December 29, 2017

Digital pen ( ඩිජිටල් පෑනක්)



පරිගණක ලෝකයේ ඉතා ජනප්‍රිය වන උපාංගයක් ලෙස digital pen හදුන්වාදිය හැක. ලියන සෑම දෙයක්ම මතක තබාගත හැකි උපාංගයක් ලෙස සරලව digital pen හදුන්වා දියහැක .

කුඩා තිත් මිලියන ගණනකින් සමන්විත මුද්‍රණ රටාවක් සහිත  වූ විශේෂිත වූ කඩදාසි වර්ගයක් මෙම පෑනෙන් ලිවීම සදහා අවශ්‍ය වන  අතර එය සාමාන්‍ය කඩදාසියක් සේ පෙනේ.

මෙහි පෑන් තුඩට පසෙකින් කුඩා කැමරාවක් සවිකර ඇත.කඩදාසිය මතට එල්ල කරන අධෝරක්ත කිරණ ධාරාවක් මගින් කඩදාසියේ ඇති තිත් හදුනා ගත හැකිසේ දීප්තිමත් කෙරේ. මෙම තිත් රටාව මතින් පැන ගමන් කරන විට  පෑනේ පිහිටුම ගැන රූපයක් කැමරාවේ සටහන්වේ. එසේ ලැබෙන සටහන පෑන තුල ඇති ප්‍රොසෙසරය මගින් සටහන් කරගනී. මෙලෙස ලැබුන සටහන පැන තුල ඇති මතකයෙහි තැන්පත් කරගනී.

පෑනෙන් ලියන දේ එවලේම දර්ශනය වීම සදහා පැන තුල රදවා ඇති කාට්‍රිජයක් මගින් තීන්ත කඩදාසිය වෙත එවනු ලබයි. එමගින්  ලියන දේ සාමාන්‍ය පෑනකදී  මෙන් එවෙලේම දර්ශනය වෙයි.

මෙලෙස ගබඩා කරගත් දත්ත පරිගණකයකට සම්බන්ධ කිරීමෙන් හෝ බ්ලුටුත්  තාක්ෂණයෙන් වෙනත් ඕනෑම  බ්ලුටුත්  තාක්ෂණය යොදා ගන්නා උපාංගයකට ඩිජිටල් ආකාරයට යැවිය හැක.

0 comments:

Post a Comment