December 29, 2017

උල්කාෂ්ම

පසුගිය දෙසැම්බර් වලදී මොරොක්කෝවෙන් උල්කාෂ්මයක් හමු වූ අතර එම උල්කාෂ්මයට අඟහරු සම්භවයක් ඇති බව විද්‍යාඥයන් මේ වන විට අනාවරණය කරගෙන තිබේúí අඟහරු මත ජීවයක් සොයන විද්‍යාඥයන් සඳහා මෙය ඉතාමත්  වැදගත් ආරංචියක් වනු නොඅනුමානය. ඉතා කලාතුරකින් සිදුවන අඟහරු සම්භවයක් සහිත උල්කාෂ්ම වැටීම ඇතැම් විට  මිනිසෙකුගේ ජීවිත කාලයටම එක් වරක් විය හැකිය.ඒ නිසා මෙම උල්කාෂ්ම‍යෙහි වටිනාකම එහි බරට සමාන රත්‍රන් කුට්ට්ටියක වටිනාකමටත් වඩා වටිනා වස්තුවක් වනු නොඅනුමානය.එසේම එයින් ලබාගත හැකි තොරතුරු ද  ඊටත් වඩා වටිනාකමකින් යුතු වනු ඇති.

අඟහරු සම්භවයක් ඇති ග්‍රහක තැනීම පිළිබ‍දව විද්‍යාඥයන්ගේ අනුමානය පරිදි  මිලියන ගණනක් තිස්සේ අප සෞරග්‍රහ මණ්ඩලයේ සැරිසරන ග්‍රහකයන් අඟහරු ග්‍රහයා මත ගැටී ඉන් බිහි වන අවශේෂ වලින් මෙම තැනෙන්නට ඇති බවය. මෙම  අවශේෂ පෘතුවි වයුගෝලයට ඇතුල් වී උල්කාපාත ලෙස දැවෙමින් පෘථිවියට කඩා වැටී  ඉතිරි වූ ශේෂය උල්කාශ්ම ලෙස මෙසේ ඉතිරි වී ඇත.

රසායනික වශයෙන් අඟහරු සම්භවයක් ඇති උල්කාශ්මයක් විද්‍යාඥයන් විසින් සොයාගත් පස් වන අවස්ථාව මෙයවේ. පළමු වරට අඟහරු සම්භවයක් ඇති උල්කාශ්මයක්  සොයා ගනු ලැබුවේ 1815 දී ප්‍රංශයේදීය ඉන් පසු පිළිවෙළින්  1865 දී ඉන්දියාවෙන් ද 1911 දී ඊජිප්තුවෙන් සහ 1912 දී නයිජීරියාවේ දීද  මෙයාකාරයෙන්ම උල්කාශ්ම සොයාගනු ලැබීය.

අලුතෙන්ම සොයාගත් උල්කාශ්මයේ විශේෂත්වය වන්නේ කලින් සොයා ගත් අනෙක් අඟහරු උල්කාෂ්ම පෘතුවිය මත දිගු කාලයක් ගත කර ඇතත්  මෙම අලුත්   අඟහරු උල්කාෂ්මය පෘතුවිය මත ගත කර ඇත්තේ ඉතා සුළු කාලයක් පමණක් වීමයි.එම නිසා එය පෘතුවියේ අනෙක් මූලද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කර ඇති කාලය සාපේක්ෂව අඩු වන අතර අනෙක් උල්කාෂ්ම හා සසඳද්දී ඉතා පිරිසිදු තත්වයකින් පවතී. එබැවින් එය උල්කාශ්මයේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඉතා වැදගත් වනු ඇත.


මෙම උල්කාශ්මයේ  ස්කන්ධය රත්තල් 15ක් වන අතර පෘතුවිය මත ඇති මුළු අඟහරු පාෂාණ වල ස්කන්ධය මේ වන විට රත්තල් 240ක් පමණ වේ.

උපුටා ගැනීම Universe Today ඇසුරිනි

W.A.S Jinasoma

විද්‍යා හා තාක්ෂණ නිළධාරි- බෙන්තොට

0 comments:

Post a Comment