ශරීරයට අවශ්‍යය අංශු මාත්‍ර ඛණිජයකි.
නමුත් ශරීරයේ පැවැත්ම සදහ අත්‍යාවශ්‍ය.සිරුරට අවශ්‍ය යකඩ ආහාර මගින්ද රතුරුධිරානු ගෙවීයෑමේදීද, අක්මාවේ ගබඩාවී ඇති යකඩ මගින්ද ලබාගනී.
වර්ධනයවන අවස්ථාවේදීද, ඔසප්වීමේදීද ,ගර්භනී හා කිරි දෙන අවස්ථවේදීද රුධිර වහනයන් සිදුවූ අවස්ථාවලදීද වැඩිපුර යකඩ අවශ්‍යය වේ.කාන්තාවන්ට යකඩ වැඩිපුර
අවශ්‍යය වේ. ළදරුවන් ළමයින් හා වැඩුනු අය දිනකට මිලිග්‍රෑම් 5-10 ද,තරුණ ගෑනුලමුන් දිනකට මිලිග්‍රෑම්
10-20 ද, ගර්භනී හා කිරි දෙන මව්වරැන්ට දිනකට මිලිග්‍රෑම් 15-30 පමනද ආහාරයට
ගතයුතුය. යකඩ ඌනතාතාවය නිසා ඇතිවන නීරක්තිය(Anemia) අද බහුල රෝගයක් බවට
පත්ව ඇත.
ක්‍රියාකාරිත්වය
• රුධිරයේ
හිමොග්ලොබින් සෑදීම, පේශිවල
මයොග්ලොබින් සෑදීම, රැධිරයේ
පරිවහන මාධ්‍යයක් ලෙස හා අක්මාවේ ගබඩා මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම.
ආහාර ප්‍රභව
පීකුදු, රතු මස්
වර්ග, මාළුවල
හීම් යකඩ අඩංගුය. බිත්තර කහමදය, පලාවර්ග,(ගොටුතොල,නිවිතිය වැනි) වියළි මිදි, රට
ඉදි, තල,මුං,නිවුඩු
හාල්,වියළි පලතුරුවල ඇත්තේ හිම් නොවන යකඩය.
ඌනතා රෝගය
සහ රෝග ලක්ෂණ
• නීරක්තය, හතිය, සුදුමැලි
බව, අලස
බව, ඉක්මනින්
විඩාවට පත්වීම, පහසුවෙන්
ලෙඩ රෝග වලට ගොදුරු වීම.
අද
අප රටතුල ජනතාව අතර දිනෙන් දින ඉහල යන ඉහත තත්වයන්ගෙන මිදීමට දිනකට අවශ්‍යය යකඩ ප්‍රමානය
ආහාර සමග සිරුරට ලබාගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යය මෙන්ම කාලෝචිත වේ.
W.A.R සුමිත් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
නිකවැරටිය
0 comments:
Post a Comment