December 21, 2017

සුවපත් දිවියකට දැණුවත් වෙමු..




  අඩසියවසකට ආසන්න කාලයක් වස විස සහිත ආහාර අනුභව කළ අපි ජාතියක් ලෙසම බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් සිටිමු. කොළඹට තදාසන්න ප්‍රදේශවල ජනගහනයෙන් 59% කට දියවැඩියා අවධානම ඇති බව මෑතක පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. වැඩිහිටි ජනගහනයෙන් 40% ක් අක්මාවේ තෙල් තැන්පත් වීම (fatty liver) නැමැති තත්වයකට ලක්ව ඇත.දරුවන්ගෙන් 15% කටද මෙම තත්වය ඇත. මෙමගින් පිරෝසිස්, අක්මා පිලීකා, දියවැඩියා, හෘදාබාධ හා වෙනත් රෝග වලට පාත්‍ර වේ. ගොවි ජනතව බරපතල ලෙස මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වෙමින් පවති.
          වකුගඩු රෝගීන්ගේ පරීක්ෂාවලදී මුත්‍රාවල කෘෂි රසායන අවශිෂ්ඨ පවතින බව සොයාගෙන ඇත. රසායනික ගොවිතැනින් නිපදවෙන දෙමුහුන් හා ජාන වෙනස් කළ ආහාර අප සාම්ප්‍රදායික ආහාරවලට වඩා පෝෂණ හා ඖෂධ ගුනයෙන් හීනවන අතර රෝග නිවාරණ ගුණයද අඩුය. තවද පාරම්පරික හා ඖෂධීය කුළුබඩු ඇතුලු පාරම්පරික රස හා වරණකාරක වලින් ඈත් වීමත් ඒ වෙනුවට කෘතිම රසකාරක හා වර්ණකාරකවලට හුරු වීමත් නිසා විශේෂයෙන් කුඩා දරුවන් වකුගඩු රෝග වලට මෙන්ම මානසික රෝගවලටද ගොදුරුවන බව සොයාගෙන ඇත.

ජලයේ අවශ්‍යතාව
·        රුධිරයේ 92%
·        O2,  ආහාර ගෙන යයි
·        අපදුව්‍ය වකුගඩු අක්මාව ආදියට ප්‍රවාහණය කර පිරිසිදු කරයි
·        ආහාර දිරවීම ජලීය මාධ්‍යයේ සිදුවේ
·        උෂ්ණත්වය ස්ථාවරව පවත්වාගැනීමට අවශ්‍ය වේ
·        කම්පන දරාගැනීමේ හැකියාව නිසා ගැටීමකදී ආරක්ෂාව සපයයි
·        අපද්‍රව්‍ය බැහැර කිරීමට වැදගත්
·        මුඛය දිව ඇස් ආදිය සජලනය වී තිබීමට වැදගත් වේ

ජලය පානය
රාත්‍රියට        200-250 ml පමණ
උදේට                   500 ml පමණ
පිහිනන හා ජලය සම්බන්ධ කටයුතු වලට කලින්
ආහාර ගැනීමෙන් පසු

දිගු කාලීන බෝ නොවන රෝග
·        පිලිකා හා අනෙකුත් රෝග ගැහැණු අයට වැඩිවෙමින් පවතී
·        පිරිමි 24% ගැහැණු 40% තරුණ 8%
·        ආදායම, උගත්කම, වැඩිවන විට රෝගයද වැඩි වේ

මන්ද පෝෂණය                                   අධිපෝෂණය
ලදරුවන්      16.6%                            ලමුන්‍ (නාගරික)     15%
ළමුන්           14.7-28.8%                    ගැහැණු (15-45)     31%
ගැහැණු (15-49)     16.2%

රක්තහීනතාවය
ළදරු            6.5%
ළමුන් 20.9-22.3%
ගැහැණු        30.3-31.6%

මුත්‍රාවල රසායනික හමුවීම
Glyphosate   65%
2, 4, D            33%
කෘෂි රසායන නිසා
·        සිථුලභාවය ඇති වීම
·        මනෝ වික්ෂිප්තභාවය ඇති වීම
අක්මාව
·        තෙල්, ප්‍රෝටීන, සීනි, විෂ නැති කර ප්‍රතිශක්තිය ඇති කරයි
·        මෙම යාන්ත්‍රනය හරි හැටි සිදු ළුීමට ක්ෂුද්‍ර පෝෂණය (විටමින්, ඛනිජ, ශාඛපෝෂ) අවශ්‍යය
·        අක්මාවෙන් විෂ නොනැසී ඉදිරියටම යාම නිසා වකුගඩු ආදිය හානියට පත් වේ. (අක්මාව හරහා රුධිරය ගමන්කර පසුව අනෙක් අවයව වලට යයි)
·        ඔක්සිකාරක විෂ ද්‍රව්‍ය නැසීමට ප්‍රතිඔක්සිකාරක හැකි වීමෙන් පටක හානි වී වැඩි පුර වයස පෙනේ
පාරම්පරික සහල්වල
·        තන්තු වැඩි නිසා සීනි උරා ගැනීම අඩු කරයි
·        පිලිකා නාශක ගුනය ඉහලයි
·        උණ, හන්දි ඉදිමුම අසාත්මිකතාව ආදිය වැලකීමේ ගුනය ඉහලයි
·        සමහර සහල්වල ගුණය bruten මෙන් 11 ගුණයක් පමණ ඇත

තණසහල්     අවශ්‍යතාව ඇමයිනො අම්ල, ප්‍රෝටීන, විටමින් ඉතා වැඩියි
අමු               තන්තු 45 ගුණයක් වැඩිය, තඹ 20 ගුණයක් වැඩිය
මෙනේරි       P දෙගුණයක් වැඩිය
                   යකඩ 10 ගුණයක් වැඩිය
                   Mg දෙගුණයක් වැඩිය
                   Vit හත් ගුණයක් වැඩිය
                   ඇසිටයිල් කෝලික් ඉතා වැඩියි
කුරක්කන්     40 ගුණයක් ca වැඩිය
                   ප්‍රතිඔක්සිකාරක ගුණය තුන් ගුණයකි
                   K ඉතා වැඩිය
ඕලු හාල්       විෂබීජවලින් ආරක්ෂා කරයි (අක්මාව රැකීමට)
අර්තාපල්      salanin    විෂ සුර්යලෝකය සමග ඇති වේ
කුලු බඩු        පෝෂණ , ප්‍රතිඔක්ෂිකාරක, විෂබීජනාශක, පිලීකා නාශක ගුණය අධිකයි
කුලුබඩු ඇඹරීමේදී ක්ෂුද්‍ර පෝෂණ ආහාරයට එකතු වේ
(බ්ලෙන්ඩර් කිරීමේදී කැපීම නිසා ඒවා එකතු නොවේ)

ප්‍රෝටීන ග්ලයිකේෂන් ප්‍රතික්‍රියාව
රුධිරයේ සීනි වැඩිවන විට ප්‍රෝටීන සමග ප්‍රතික්‍රියාකර Advance glycation End products (AGE) හදන අතර ඉන් අතරු ආබාධ ඇති කරයි. සුදු හීනටි,ගොඩහීනටි, මසුරන් හා දික් වී මගින් මෙය ප්‍රත්‍යාවර්ථ කරයි. බට සහල් වර්ග පියයුරු, ආමාශ, ආහාර මාර්ග, පෙනහලු, ගර්භාශ පිළිකා පාලනය කරයි.ඉදිමුම් රෝග වලදී ඇතිවන මුක්ත ඛණ්ඩක   නැති කරයි. ප්‍රතිඔක්සිකාරක බහුලයි. යකඩ ප්‍රමාණය ඉතා වැඩියි.
ü ජාන වෙනස් කිරීමේදී  අවශ්‍ය නියම පෝෂණය නොලැබේ
ü නුසුදුසු ආහාර ගැනීමේදී ආහාර ජීරක ක්ෂුද්‍ර ජීවින් විනාශ වේ
ü ගර්භනී මවකගේ මානසික ආතතිය නිසා ක්ෂුද්‍ර ජීවිනි විනාශ වේ.
ü පිටිකිරි බොන දරුවන්ගේ ආතතිය නිසා ක්ෂුද්‍ර ජීවිනි විනාශ වේ.
ü Antibiotic මගින් ආතතිය නිසා ක්ෂුද්‍ර ජීවිනි විනාශ වේ.

ක්ෂුද්‍ර ජීවින් නැති වීම ප්‍රතිශක්තිය අඩු වේ.

                  විද්‍යා හා තාක්ෂණ නිළධාරී
                  අගුණකොළපැලැස්ස

සංස්කාරක සටහන :
මෙහි පළකර ඇත්තේ කතුවරයාගේ දැක්මකි.

0 comments:

Post a Comment