December 29, 2017

අම්ල වැසි

   
සාමාන්‍යයෙන් වැහි වතුරේ යම් ආම්ලික බවක් ඇත. වායුගෝලීය  කාබන් ඩයොක්සයිඩ් ජලයේ  දියවී සෑදෙන කාබනික අම්ල නිසා වැහි වතුරේ යම් ආම්ලිකභාවයක් ඇතිවේ . නමුත් අම්ල වැස්සක් ලෙසින් හඳුන්වන්නේ අධික ලෙස ආම්ලිකභාවයෙන් යුතු වැස්සකට. මෙවැනි අම්ල වැසි මගින් වගා හානි වීම, පානිය ජල පද්ධතිය දුෂණය වීම, ගොඩනැගිලි වලට හානි වීම  වැනි මිනිසුන් ප්‍රමුඛ ජිවින්ගේ ජිවිතයට බරපතල හානි ගෙනදෙන විපාක ඇතිවේ. කෙසේ වෙතත්, මේ සියල්ලම ඇති වී තිබෙන්නේ මිනිසුන්ගේම ක්‍රියාකලාපය නිසා ඇතිවන පරිසර දුෂණය හේතුවෙනි.

අපගේ ජිවන රටාව සහ බලශක්ති පරිබෝජනය අතර ඇත්තේ  ඉතාම සමීප සබඳතාවයකි. අපගේ එදිනෙදා ජිවිතයේ බොහොමයක් කටයුතු වලට බලශක්ති අවශ්‍ය වේ. මේ බලශක්ති නිෂ්පාදනය කිරීමට බොහෝ විට භාවිතා කරන්නේ පොසිල ඉන්ධන.

පොසිල ඉන්ධන දහනයේදී සල්ෆර් ඩයොක්සයිඩ් (SO2), නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx) වැනි විෂ වායු විමෝචනයවේ. මෙම විෂ වායු අහසේ තිබෙන වැසි ජලය සමග මුසුවීම නිසා අම්ල වැසි ඇතිවේ. මෙම ක්‍රියාවලිය පියවර හතරකින් පැහැදිලි කෙරේ.

පියවර1
විදුලි බලාගාර, කර්මාන්ත ශාලා, රථවාහන ආදියෙන් පිට කෙරෙන විෂ වායුන් වායුගෝලයට මුදා හැරිම
පියවර2
සුළං මගින් මෙම විෂ වායු අහසේ  ඇති වැසි වළාකුළු වෙත රැගෙන යාම.
පියවර3
විෂ වායු වලාකුළු වල ඇති ජාල වාෂ්ප සහ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර අම්ල වර්ග සෑදීම.
පියවර4
අම්ල සහිත වැසි වලාකුළු මගින් අම්ල වැසි  වැටීම.

විද්‍යා හා තාක්ෂණ නිළධාරි-  හික්කඩුව

0 comments:

Post a Comment