවය හදුනා ගැනීමට තවත් ලක්ෂණයකි. එදිනෙදා සිදු කරන කාර්යය හෝ යම් කෙනෙකුට යම් තොරතුරක් මතකයට නගාගැනීම අපහසු වීම වැනි විටමින් B12 ඌනතාවයක් නිසා හට ගන්නා තත්වයක් වේ. එසේම, මෙය ඇල්සයිමර් රෝගයේ මූලික අවස්ථාවක් විය හැකි අතර නිවැරදි පෝෂණයක්  ලබා ගැනීම මගින් මෙම තත්වය මුල් අවධියේදී දී වලක්වා ගත හැකිය. නිතර යම් යම් දේ අමතක වීම සිදු වේ නම් රුධිර පරීක්ෂාවක් කිරීමෙන් විටමින් B12වර්ගයේ ඌනතාවයක් ද යන වග දැනගත හැකි වේ.  

හිස කරකැවිල්ල විසිවීම යන රෝගී තත්වයන් ද විටමින් B12 ඌනතාවය හදුනාගත හැකි ලක්ෂණ වේ. රෝගීන් 100ක් ගෙන සිදු කරන ලද පරීක්ෂණයකින් 40 දෙනෙකුට පමණ මෙම තත්වයට හේතු වී ඇත්තේ විටමින් B12 හිගවීම බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

සමේ ලා රෝස පැහැති ස්වභාවය කහ වර්නයට හැරීම විටමින් B12 ඌනතාවය නිසා සිදු වේ.රතු රුධීරානු පහසුවෙන් කැඩී බිදී යාම නිසා නිදහස්වන බිලිරුබින් නම් වර්ණකය හේතුවෙන් මෙසේ සමේ කහ පැහැය ඇති වේ.

විටමින් B 12 ඌනතාවය තිව්‍ර වීමෙන් දිවෙහි රස අංකුර  පිහිටා ඇති පැපිලේ (පිටිකා) තුනී වී යයි. විශේෂයෙන්ම මෙසේ වනුයේ දිවේ දාර ආරවල පවතින රසාංකුරයි. මෙවිට, දිවෙහි දැවිල්ලක් හෝ දැඩි වේදනාවක් ඇති වේ. මෙම රසාංකුර ක්ෂීණ වී යාම නිසා ආහාරවල රස දැනීම අඩු වේ. එවිට ආහාර රුචිය අඩු වීමෙන් ආහාර ගැනීම අඩු වී බර අඩු වීම සිදු වේ.

වැඩිහිටි ප්‍රජාවෙන් 10% ත් 30%ත් පමණ ගැස්ට්‍රයිටීස්වලින් පෙළීමේ බලපෑමක් ලෙස ආමාශයේ හයිඩ්‍රොක්ලෝරීන් අම්ලය ස්‍රාවය අඩු වේ. එවිට  විටමින් B12  භාවිතයට ගන්නා  සාමාන්‍ය ආමාශයික බැක්ටීරියා ප්‍රමාණය ඉහළ යයි. මේ හේතුවෙන් සිරුරට අවශෝෂණය කළ හැකි විටමින් B12  ප්‍රමාණය අඩු වේ.
ගැස්ට්‍රයිටීස් වලින් පෙළෙන පුද්ගලයින්ට ආහාර වල ස්වභාවිකව අඩංගු විටමින් B12  අවශෝෂනය කළ නොහැක. මේ නිසා අමතර ආහාරයක් ලෙස පිටතින් විටමින් B12  ගතයුතු අතර වයස අවු 50 ඉක්මවූ විට මෙසේ බාහිරව විටමින් B12 ගත යුතුයි. එසේම ශාක ආහාර මත පමණක් යැපෙන පුද්ගලයින් තම B12 අවශ්‍යතාවය පිළිබද දැඩි ලෙස සැලකිළිමත් විය යුතු වේ.

තවද, ආන්ත්‍රික සහ ආමාශයික අසාමාන්‍යතාවලින් පෙලීමේ දී විටමින් B12 අවශෝෂණය කළ නොහැකියි. එවිට නුවණ  මෙහෙයවා කටයුතු කිරීම අපහසුය. තවද මූලික අමාශයික අපහසුතා ඇති වීම මෙගාබිලස්ටික් ඇති වීම හෝ චිත්ත වික්ෂේපනය යන රෝග තත්වයේ මූලික අවස්ථාවක් වීය හැකි අතර මෙය විටමින් B12 ඌණතාවයෙන් සිදු වන්නකි. 

 B12  බොහෝ විට ශාක ආහාර වලට සීමා වන බැවින් සම්පූර්ණයෙන්ම ශාකමය ආහාර මත පමණක් යැපෙන්නන්ගේ B12 ඌණතාව ඉතා පහසුවෙන් ඇති විය හැකි බැවින් ඔවුන් තම B12 ඌනතාව පිළිබද සැලකිලිමත් විය යුතු වේ.

මේ අනුව B12  සිරුරට අත්‍යාවශ්‍ය විටමින් වර්ගයක් වන බැවින්  නිරෝගීමත්ව ජීවත් වීමට මෙම කරුණු පිළිබද සැලකිලිමත් වන්න.
https://www.sciencedaily.com/releases/2017/12/171215111605.htm

0 comments:

Post a Comment