December 7, 2017

විවිධ ක්ෂේත්‍ර‍ සඳහා ක්ෂුද්‍ර‍ජීවින්ගෙන් ලැබෙන මෙහෙය.

1.ආහාර නිෂ්පාදනයේදි.

යීස්ට්, පෙනිසිලියම්, ලැක්ටොබැසිලස් වැනි ක්ෂුද්‍ර‍ජීවින් උපයෝගි කරගනිමින් ආහාර හා බීම වර්ග නොයෙකුත් රසායනික විපර්යාසයනට ලක් කළ හැක.
පාන්, බනිස්, නිෂ්පාදනයේදි තිරිගු පිටි හා හාල් පිටි ජලය සමග එකතු කිරිමේදි පැසවුම්කාරකයක් වන යීස්ට් දිලිරය පිටි පිපිම සඳහා එකතු කරයි.එම දිලිරය පිටිවල ඇති ග්ලුකෝස් බිහෙලමින් නිර්වායු ස්වසනය සිදුකරන අතර පිටවන Co2  වායුව නිසා පිටිගුලිය තුල වායු අවකාශ මතුවේ.එවිට පිටි පිපිම සිදුවේ.
තවද වයින් හා මධ්‍යසාර නිෂ්පාදනයේදි ඒකසෛලික දිලීරයක් වන යීස්ට් මගින් සීනි පැසිම සිදු කරයි.
මුදවපු කිරි හා යෝගට් නිපදවනුයේ කිරි මත ලැක්ටෝබැසිලස් නම් ක්ෂුද්‍ර‍ජීවි විශේෂය වැඩීමට සැලැස්වීමෙනි.

02. ඖෂධ නිෂ්පාදනයේදි.
වෛද්‍ය විද්‍යාවේදි ක්ෂුද්‍ර‍ජීවින් හරහා  සිදුවන මෙහෙය අතිමහත්ය.බොහෝ බැක්ටිරියා හා දිලිර උපයෝගි කරගෙන ප්‍ර‍තිජීවක,එන්නත්,ඉන්සියුලින්,වර්ධක හෝමෝන හා ඖෂධ නිපදවීමේ හැකියාව පවති.පෙනිසිලියම් දියරයෙන් නිෂ්පාදනය කරන පෙනිසිලින් හා ස්ට්‍රෙප්ටොකොකස් බැක්ටිරියාවන්ගෙන් සාදන ස්ට්‍රෙප්ටොමයිසීන් ප්‍ර‍තිජීවක සහා උදාහරණ වේ.

 තවද මෙම පෙනිසීලින් සිිලිස් සහ ගොනෝරියා යනාදි අසාදන සහා ඖෂධ ලෙස භාවිතා කරන අතර ස්ට්‍රෙප්ටොමයිසීන් ක්ෂය රෝගය සහා ඖෂධ ලෙස යොදා ගනි.තවද ක්ලෝරොමයිසීන්  නැමති ක්ෂුදුජීවි විශේෂය උණසන්නිපාතය සහාද ටෙට්‍රාසයික්ලීන්නැමති ක්ෂුදුජීවි විශේෂය නියුමොනියාව සහාද එරිග්‍රොමයිසීන්නැමති ක්ෂුදුජීවි විශේෂය උගුර සම්බන්ධ රෝග සහාද භාවිතා කරන ඖෂධ සදහා උදාහරණ ලෙස දැක්විය හැක.

03.නොයෙකුත් කර්මාන්ත සහා ක්ෂුද්‍ර‍ජීවින් -
Aspergillums Niger, Bacillus Subtilis  වැනි ක්ෂුද්‍ර‍ජීවින් උපයෝගි කරගෙන අම්ල වර්ග,එන්සයිම,විවිධ වර්ණක නිෂ්පාදනය සිදුකරයි.

04. කෘෂිකර්මාන්තයේදි හමුවන ක්ෂුද්‍ර‍ජීවින්
ඈත අතිතයේ සිටම Rhizobium, Bacillus, Azotobacter වැනි ක්ෂුද්‍ර‍ජීවින් කෘෂිකර්මාන්තය සඳහා බෙහෙවින් උපකාරි විය. ක්ෂුද්‍ර‍ජීවින්  හා කෘෂිකර්මාන්තය ස්වභාවදර්මයෙන්ම බැි පවති.පස සාරවත් කිරිම, කොමපෝස්ට් නිෂ්පාදනය මැරුණු ශාක හා සත්ව කොටස්  මතට ජීරන එන්සයිම දමා දිරාපත් කිරිම බැක්ටීරියා හා දිලීර මගින් සිදුකෙරේ. ශාකවර්ධනයට උපයෝගි වන කොම්පෝස්ට් යනු මෙම ක්ෂුද්‍ර‍ජීවින් මගින් අර්ධව ජීරණය වු මළ කාබනික ද්‍ර‍ව්‍ය වේ.මෙම කෙමේපෝස්ට් තවදුරටත් විශේෂිත බැක්ටිරියාවක් මගින් ජීරණය වී මීතේන් වායුව නිෂ්පාදනය කරයි. ක්ෂුද්‍ර‍ජීවින්ගෙන් තොරවු කෘෂිකර්මයක් සිතාගත නොහැකිය.වගා අස්වනු වැඩිකර ගැනීමට ක්ෂුද්‍ර‍ජීවින් හරහා සිදුවන මෙහෙය අතිමහත්ය. ක්ෂුද්‍ර‍ජීවින් වැඩිපුර භාවිතයෙන් රසායනික කෘමිනාශක, වල්නාශක භාවිතය අවම කල හැක.

05. පරිසරයේ හමුවන ක්ෂුද්‍රජීවින්

Pseudomonas, Alcanivorax වැනි ක්ෂුද්‍ර‍ජීවින් හරහා තෙල්, පෙට්‍රෝලියම්, ප්ලාස්ටික් වැනි විෂ රසායනික ද්‍ර‍ව්‍ය වියෝජනය කිරිමේ හැකියාවක් ඇති බව නවතම පර්යේෂණ වලින් ඔප්පු වී ඇත.තවද පරිසරයේ හමුවන මෙම ක්ෂුද්‍ර‍ජීවින්ගේ ක්‍රියාකාරිත්වය තුලින් කාබන් හා නයිට්‍ර‍ජන් වැනි ශක්ති ප්‍ර‍භව වායුගෝලයට නිදහස් වේ.
පරිසරයේ හමුවන ඇල්ගි මෙන්ම ප්‍ර‍භාසංස්ලේෂක බැක්ටීරියාද ආහාරදාමයේ පැවැත්ම සදහා අමතර කාබෝහයි‍‍ඩ්‍රේට සපයයි.ප්‍ර‍භාසංස්ලේෂණය හරහා  අතුරුඵලයක් ලෙස නිපදවන ඔක්සිජන් වාතය පිරිසිදු කිරීමටත් කාබන්ඩයොක්සයිඩ් පරිසරයෙන් ඉවත්කිරීමටත් උපකාරි වේ.

06. වායුගෝලයේ හමුවන ක්ෂුද්‍ර‍ජීවින්
අපේ ශරිරයෙන් ඉවත් වන මැරුණු සෛල ජීරණය කිරිමේ හැකියාව මොවුන් සතුය. නැතහොත් අපට සිදුවනුයේ මැරුණු සෛල ගොඩගසාගෙන ඇවිදීමටය.

07. සහජීවනයෙන් ජීවත් වන ක්ෂුද්‍ර‍ජීවින්
ලයිකන, Mycorrhizae වැනි ක්ෂුද්‍ර‍ජීවින් මේ සදහා නිදසුන් ලෙස දැක්විය හැක.
ගවයන් , බැටළුවන් ආදි ශාඛ භක්ෂක සතුන්ගේ  ආමාශයේ කුටීර තුල බැක්ටීරියා සිටින අතර එම බැක්ටීරියා , දිලීර හා ප්‍රොටසෝවා මගින් ශ්‍රාවය කරන සෙලියුලේස් එන්සයිමය මගින් ඔවුන් ආහාරයට ගන්නා ශාඛ කොටස්වල සෛල බිත්තියේ පවතින සෙලියුලෝස් ජීරණය සිදුකරන අතර එමගින් නිපදවන ග්ලුකෝස්  එම සතුන් හට විශාල ශක්තියක් ලබාදේ.
මිනිස් සිරුර තුල පවතින සෛල සංඛ්‍යාව මෙන් දහගුණයකට වැඩි ක්ෂුද්‍ර‍ජීවින් සංඛ්‍යාවක් සිරුර තුල හමුවේ. ඔවුන්ද සහජීවනයෙන් සිරුර තුල ජීවත්වේ.සමහර බැක්ටීරියා මගින් සිරුර තුලට ඇතුළුවන රෝග බෝකරන අහිතකර බැක්ටීරියාවන් විනාශ කරයි.තවද ආහාරමාර්ගයේ ජීවත්වන සමහර බැක්ටීරියා බයොටීන්, විටමින් K , සහ ‍‍ෆෝලික් අම්ලය වැනි ශරීරයට හිතකර රසායනික ද්‍ර‍ව්‍යය නිෂ්පාදනයට උපකාරි වේ.
පසෙහි ජීවත්වන සමහර  බැක්ටීරියා හා දිලීර ශාඛ මුල් සම සබතා ගොඩනගා ගනි. ඒ හරහා පසට අත්‍යවශ්‍ය නයිට්‍ර‍ජන්  සහ පොස්පරස් ලබාදේ.

08. ජාන තාක්ෂණ ක්‍රියාවලිය සහා ක්ෂුද්‍ර‍ජීවින් යොදාගැනිම.
ජාන තාක්ෂණ ක්‍රියාවලිය මගින් ජීව ඩීසල්, ජීව මධ්‍යසාර යනාදි ජීව ඉන්ධන නිෂ්පාදනය සහා ඇල්ගි වැනි ක්ෂුද්‍ර‍ජීවින් යොදාගනි.
ජාන තාක්ෂණ ක්‍රියාවලියට යොදා ගන්නේ බැක්ටීරියා වර්ගය.ප්‍ර‍ධාන වශයෙන්ම දියවැඩියාව පාලනය කරන ඉන්සියුලින් වැඩිපුර හා වඩා ඉක්මනින් සාදා ගැනිමට වේගයෙන් ගුණනය වන බැක්ටීරියාවල පවතින ප්ලැස්මීඩ නම් වු න්‍යෂ්ටික අම්ලවලට ඉන්සියුලින් නිපදවීමට හේතුවන ජානය ඇතුළු කර ඒ හරහා ඉන්සියුලින් නිෂ්පාදනය කරගැනීම සිදුකරයි.
තවද ජාන තාක්ෂණ ක්‍රියාවලිය  හරහා වර්ධක හෝමෝන නිෂ්පාදනය හා ඖෂධ බෙදාහැරිම සහාද  ක්ෂුද්‍ර‍ජීවින් යොදා ගනී.

09. පරිණාම ක්‍රියාවලියේදී සහය වන ක්ෂුද්‍ර‍ජීවින්.
පරිණාම ක්‍රියාවලියේදි ක්ෂුද්‍ර‍ජීවින්හරහා ලැබෙන මෙහෙය ඉමහත්ය. අපි සැවොම මෙලෙස ජීවත් වනුයේ Cyanobacteria නැමැති ක්ෂුද්‍ර‍ජීවියාගේ ක්‍රියාකාරිත්වය හේතුවෙනි. එම ක්ෂුද්‍ර‍ජීවින් අප හරහා අතීතයේ පෘතුවියේ පැවති නිර්වායු ස්වසන තත්වයන් ප්‍ර‍භාසංස්ලේෂණ ක්‍රියාවලිය හරහා ස්වායු ස්වසන තත්වයට පත්කරමින් සිදුවු පරිවර්තනය මුථ ලොවම වෙනස් කිරිමට හේතු විය.මෙය නොයෙකුත් ජීවින්ගේ පරිණාමයට හා පෘතුවියේ ජීවින්ගේ පැවැත්ම සහා උපකාරි වන පරිසර පද්ධතියක් බවට පරිවර්තනයට හේතුවිය.

10. අපද්‍ර‍ව්‍ය ප්‍ර‍තිචක්‍රීකරණය සහා සහය වන ක්ෂුද්‍ර‍ජීවින්.
ගෘහස්ථ හා කර්මාන්ත ශාලා හරහා පිටවන අපද්‍ර‍ව්‍ය ප්‍ර‍තිචක්‍රීකරණය සදහා ක්ෂුද්‍ර‍ජීවින්ගෙන් වන මෙහෙය අතිමහත්ය.

උපුටාගැනීම - https://www.quora.com/What-are-10-ways-in-which-microorganisms-are-useful

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

1 comments:

Post a Comment