December 29, 2017

අකුණු සහ ජංගම දුරකථන භාවිතය.

අකුණු ඇති විට ජංගම දුරකථන අක්‍රිය කිරිමට බොහෝ දෙනා පෙළබෙති. එහෙත්, අකුණු පවතින අවස්ථාවක ජංගම දුරකථනය ක්‍රියා විරහිත කිරීම අනවශ්‍ය දෙයකි.  ජංගම දුරකථනය භාවිතා කරමින් සිටියද අනතුරුදායක නැත. එහෙත් ස්ථාවර දුරකථන භාවිතයෙන් වැලකිය යුතුය. ජංගම දුරකථනයට වඩා මිනිස් සිරුරට අකුණු ආකර්ශනය වීමේ හැකියාව වැඩිය. මෙ නිසා අකුණු ඇති විට ජංගම දුරකථන භාවිතයෙන් වැළකීම අවශ්‍ය දෙයක් නොවේ.

අකුණු පිළිබඳ සාමාන්‍ය ජනතාවට බොහෝ දුරට අදාල වන්නේ අතුණු වලින් ජීවිතය හා දේපළ ආරක්ෂා කරගන්නේ කෙසේද  යන කාරණයි.නමුත් අකුණු පිළිබඳ වඩා පුළුල් ලෙස අවධානය යොමු කිරීමට හේතුවන තවත් කාරණා ඇත.ස්වීඩනය වැනි රටවල සමස්ථ දුම්රිය ධාවන පද්ධතියම විද්‍යුතය හා සම්බන්ධ සංඥා ආදි සියල්ල විදුලිය මගින් පාලනය කරයි අකුණු සහිත අවස්ථාවක එම සංඥාවන්ට බාධා ඇති වේ. යම්  හදිසි අවස්ථාවකදි මහජනයාට අනතුරු ඇගවීම සදහා නළ පද්ධතියක් මෙවැනි රටවල පිහිටුවා ඇත.

අනතුරක් ඇති විට නිවසේ රැදි සිටින ලෙස දැන්වීම සදහා මේ නළා ශබ්ද කිරීම සිදුවේ. අකුණු ඇති අවස්ථාවකද මේ අනතුරු ඇගවීමට නළා ක්‍රියාත්මක වීම සිදුවේ. ගිනි නිවීමේ ඒකක වෙතට හ දසි ගින්නක් ඇති වූ විටක මෙවැනි නළා ක්‍රියාත්මක වී අදාළ සංඥාව ලබා දේ. එහෙත් අකුණු අවස්ථාවක ගින්නක් නැතිව වුවද  මේ නළා ක්‍රියාත්මක වීමට පටන් ගනි. ඇතැම්විට පැයක් තුළ එවැනි නළා හැඩවීම් සංඥා 2000ක්  පමණ සිදු වූ බවට වාර්තා විය. එහෙත් ගින්නක් ඇතිව නොතිබුණු අතර අකුණු නිසා විදුලි පද්ධතියට ඇති වූ බාධා එම නළා හඩ නිකුත් වීමට හේතුවයි.  මෙවැනි අවස්ථාවක ගිනි නිවීමේ අංශ මුහුණ දෙන දුෂ්කරතාව බරපතළය.
kමුත් , රට දියුණු වන විට යටිතල පහසුකම් නැංවෙන විට අකුණු ගැන මීට වඩා වෙනස් විය අන්දමින් සිතන්නටද අප තුළ පෙළවීමක් ඇති වේ. ස්වීඩනය වැනි රටවල ආණ්ඩු අකුණු නිසා විය හැකි හානි අවමකරගැනිම සදහා වූ පර්යේෂණවලට  මුදල් වැය කරන්නේ මේ කියන යටිතල පහසුකම් වලට ළංවිය හැකි හානි වළක්වා ගැනීමටයි.ලංකාව හා එවැනි රටවල් අතර වෙනස එයයි. අනාගතයේදි ලංකාව ද ඒ රටවල් අද සිටින තැනට ලගාවනු ඇත.

අදටත් අකුණු පිළිබද අප හදාරමින් සිටියද එදිනට එසේ හදාරන්නේ ඇයිද යන කාරණය වෙනස් වනු ඇත. එය කාලය අනුව හා රට දියුණු වන විට සිදුවන දෙයකි. නිදසුනක් ලෙස දැනටමත් බොහෝ නි‍වෙස්වල පරිගණකයක් තිබේ. තව අවුරුදු  පනහක් යන විට සෑම නිවෙසක/නම පරිගණකයක් තිබීම විය හැක්කකි.  එවිට අකුණු අවස්ථාවක මේවාට විය හැකි අලාභ හානිද වැඩිය. එනම් රටක් දියුණු වන විට විය හැකි අලාභ හානිද ඉහළ යාම සාමාන්‍ය තත්වයකි. රටක් භෞතික වශයෙන් එපමණ නොදියුණු නම් කළ යුතුව ඇත්තේ මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම පමණි. එහෙත් රටක් දියුණු වන විට මිනිස් ජීවිත පමණක්  නොව රටේ සෙසු යටිතල පහසුකම්ද ආරක්ෂා කිරීමට සිදුවන බව මේ අනුව පෙනී යායුතුය.

අකුණු පිළිබද දියුණු රටවල්ද  තවමත් හදාරමින් සිටින්නේ ඇයිද යන කාරණයට පිළිතුරත් එයමය. 

නවයුගය සගරාව හා අන්තර්ජාලය ඇසුරෙනි

0 comments:

Post a Comment