December 27, 2017

හාස්කමක් ලෙස උපන් දැරියක් (Miracle baby)

 
තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව දිනෙන් දිනට පත්ව ඇති දියුණුව කෙතරම් පුදුම සහගත දැයි ඔබට තේරුම් කිරීමට මෙන්න හොඳම නිදසුනක්. සාමාන්‍ය දරුවකු මවු කුස තුල ගත කරන කාලපරිච්‍ඡේදය සති 37 සිට 40 ක් බව ඔබට අමුතුවෙන් මතක් කල යුතු දෙයක් නොවේ. ස්වභාවික දරු උපතකදී 2kg 500g  පමණ උපත් බරක් ඇති දරුවෙකු මේරූ දරුවකු ලෙස (mature baby) සැලකීම සාමාන්‍ය මතයයි. ඒ අතර ඊට අඩු හෝ වැඩි වශයෙන් බර සහිත දරුවන් ඉපදීම කිසිවෙකුට අරුමයක් නොවේ. නමුත් බොල්පොයින්ට් පෑනකට වඩා මදක් දිග 283.5g බරක් සහිත දින 21කුත් දින 6ක් පමණක් මවු කුස තුල සිට සජීවී දරුවකු ලෙස මෙලොවට බිහිවූ දරුවකු සිටින බව ඇසුවොත් ඕනෑම කෙනෙක් පුදුමයට පත් වනු නොඅනුමානයි.


ලෝකයේ මෙතෙක් සිදු වී ඇති වාර්තාගත දරු උපත් අතරින් අඩුම බරක් සහිතව හා අඩුම මව් කුස තුල ගත කල කාලයක් සහිත දරුවකු ගැන ඇමරිකාවෙන් වාර්තා වෙයි.වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් ලෙස මෙලොව එලිය දුටු ඇය නමින් Amillia Sonja Taylor නම් වෙයි.ඇය උපත ලද්දේ 2006 ඔක්තෝම්බර් මස 24 දින Baptist children’s hospital in Miami, Florida හිදීය.වාර්තා පොත් වලට අනුව මෙතෙක් බිහිවී ඇති නොමේරූම දරු උපත Amillia ය. ඇයගේ බර 283.5g (අවුන්ස 10 ක්) හා දිග 9.5 inches (24.13 cm) වන බව සඳහන් වේ.

කෘත්‍රිම සංසේචන ක්‍රමවේදය (IVF) මඟින් පිළිසිඳගත් දරුවකු වන Amillia  සිසේරියන් සැත්කමක් මඟින් මෙලොවබිහි වී ඇත.එවැනි අඩු කාලයකින් දරුවා බිහි කල යුතු බවට වෛද්‍ය තීරණය වී ඇත්තේ තව දුරටත් මවු කුස තුල සිටීම අවදානම් බැවිනි. උපතේදී කිසිඳු බාහිර උපකාරයකින් තොරව හුස්ම ගැනීමට ඇයට හැකි වූ බව වෛද්‍යවරු පවසති. තවද ඇය හැඬීමට ද උත්සහ කල බව ඔවුහු සඳහන් කරති.

ඇය නම් ඇත්තටම හාස්කමකට උපන් දැරියක් (miracle baby)” වෛද්‍ය විශේෂඥ Williams Smalling පවසන්නේ අප්‍රමාණ සතුටිනි.නොමේරූ ලදරුවන් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ඔහුගේ අධීක්ෂණය යටතේ මාස 4 ක්ම නොමේරූ ලදරු ඒකකයේ දැඩිසත්කාර අංශයේ පරීක්ෂාවන්ට ලක්වෙමින් ගතකල ඇයට සිය නිවසට යාමට අනුමැතිය ලැබුනි.

සත්‍ය වශයෙන්ම මෙතරම් නොමේරූ දරුවකුගේ රුධිර පීඩනය කොපමණ දැයි අප නොදැන සිටියෙමු.යි ඔහු තවදුරටත් පැවසීය.
ඒ වන විට වෛද්‍ය මතය වී තිබුනේ මවු කුස තුල සති 23ක් පමණක් ගත කල හා 400g ට අඩු බරක් සහිතව සජීවී දරු උපතක් සිදුවිය නොහැකි බවයි.70%ක් පමණ සති 23ක් වයසැති දරුවන් උපතේදීම මිය යාම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බව ඔවුහු පවසති.තවද නොමේරූ ලෙස උපත ලබන දරුවන්ගෙන් බහුතරයක් නියමිත කාලය සම්පූර්ණව උපදින දරුවන්ට වඩා කායිකව විවිධ දුර්වලතාවන් ඇතිව ඉපදීම සිදුවේ.

මෙම සිදුවීම හේතුවෙන් වාර්තා පොත් අළුත් කිරීමට සිදුවන බව වෛද්‍ය විශේෂඥ Williams Smalling  පවසයි. තවද නොමේරූ දරුවන් සම්බන්ධ දත්ත (standards of viability) නැවත සලකා බැලීමට සිදුවන බවත් ඔවුහු පවසති. කාලයක් තිස්සේ වඩාත් දියුණු තාක්ෂණයන් භාවිතයට පැමිණීමත් සමඟ නොමේරූ දරුවන් රැක ගැනීමට හොඳ අවස්ථාවක් උදාවීම ඇත්තටම සතුටුදායක තොරතුරකි.


New Scientist සඟරාව ඇසුරෙනි 

0 comments:

Post a Comment