December 27, 2017

හෘද රෝගවලින් මිදෙන්න ඇපල් කන්න.

 

පළතුරු  අතර එය කාන්තාවන්ට වඩාත් ගුණදායි පළතුරක් ලෙස නව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. දිනකට ඇපල් ගෙඩි දෙකක් ආහාරයට ගන්නා විට හදවත් රෝගවලින් ආරක්ෂා වන්නට හැකි බව පර්යේෂකයෝ කියා සිටී. ඒ ඇපල් ආහාරයට ගත් විට කාන්තා සිරුරවල මේද මට්ටම පහළ බසින නිසාය.ඇපල් ආහාරයට ගැනීමෙන් ලේ වල මේද මට්ටම පහළ බසින්නේ පශ්චාත් ඔසප් නතරවීමේ වයසේ පසුවන කාන්තාවන්ගේය. වැඩි වශයෙන් හෘද්‍යාබාධ ඇතිවන්නේ  ඒ වයසේ පසුවන කාන්තාවන්ට බවද සොයාගෙන ඇත.


මාස හයක් ඇපල් එක දිගට ආහාරයට ගැනීමෙන් මේදය කාලයකින් අඩුවන බව කියති. විශේෂයෙන්ම අහිතකර මේදය ලෙස හඳුන්වන LDL විශාල වශයෙන් අඩුවන බවද සොයාගෙන ඇත.
මේ බව සොයාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ ෆලොරීඩා ප්‍රාන්ත සරසවියේ පර්යේෂකයන් පිරිසකි.

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ සියයට 45 ක් හෘද රෝග වලින් හෝ හෘද්‍යාබාධ වලින්  පෙළෙන අතර පශ්චාත් ඔසප් නතර වන වයසේ කාන්තාවන්ගෙන් වැඩිපිරිසකගේ මරණයට හේතු වී ඇත්තේද එයයි.
ඔසප් නතර වන වයස දක්වා කාත්තාවන්ට හෘද රෝග ස්වභාවිකව නතර කරගැනීමේ හැකියාවක් ඇති බව පෙනී ගොස් ඇත. ඒ වයසේදී මේ රෝගී බව පෙනෙන්නේ පිරිමින්ගෙන් තුනෙන් එකකට පමණි. එහෙත් පර්යේෂණ කණ්ඩායම ඒ සඳහා ඔසප්  නතර වන වයසේ කාන්තාවන් 160 දෙනෙකු යොදා ගෙන ඇත.ඉන් කාන්තාවන් 75 දෙනෙකුට දිනකට වියලි ඇපල් ග්‍රෑම්75 බැගින් ආහාරයට ගන්නට ලබා දී ඇත. ඒ ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණයේ ඇපල් ගෙඩි දෙකකට සමානය.

මේ හා සැසදනු කාන්තාවන්ට එම ප්‍රමාණයේම වියළි මුද්දරප්පලම් ආහාරයට ගන්නට ලබා දී ඇත. පර්යේෂණයට දායක වු සෑම කාන්තාවක්ම මාස තනකට වරක් බැගින් වසරක් පුරා ලේ පරීක්ෂාවට භාජනය කෙරිණි.

මාස තුනකට පසු ඇපල් ආහාරයට ගත් කාන්තාවන්ගේ සමස්ත මේද මට්ටම 9% කින් LDL මේදය 16% කින් අඩු වී ඇති බව ඔප්පු වී ඇත  .

මාස 06 කට පසු මේදය මට්ටම කාන්තාවන්ගේ තවත් පහළට වැටී ඇති බව ඔප්පු වී ඇත.  ඒ අනුව ඔවුන්ගේ සමස්ත මේදය මට්ටම 13% ක් දක්වා , LDL  මේදය 24% කින් පහළ වැටී ඇත.ඉන්පසු මාස 06 තළ තව‍දුරටත් වියළි මුද්දරප්පලම් ආහාරයට ගත් කාන්තාවන්ගේ මේදය මට්ටම ඉතා මද වශයෙන් පහළට වැටී ඇතිමුත් එය වියළි ඇපල් ආහාරයට ගත් කාන්තාවන්ගේ තරම් අඩු වී නැත.

බ්‍රිතාන්‍ය පාරිභෝගිකයෝ වසරකට ඇපල් ටොන් ලක්ෂ   5කට ආසන්න ප්‍රමාණයක් ආහාරයට ගනිති. මේ අතර 2009 පෝලන්ත පර්යේෂකයන් පිරිසක් කළ පර්යේෂණයකින් ඔප්පු වී තිබුනේ දවසකට ඇපල් ගෙඩි තුනක් ආහාරයට ගැනී‍මෙන් වැඩිහිටියන්ගේ බඩවැල් පිළිකා අවදානම අඩකින් අඩු වන බවයි. මැදිවියේ පිරිමින් අඩු  වශෙයන් දිනකට එක ඇපල් ගෙඩියක් ආහාරයට ගතහොත් ඔවුන්ගේ පෙනහළු ක්‍රියාකාරිත්වය ඉහළ යනු ඇති බව ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් රොහලේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන ඇත.

නවයුගය  සගරාව හා අන්තර්ජාලය ඇසුරින්

0 comments:

Post a Comment