December 28, 2017

තරබාරුකම හෙවත් ස්ථුලතාවය

තරබාරුකම හෙවත්  ස්ථුලතාවය වර්තමානයේ මහත් ගැටලුවක්ව පවතී.
දේහ ස්කන්ධ දර්ශකය (Body Mass Index) භාවිතා කර ස්ථුලතාවය මනිනු ලැබේ. ශරීර ස්කන්ධ දර්ශකය තීරණය කරනු ලබන්නේ, පුද්ගලයෙකුගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එම අගය උස මීටර් වලින් ලබා ගන්නා අගය වර්ගකර  බෙදීමෙන් ලබාගන්නා අගයෙනි. එවිට එහි අගය වර්ග මීටරයට කිලෝග්‍රෑම් (kg/m2) යන ඒකකයෙන් දක්වනු ලැබේ. එහි අගය අදාළ පුද්ගලයාගේ වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් නොවේ. 


ශරීර ස්කන්ධ දර්ශකය මගින් ශරීරයේ ඇති මේදය ප්‍රතිශතය හෝ ස්ථුලභාවය පිළිබඳව හොඳ මිනුමක් ලැබේ. එමනිසා, ශරීරයේ බර ආශ්‍රිතව ඇතිවන අවදානම් සහගත තත්ත්ව පිළිබඳව ඇස්තමේන්තු කිරීමට ශරීර ස්කන්ධ දර්ශකය යොදාගත හැක. එය, ශරීරයේ උසට සාපේක්ෂව තිබිය යුතු සෞඛ්‍ය සම්පන්න බර පවත්වා ගැනීමට උපකාරී වේ.

 ශරීර ස්කන්ධ දර්ශකය,
  • 18.5 ට වඩා අඩු අඩුබර
  • 18.5 – 24.9 – ප්‍රශස්ථ බර හෙවත් සෞඛ්‍ය සම්පන්න බර
  • 25 – 29.9 – අධික බර
  • 30 – 34.9 – ස්ථුල හෙවත් තරබාරු (පළමු වර්ගය)
  • 35 – 39.9 – ස්ථුල හෙවත් තරබාරු (දෙවන වර්ගය)
  • 40 හෝ එයට වැඩි ස්ථුල හෙවත් තරබාරු (තෙවන වර්ගය)


උදරයේ ස්ථුලතාවය මනිනු ලබන්නේ ඉන වට ප්‍රමාණයෙනි.කාන්තාවකගේ ඉන වට ප්‍රමාණය 80 cm වැඩි නම් උදර ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වශයෙන් හදුන්වයි. එමෙන්ම පුරුෂයෙකුගේ ඉන වට ප්‍රමාණය 90 cm වැඩි නම් එම පුද්ගලයා ද උදරයේ ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වේ..


 දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කරන්නේ එම පුද්ගලයාගේ උස,වයස සහ බර අනුව ය. ඒ අනුව පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමණය ඒ පුද්ගලයා අනුව වෙනස් වේ සාමාන්‍යයෙන් දරුවෙකුට දිනකට කිලෝ කැලරි 2500 ක ශක්තියක් අවශ්‍ය වේ. වැඩිහිටියෙකුට කිලෝකැලරි 1500ක් අවශ්‍ය වේ.  මෙම ශක්ති ප‍්‍රමාණයට වඩා වැඩි ශක්තියක් දෛනිකව ලබාගැනීම සහ එම ශක්තිය දහනය නොකිරීම තරබාරුකමට ප‍්‍රධානතම හේතුවකි.


අප ගන්නා ආහාර ශරීරයේ ක්‍රමවත්ව දහනය විය යුතුය. ආහාර, ශරිරයේ දහනය කරවීමට නම් වැඩිපුර ශක්තිය යොදා සෙල්ලම් කිරීම, දිවීම, ව්‍යායාම කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. අප ආහාර ගෙන එකතැන වාඩිවී සිටියොත් හෝ කම්මැලි කමට නිදාගෙන සිටියොත් ක්‍රමවත් ලෙස දහනය වන්නේ නැත. දිගින් දිගටම බහුල වශයෙන් ආහාර ගැනීමෙන් මේදය නිසා ස්ථුලතාවය ඇතිවේ.

එමෙන් ම නිවැරදි අකාරයටම ශරීරයේ තිබෙන තෙල් ප්‍රමාණය තීරණය කිරීමට පුළුවන. එහිදී ශරීරයේ මස්පිඩු සහ තෙල් පටක ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස පෙන්වා දීමට පුළුවන. Bioimpedance ක්‍රමය හා Dexa Scan ක්‍රමය මඟින් එලෙස ශරීරයේ තෙල් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත හැකි ය.

සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවක් සදහා අප විසින් දත යුතු මිනුම් ඒකක

මිම්ම
ඉලක්කය
ඉලක්කගත ශරීර ස්කන්ධ දර්ශකය
18.5-24.9
ඉනවට ප්‍ර‍මාණය
Men: less than 40 in.
Women: less than 35 in.
රුධිර පීඩනය
120/80 mm Hg or less
LDL (bad cholesterol)
Less than 100 mg/dl
HDL (good cholesterol)
Men: more than 40 mg/dl
Women: more than 50 mg/dl
ට්‍ර‍යිග්ලිසරයිඩ
Less than 150 mg/dl
රුධිරගත සීනි ප්‍ර‍මාණය (fasting)
Less than 100 mg/dl

 ස්ථුලතාවය නොයෙකුත් සෞඛ්‍ය ගැටළු සදහා මපාදයි.


උපුටාගැනීම - අන්තර්ජාලය හා පොතපත ඇසුරිනි

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment